මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

"න්‍යෂ්ටික ගැටළුව විසඳීමේ ඉරාන යෝජනාව අපි නොසලකා හැරියා."

ලියුවේ Admin
"න්‍යෂ්ටික ගැටළුව විසඳීමේ ඉරාන යෝජනාව අපි නොසලකා හැරියා."

ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට බෝම්බ හෙලීමට ටික කලකට පෙර, ඉරාන ජාතිකයන් න්‍යෂ්ටික ගැටළුව බොහෝ දුරට විසඳා ගත හැකි යෝජනාවක් ජිනීවා හි දී ඉදිරිපත් කළ බව හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසයි.


ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, ඉරානයට පහර දීම සාධාරණය කරමින් ඉරානයෙන් ආසන්න තර්ජනයක් පැවැති බවට එක්සත් ජනපදය මීට පෙර සිදු කළ ප්‍රකාශයන්ට පටහැනිව සහ ගැටලුවට අවංක ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය ඉස්මතු කරමිනි. 


හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ "ද ඩේලි ෂෝ" නමැති රෑපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.


"අපි ඉරානයට බෝම්බ හෙලීම ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර, ඉරාන ජාතිකයන් ජිනීවා හි දී න්‍යෂ්ටික ගැටළුව විසඳීම සඳහා බොහෝ දුරක් ගිය යෝජනාවක් මේසය මත තැබූහ." සුලිවන් පැවසීය.


"මගේ අවබෝධය නම් අපගේ පාර්ශවය, අපගේ සාකච්ඡාකරුවන්, ