මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

බන්ධනාගාර ගැටුමෙන් මරන 26 යි. රැඳවියන් 19 යි. නිලධාරීන් 7 යි.

ලියුවේ Admin
බන්ධනාගාර ගැටුමෙන් මරන 26 යි.  රැඳවියන් 19 යි. නිලධාරීන් 7 යි.

මීගමුව බන්ධනාගාරයේ  දින දෙකක් තුළ සිදු වූ ගැටුම හේතුවෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි තහවුරු වී තිබේ.  මිය ගිය අතර බන්ධනාගාර රැඳවියන් 19 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනකු සිටින බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම ගැටුමේදී තුවාල ලැබූ ප්‍රමාණය සීයකට අධිකය. මීගමුව දිස්ත්‍රික් රෝහලේ පමණක් තුවාල ලැබූ පුද්ගලයන් 77 දෙනෙකු මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. එම පිරිස අතර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු සිටිති.


මීට අමතරව තවත් පිරිසක් කොළඹ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.


මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පිරිසකට සිදු කළ පහරදීමකින් ඇති වූවා යැයි සැලකෙන මෙම ගැටුමේදී රැඳවියන් අතට අවි ආයුධ ලැබුණේ කෙසේද යන්න පිළිබඳව බරපතල ගැටලුවක්ව පවතී.


මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…