මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?

ලියුවේ Admin
අංගොඩ පොලිස් ලොක්කා 'අංගොඩ' යැවිය යුතු රෝගියෙක් ?

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කළ යුතුය. ආණ්ඩුවේ ඒ අපේක්ෂාව ගැන කිසිම ගැටළුවක් නැත. ඒ සඳහා පොලීසියේ මැදිහත් වීමද අතවශ්‍ය රාජකාරියකි. මතට තිත තැබීමේ සැළසුම පොලීසියේ ලොක්කන්ට ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතී. 


එහිදී මත් ද්‍රව්‍ය වැටලීම් රාජකාරිය ටාගට් කවර් කිරීමක් දක්වා රූපාන්තරණය වී තිබේ. මේ වන විට රට ⁣වටෙන් වාර්තා වන්නේ ටාගට් කවර් කිරීම සඳහා ඇතැම් පොලිස් නිළධාරීන් සිදු කරමින් පවතින නොසන්ඩාල හා අමානුෂික ක්‍රියාකාරකම්ය. 


ඇතැම් පොලිස් නිළධාරීන් ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත් කිරීමේ අදහසින් පුරවැසියන් වෙත අනීතික බලපෑම් කරතැයි යන සැකයක් අප හට පවතී. ජාතික හැදුනුම්පතක් සන්තකයේ නැති පුරවැසියන් කුදලාගෙන ගොස් මත්ද්‍රව්‍ය නඩු වලට පැටලවීම පොලීසියේ විනෝදාංශයක් වෙන තරමට වැඩේ දුර දිග ගොස් තිබේ. 


මේ වන විට පොලීසියේ බලු කමින් අහිංසක පුරවැසියන් ගණනාවක් අමාරුවේ වැටී හමාරය. පුරවැසියන්ට සිය දුක් ගැනවිලි පවසන්නට හෝ ඇහුම්කන් දෙන්නට දේශපාලන අධිකාරියක් නැත. ජාතික ජන බලවේග ආණ්ඩුවේ අති පාරිශුද්ධ දේශපාලන කන්‍යා භාවය නිසා පොලිසියේ රාජකාරියට මැදිහත් වන්නේද නැත.


මේ යන හැඩයේ බලු රාජකාරියක් කරන්නට පොලීසියට ඉඩ දුන හොත් මතු දවසක ජනපති අනුර සහෝදරයාටත් පනස් හතරින් චෝදනා දමා වැලිකඩ දැක්කීමට ඉඩ තිබේ. රට පුරා නිර්මාණය වෙමින් පවතින පොලිස් පාතාලය ගැන මහජන ආරක්ෂක ඇමති ඩබලටම අදහසක් නැත.


මේ වන විට ජනපති අනුර සහෝදරයා රට වටා ජන හමු පවත්වමින් තිබේ. පැවැති ඒ සෑම ජන හමුවකදීම ජනපති අනුර සහෝදරයා අවධාරණය කරන්නේ ජාජබ ආණ්ඩුව ඇත්තේ පුරවැසියන්ගේ දුක් ගැනවිලි වලට ඇහුම්කම් දීමට බවය.

ඒත් ඔහු ගේ අවධාරණය කිරීම අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට අදාල කර ගෙන නැත. ඒ වාහෙලා පුරවැසියන්ට ඇහුම්කම් දෙනවා තබා දුරකතන ඇමතුමකට ආන්සර් කරන්නේද නැත.

ජාජබ ආණ්ඩුව හා පුරවැසියන් අතර නෝක්කඩුවක් ඇත්තේ එතැනය.


අසූ නවයේදී ජවිපෙ සහෝදරවරුන් තොග ගාණට ඝාතනය කළ සාහසික මෙලේච්ඡයකු තමන්ගේ උපදේශකයා කර ගත් මහජන ආරක්ෂක ඇමතිවරයා ගේ නිහීන කෙරුවාව ගැන ලියා වැඩක් නැත. මේ උන්දෑට ලැජ්ජාවක් හිරිකිතයක් තිබුණේ නම් ජවිපේ සහෝදරයින් අමානුෂික ලෙස ඝාතනය කළ වදකයකු සමග හුරතල් වන්නේද නැත. උන්දෑ හිතා ගෙන ඉන්නේ ඇමතිකම හැමදාම තියෙන එකක් විදියටය. ඒත් කවදාම හෝ පුරවැසියන්ට මේ උන්දෑ ප්‍රශ්ණ කරන්නට අවස්ථාවක් හිමි වෙන බව සිහිපත් කර ගත්තේ නම් හොඳ ය.


ඒ අතරේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරියගේ බලතල හසුරවන පොලිස් කාන්තාවක සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. මේ උන්දෑ බදුල්ල සිට අමාත්‍යංශයට ආනයනය කළ වටිනා කියන පොලිස් නෝනා කෙනෙකි.


