මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිEconomic

හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට

ලියුවේ Admin
හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට

ව්‍යාජ මත්පැන් බෝතලවල ස්ටිකර් අලවා  තිබීම සම්බන්ධයෙන් නැවත කතා බහක් මතු වී තිබේ. ඒ වෙළඳපොළෙහි අලෙවිය සඳහා තිබූ හොර මත්පැන් බෝතල්වල  ආරක්ෂිත ස්ටිකර් අලවා තිබෙන බවට අනාවරණය වී ඇති නිසාය. 


මත්පැන් අලෙවියෙන් රජයට  හිමිවිය යුතු බදු ආදායම නියාමනය කිරීමේ අපේක්ෂාවෙන් හඳුන්වාදෙන ⁣ලද මෙම ආරක්ෂිත ස්ටිකරය, හොර මත්පැන් නිෂ්පාදනය කරන්නන් විසින් ලබා ගෙන භාවිතා කරන බවට හිටපු මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් සීඅයිඩීයට පැමිණිල්ලක් කරන ලද බව පසුගිය ආණ්ඩු සමයේ දී වාර්තා විය.


ඒ ආකාරයෙන්ම පසුගිය දිනක දී ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවන ලද මත්පැන් බෝතල් 5575 ක් සමග සැකකරුවකු පොලීසිය විසින් මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 


එසේම පසුගිය ජුනි මාසයේදී මාළඹේ ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වැටලීමකදී මෙලෙස ව්‍යාජ ස්ටිකර් අලවන ලද මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ප්‍රධාන සැකකරු වූයේ යුද හමුදා මේජර්වරයෙකි. පොලිස් ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු ගෙන් ලද තොරතුරුවලට අනුව හෙළි වී ඇත්තේ මත්පැන් බෝතලවල අලවන ආරක්ෂිත ස්ටිකරය ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේදී මුද්‍රණය කර මඩකලපුව ප්‍රදේශයේ නියෝජිතයකු හරහා ලබා ගෙන ඇති බවය. 


මෙම මත්පැන් බෝතල් සඳහා එතනෝල් ලබා ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයකුගේ ලේකම් වරයකුගෙන් බව එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. මත්පැන් බෝතල් අලවා තිබූ එම ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර්, නිත්‍යානුකූලව මෙරටට  ස්ටිකර් සපයන සමාගමෙන්ම ලබා ගත් ඒවාද? එසේත් නැතහොත් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අනීතිකව මුදා හැරි ඒවාද ? යන්න පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. 


කෙසේ වෙතත් අත් අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල්වල ඇති මත්පැන් ව්‍යාජ හා බාල ඒවා වුවද එම බෝතල් වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකරය සැබෑ ස්ටිකර බවට හෙළිවී තිබෙි.  


මෙම ආරක්ෂිත ස්ටිකරය මත්පැන් බෝතල් වල ඇලවීම 2016 වසරේ සිට ක්‍රියාත්මක වන්නකි. එම ස්ටිකරය මුද්‍රණය කර මෙරට ලබා දීමේ ටෙන්ඩරය වසර 10 ක් තිස්සේ හිමි කර ගෙන සිටින්නේ මැඩ්‍රාස් සිකියුරටි ප්‍රින්ටර්ස් ( Madras Security Printers) නම් සමාගමකි.


කෙසේ වෙතත් 2023 සැප්තැම්බර් 07 වැනිදා සුරා බදු කොමසාරිස්වරයා රස පරීක්ෂක වරයාට යොමු කර ඇති ලිපියක් මගින් මෙම ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කර ඇති සමාගම ඒ සඳහා යොදා ගෙන ඇති කඩදාසිය ඒ දිනවල මත්පැන් බෝතල්වල අලවා තිබී අත්අඩංගුවට ගත් ආරක්ෂිත ස්ටිකරයට සමානද නැද්ද යන්න සොයා බලන ලෙස රස පරීක්ෂක වරයාගෙන් ඉල්ලා තිබුණි.


ඒ වන විටත් දිවයින පුරා වැටලීම් වලින් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර අලවා තිබුණු මත්පැන් බෝතල්  සෑහෙන ප්‍රමාණයක් පොලීසිය හා සුරාබදු නිළධාරීන් අත් අඩංගුවට ගැනීම, මේ ඉල්ලීමට මූලික විය. මෙම ආරක්ෂිත ස්ටිකර මෙරට මුද්‍රණය කරන්නේද එය එසේ වන්නේ නම් එම පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බලන ලෙසත් සුරා බදු කොමසාරිස් වැඩි දුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත⁣මේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබු බවද දැන ගැන්මට තිබේ.


ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා ටෙන්ඩරය ලබා ගෙන තිබූ සමාගම මෙරට තෙවන පාර්ශයකට එම ස්ටිකර මුද්‍රණය සඳහා ලබා දී තිබූණ බවටද ඒ දින වල සාකච්ඡා වූ⁣ තොරතුරකි. එම තෙවන පාර්ශවය මෙරට දේශපාලනයේ ප්‍රබලයකු බවට ද චෝදනා නැගිනි.


සුරා බදු දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අලෙවි කර රජයට පාඩු සිදු කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳව රහසිගත විමර්ශනයක් ආරම්භ කරන ලද බව ඒ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. 


එහිදී, එවකට හිටපු සුරාබදු කොමසාරිස් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා අපරාධ විමර්ශන ඒකකය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල කරුණු වාර්තා කරමින් එසේ දන්වා සිටි බවද සඳහන්ය. 


මෙම ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ලැ⁣බෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණයට දන්වා සිටි බවද හෙළිවෙි.    


එහෙත් මෙම පොලිස් විමර්ශන වලට සිදුවූ දෙයක් පිළිබඳව මේ වන විට වාර්තා නොවේ. මේ වන විටත් එම ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීමෙි කොන්ත්‍රාතුව සිදු කරන්නේ මැඩ්‍රාස් සිකියුරටි ප්‍රින්ටර්ස් ආයතනයමය.                                                               

සියලු ප්‍රවෘත්ති — Economic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත
නවතම ප්‍රවෘත්තිEconomic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත

2026 වසරේ මුල් මාස 8 (ජනවාරි සිට අගෝස්තු දක්වා) කාලය තුළ ශ්‍රී ලංකා රජයේ අයවැයෙහි සමස්ත අතිරික්තය (Cumulative Budget Surplus) රුපියල් බිලියන 35.4 ක් ලෙස සටහන් වී තිබේ. මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්…

ජනතාවගේ බදු බර අඩු වෙලාද?
නවතම ප්‍රවෘත්තිEconomic

ජනතාවගේ බදු බර අඩු වෙලාද?

2024 මැතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ පැහැදිලි ප්‍රතිපත්තියක් වන්නේ “අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT”   යන්න ය. දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත්, ලිපිද…

ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?
නවතම ප්‍රවෘත්තිEconomic

ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?

ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන (FDI) ගෙන ඒම, ආර්ථිකය යළි ගොඩනැගීමේදී අතිශය වැදගත් කරුණකි. එබැවින් 2025 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1,057ක FDI ලැබීම නිසැකවම නොසලකා හැරිය හැකි දෙයක් නොවේ. එ…

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට
නවතම ප්‍රවෘත්තිEconomic

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට

ප්‍රංශයේ  ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය (MEDEF International) විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක…