මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිEconomic

ඉන්ධන සහනාධාරයට වෙන් කළ රු. බි. 57 ජූනි මාසයෙන් අවසන්....

ලියුවේ Admin
ඉන්ධන සහනාධාරයට වෙන් කළ රු. බි. 57 ජූනි මාසයෙන් අවසන්....

ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 57ක මුදල මෙම ජූනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.


මේ හේතුවෙන් තවදුරටත් මෙම පාඩුව දරාගැනීම දුෂ්කර වී ඇතැයි ද, මීට පෙර මසකට ඩොලර් මිලියන 100-120ක් පමණ වූ ඉන්ධන පිරිවැය පසුගිය මාසයේදී ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ යාම ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට දරාගත නොහැකි බලපෑමක් එල්ල කර ඇතැයි ද ඔහු පවසයි.


ඉන්ධන මිල සංශෝධනය කළද, තවමත් සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් ජනතාව උපරිමයෙන් ඉන්ධන පරිභෝජනය සීමා කළ යුතු බව සංස්ථාවේ සභාපතිවරයා තව දුරටත් කියා සිටී. 


මේ වන විට ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 536ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 407කට බව පවසන සභාපතිවරයා, මේ සඳහා රජය රුපියල් 100ක මුදලක් දරන අතර, ඉන් පසුවද රජයට රුපියල් 29ක පාඩුවක් සිදුවන බව සඳහන් කරයි.


එසේම පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 494ක් වුවද එය රුපියල් 434කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 60ක පාඩුවක් සිදුවන බවද ඔහු අනාවරණය කළේය.

සියලු ප්‍රවෘත්ති — Economic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත
නවතම ප්‍රවෘත්තිEconomic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත

2026 වසරේ මුල් මාස 8 (ජනවාරි සිට අගෝස්තු දක්වා) කාලය තුළ ශ්‍රී ලංකා රජයේ අයවැයෙහි සමස්ත අතිරික්තය (Cumulative Budget Surplus) රුපියල් බිලියන 35.4 ක් ලෙස සටහන් වී තිබේ. මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්…

ජනතාවගේ බදු බර අඩු වෙලාද?
නවතම ප්‍රවෘත්තිEconomic

ජනතාවගේ බදු බර අඩු වෙලාද?

2024 මැතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ පැහැදිලි ප්‍රතිපත්තියක් වන්නේ “අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT”   යන්න ය. දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත්, ලිපිද…

ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?
නවතම ප්‍රවෘත්තිEconomic

ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?

ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන (FDI) ගෙන ඒම, ආර්ථිකය යළි ගොඩනැගීමේදී අතිශය වැදගත් කරුණකි. එබැවින් 2025 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1,057ක FDI ලැබීම නිසැකවම නොසලකා හැරිය හැකි දෙයක් නොවේ. එ…

හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට
නවතම ප්‍රවෘත්තිEconomic

හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට

ව්‍යාජ මත්පැන් බෝතලවල ස්ටිකර් අලවා  තිබීම සම්බන්ධයෙන් නැවත කතා බහක් මතු වී තිබේ. ඒ වෙළඳපොළෙහි අලෙවිය සඳහා තිබූ හොර මත්පැන් බෝතල්වල  ආරක්ෂිත ස්ටිකර් අලවා තිබෙන බවට අනාවරණය වී ඇති නිසාය. …