ඒ නෝනා රාජකාරි කරන්නේ ⁣පොලිස්⁣ ඡ්‍යෙෂ්ඨයන්ට පවා රැස්පොට් පාමිනි ස්පොටයේ කෙළවර ඇත්තේ කොතැනකද යන්න දන්නෝ දනී. මේ පොලිස් නෝනාගේ ⁣පෞද්ගලික ලිපි ගොනුව හාරා අවුස්සා කියෙව්වේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ තබා පොලීසි⁣යකවත් තබා ගත යුතු තැනැත්තියක නොවන බව අපට වාර්තා වී ඇත.


අපගේ පූර්විකාව මෙතැනින් අවසන් කරමු.


අප මේ පූර්විකාව ලිව්වේ මුහුණු පොතේ වංගීස සුමනසේකර ලියා තිබූ හිත කමිපනයට පත් කරවන ලියවිල්ලක් ඇස ගැටීමෙනි. අයුක්තියට එරෙහි පෙළඹවීමක් ඇති සියලු දෙනා වෙත ඉල්ලීමක් යනුවෙන් ශීර්ෂයේ සඳහන් කර තිබූ ඒ හෙළිදරව් කිරීම මෙසේය.


"......පසුගිය සති දෙකක පමණ කාලය තුළ මා බිහිසුණු අසාධාරණයකට ලක් වූ මිනිසෙකුට යුක්තිය ඉටු කිරීමට වෙහෙස වූයෙමි. මේ අසාධාරණය සිදුව තිබෙන්නේ මා දන්නා දේශපාලන ක්‍රියාධරයකුගේ සහෝදරියකගේ හිතවතෙකුටයි. මානසික ආබාධයක් සහිත මෙම පුද්ගලයා අංගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇති, අදටත් බෙහෙත් බොන්නට සිදුව ඇති පුද්ගලයෙකි.


සති දෙකකට පමණ පෙර මේ පුද්ගලයා කාන්තාවක් දෙස බලා සිටියා කියා එම ප්‍රදේශයේ මිනිසුන් අතින් පහරකෑමට ලක්ව තිබේ. මට කතා කළ සහෝදරියට අනුව මෙය ඔහුගේ මානසික ආබාධය නිසා සිදුවූ දෙයක් වැරදියට අවබෝධ කරගැනීමකි. ඉන් පසුව එතනට පැමිණ ඇති  පොලීසියද මෙම පුද්ගලයාට පහර දී තිබේ. අවසානයේදී එම පොලීසිය මේ පුද්ගලයා සතුව අයිස් මිලිග්‍රෑම් 1500ක් පමණ තිබෙනවා කියා ව්‍යාජ චෝදනාවක් නගා ඔහුව නඩුවකට පටලවා තිබේ. නමුත් ඔහු සිටින්නේ කොහෙද? ඔහුට නඩුව දමන්නේ මොන උසාවියේද ආදී කිසිදු තොරතුරක් එම පුද්ගලයාගේ මවට හෝ අක්කාට ලබාදීමට පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ. 


මා සති ගානක් ආණ්ඩුවේ එක් එක් අය සම්බන්ධකරගැනීමට උත්සාහ කර අවසානයේදී අද දින  ස්ථානාධිපතිවරයාට මෙම පණිවුඩය දැන්වීමට සමත් විය. එම මිනිසා මැගසීන් බන්ධනාගාරයේ සිටිනා බවත්, අදාළ නඩුව තිබෙන්නේ මාලිගාකන්ද අධිකරණයේ බවත් ඔහු දැනුම් දී තිබේ. අවම වශයෙන් දැන් එම මිනිසාගේ පවුලේ අයට ඔහුව දැක බලා ගැනීමට හෝ අවස්ථාව තිබේ. 


මේ සරල දෙය පොලීසිය ලවා කර ගැනීමට දේශපාලන බලය මේ වෙනුවෙන් යොදවන්නට සිදුවිය. අපේ රටේ අන්ත අසරණ සමාජයේ පහල මාලයට පොලීසිය සලකන්නේ මේ ආකාරයටයි. මෙවැනි ආකාරයේ හෝ දේශපාලන මැදිහත්වීමක් කරගත නොහැකි මිනිසුන්ට එමගින් සිදුවන අයුක්තිය කෙතරම් බිහිසුණුද?


දැන් මේ ස්ථානාධිපතිවරයා කියා තිබෙන්නේ 'මොහු සතු වූ  අයිස්' රස පරීක්ෂක වෙත යවා ඇති බවත් මසකින් පමණ ඔහුව එළියට ගත හැකි බවත්ය. සාමාන්‍ය ජීවිතේ වැඩක් පවා කරගැනීමට නොහැකි මානසික රෝගී මිනිසකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට අපේ පොලීසිය පත් කර තිබේ.


