මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය

ලියුවේ Admin
තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය

මේ ශෝකාන්තය වාර්තා වූයේ ⁣ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පෝද්දල පොලිස් ස්ථානයෙනි. ඒ සිදුවීමට විවිධ ආකාරයෙන් අර්ථ කතනයන් සපයන්නට පුළුවන. යමෙකුට එය ඛේදජනක සිදුවීමක් ලෙසද තව කෙනෙකුට එය එසේ සිදුවිය යුතු යැයි විනිශ්චයකට එළඹෙන්නටද හැකිය.


පෝද්දල පොලීසියෙන් ගංජා ළඟ තබා ගැනීමේ වරදකට තරුණයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මේ තරුණයා ගංජා පානයට ඇබ්බැහිවූවෙකු බව පැවසේ. ඔහු පොලිස් අත් අඩංගුවට පත් වන්නේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදීය. පොලිස් අත් අඩංගුවට පත් වූ තරුණයාට අධිකරණයට ඒමට උපදෙස් දී පොලිස් ඇප මත මුදා හැර ඇත. එහිදී ඔහුගේ යතුරු පැදිය පොලීසියේ රඳවා ගෙන තිබේ. 


අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු චෝදනා වලට වැරදිකරු බව ප්‍රකාශ කිරීමට තරුණයා අදහස් කර ගෙන සිටි බව පැවසේ. ඔහුට එරෙහිව ඇති චෝදනා වලට වැරදි කරු බවට ප්‍රකාශ කිරීමෙන් පසුව රුපියල් පනස්දහසක පමණ දඩ මුදලක දඬුවමක හිමි වීම⁣ට ඉඩ තිබුණි.


මේ දඩ මුදල ගෙවීම සඳහා සිය යතුරු පැදිය විකිණීමට මේ තරුණයා ගේ සැළසුම විය. ආර්ථික දරිද්‍රතාවයෙන් දුක් විඳි මේ තරුණයාට ඒ හැර වෙන විකල්පයක්ද නොවීය. එහෙත් ඒ වන විටත් යතුරුපැදිය තිබුණේ පොලිස් භාරයේය. තම යතුරු පැදිය මුදා හැර එය තමන්ට ලබා දෙන ලෙසට එම තරුණයා පොලීසියට කන්නලව් කෙරුවේය. එහෙත් පොලීසියෙන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. තමන්ට පවරා ඇති නඩුවට ඉදිරිපත් වී වැරදිකරු බව පැවසීමෙන් පසුව තීන්දු වෙන දඩ මුදල ගෙවා දැමීමට නොහැකි වුව හොත් තමා බන්ධනාගාර ගත කෙරෙන බවද තරුණයා දැන සිටියේය.


ඒ නිසාම පොලීසියෙන් සිය යතුරු පැදිය මුදා  නොහැරි නිසා තරුණයා සිටියේ දැඩි කමිපනයෙනි. බන්ධනාගාර ගත වීම ගැන ඔහු තුළ දැඩි කනස්සල්ලක් පැවතුණි.

අවසානයේදී මේ තරුණයා ගෙල වැලලා සිය දිවි නසා ගත්තේය. පොලීසියට මේ සිය දිවි නසා ගැනීම එතරම් බරපතල කාරණයක් නොවිය හැකිය. ඒ නිසාම මේ තරුණයාගේ සිය දිවි නසා ගැනීම සමාජයට අවශ්‍ය නැති ගංජා කාරයෙක් ගේ මරණයක් ලෙසට ලඝු කරන්නට බැරි කමක්ද නැත.


එහෙත් අපට ඒ තරුණයාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව ඇත්තේ දැඩි කණගාටුවකි. දඩ මුදල ගෙවා දැමීමට වත්කමක් තිබුණේ නම් මේ තරුණයා තවමත් ජීවතුන් අතර ඉන්නට ඉඩ තිබුණි. ඒ තරුණයාගේ යතුරු පැදිය මුදා නොහැරීම ගැන පොලීසියේ පාර්ශවයට සාධාරණ නීති තර්ක ඕනෑ තරම් තිබිය හැකිය. අපට ඒ ගැන ප්‍රශ්ණ කරන්නටද නොහැකිය. අප මේ සිද්ධිය ගැන අවධානය යොමු කරන්නේ මානුෂිකත්වය හා බැඳෙමිනි.


පොලීසිය දැන් රාජකාරි කරන්නේ කවර හෝ පුරවැසියකු කුදලා ගෙන විත් නඩුවක් පැවරීමේ උන්මාදයෙනි. එහිදී අන් සෑම රාජකාරියකටම වඩා මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියට පොලීසිය මුල් තැන දී තිබේ. සැබවින්ම එය රාජකාරිමය මුල්තැන දීමකට වඩා ඉහළිිින් එන රාජකාරිමය නියෝග පැහැර හැරීමට නොහැකි කම නිසාම  සිදු කෙරෙන බලහත්කාරයක් වී තිබේ. මෙහිදී පොලීසියේ අධිකාරිමය බලහත්කාරයෙන්  විඳවන්නට සිදු වී ඇත්තේ සමාජයේ පහල ඇවරියේ පීඩිත ජනතාවටය.


මෙරට ප්‍රසිද්ධ නළුවෙකු වන විශ්ව කොඩිකාර කොකේන් මිලිග්‍රෑම් එකක් ළඟ තබා ගැනීමේ වරදට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරදකරු බවට පිළිගැනීමෙන් පසු රුපියල් පන්දාහක දඩයකින් දඬුවම් කරන ලද බව අද දින වාර්තා විය. 


අධිකරණයේ ඒ තීන්දුව ගැන අපට ප්‍රශ්ණ කරන්නට නොහැකිය. එහෙත් ⁣මේ රට තුළ දිගින් දිගටම වාර්තා වන හා අසන්නට ලැබෙන මත්ද්‍රව්‍ය නඩු වලට ඉදිරිපත් කරන ⁣බොහෝ අයෙකුට විශ්ව කොඩිකාරට හිමි වූ ඒ වාසනාව හිමි වන්නේ නැත. එවැන්නන් අඩුම වශයෙන් දින දහ හතරකට හෝ වැලිකඩ දැක්කීම පොලීසියේ උත්සාහය වන්නේය.


එහෙත් විශ්ව කොඩිකාර වැනි ප්‍රභූ මට්ටමේ අයවළුන් සම්බන්ධයෙන් පොලීසිය රාජකාරි කරන්නේ නොකර බැරි කමටය. එවැනි ප්‍රභූන් අධිකරණයට රැගෙන යන්නේද දේවාලයකට පූජා වට්ටි රැගෙන යන භක්තියෙනි.


පෝද්දල තරුණයා ගෙල වැල ⁣ලා ගෙන සිය ජිවිතය අහිමි කර ගැනීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවට ගත යුතු බව අපේ විශ්වාසයයි.⁣ මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අපගේ තරුණ පරපුර ගොදුරු විය යුතු නැත.

දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්ති — Defense

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?
නවතම ප්‍රවෘත්තිDefense

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කළ යුතුය. ආණ්ඩුවේ ඒ අපේක්ෂාව ගැන කිසිම ගැටළුවක් නැත. ඒ සඳහා පොලීසියේ මැදිහත් වීමද අතවශ්‍ය රාජකාරියකි. මතට තිත තැබීමේ සැළසුම පොලීසියේ ලොක්කන්ට ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීම…

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…