දැන් තිබෙනා තත්වය යටතේ මේ වෙනුවෙන් තවත් ආණ්ඩුව පැත්තෙන් කළ හැකි දෙයක් නැත. දැන් කරන්නට තිබෙන්නේ මේ බිහිසුණු අසාධාරණය කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් කර එම මිනිසාට වන්දි ලබා ගැනීම පමණි. මේ වෙනුවෙන් දැන් ජනහඬක් නැගීම සහ එය සංවිධානය කිරීමට හැර විකල්පයක් නැත. 


මේ සම්බන්ධයෙන් මම දැනටමත් කීප දෙනෙකුට කතා කර තිබේ. Tharindu Uduwaragedara සහෝදරයාට මේ සම්බන්ධ තොරතුරු දැනුම් දීමට උත්සාහ කළද ඔහු රෝගීව සිටිනවා කියා දැන ගන්නට ලැබුණි. මේ සටන ඉදිරියට ගෙන යා හැක්කේ දැන් පොදු ජන සටනක් ලෙසයි. මෙය අපට නවත්වන්නට හැකි වුවහොත් අපට මෙවැනි අසාධාරණයන්ට ලක්වන බොහෝ මිනිසුන්ට සහනයක් දීමට හැකි වනු ඇත.


(උපුටනය අවසන්)


වංගීසගේ ලියවිල්ලේ ඒ අමානුෂික බලු වැඩේ කළ පොලීසිය පිළිබඳව සඳහනක් නැත. අප ඒ ගැන සොයා බැලුවෙමු. මේ අමානුෂික අනීතික කෙරුවාව  සිද්ධ කර ඇත්තේ අංගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාය. එය රාජකාරියක් වශයෙන් නිර්වචනය කරන්ටද නොහැකිය. පොලීසියේ පොත් වල නම් එය රාජකාරියක් ලෙස ගලපා සටහන් කර තියෙන්නට පුළුවන.


අපරාදේ කියන්නට බැරිය අංගොඩ පොලිස් ස්ථානාධිපති වරයාගේ කෙරුවාව අංගොඩටම ගැලපේ. එය එසේ ලියා මේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අහිංසක පුරවැසියකු හට සිදු කළ බලහත්කාරය 

නොතකා හරින්නට අපට නොහැකිය.


පොලිස්පතිවරයා විනාඩියෙන් විනාඩිය චක්‍රලේඛ පත්‍රිකා නිකුත් කරමින් සිටී.

ඒවායේ අන්තර්ගතය තුළ ඇති උපදෙස් වලට අනුව නම් පුරවැසියන් ගේ මයිලකට හානියක් සිද්ධ කරන්නට බැරිය. ඒත් කණගාටුවට කාරණයක් නම් පොලීසියේ කෙරුමන් ඒ නියෝග තඹ දොයිතුවකට මායිම් නොකිරීමය. පොලීසිය පුරවැසියන් සම්බන්ධයෙන් පවතින ජානගත ඇරියස් එක කොහෙන් හෝ මතු වන්නේය.

වැඩිමනත් මේ අවුල සිද්ධ වී ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා ඕඅයිසීලා⁣ගේ රාජකාරිය කරන්නට යාමය.

වෙන දවස්වල ඕඅයිසීලා තමන්ගේ බල ප්‍රදේශය තුළ නිදහසේ රාජකාරි කරගෙන ගිය අතර මෑතක සිට ඒ පරිපාලනමය ව්‍යුහය උඩු යටිකුරු වී විකෘතියක් බවට පත් විය. ඕඅයිසීලා නිකම් සිල්ලර කෑලි බවට පත් වී සිටී. මේ විකෘතිය අස්සේ පොලිස් සේවයෙන් විශ්‍රාම යාමද අත් හැර යන්නන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


ඒ වගත් එසේමයැ.


එහෙත් අංගොඩ පොලිස් ස්ථානාධිපති සිදු කර ඇති දහ දුරා රාජකාරිය ගැන සොයා බලන ලෙසද අපි වගකිවයුත්තන් ගෙන් ඉල්ලමු.


දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්ති — Defense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය
නවතම ප්‍රවෘත්තිDefense

තරුණයන්ගේ ගෙලට තොණ්ඩු දමන ශ්‍රී ලංකා පොලීසිය

මේ ශෝකාන්තය වාර්තා වූයේ ⁣ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පෝද්දල පොලිස් ස්ථානයෙනි. ඒ සිදුවීමට විවිධ ආකාරයෙන් අර්ථ කතනයන් සපයන්නට පුළුවන. යමෙකුට එය ඛේදජනක සිදුවීමක් ලෙසද තව කෙනෙකුට එය එසේ සිදුවිය යුතු යැයි වි…

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…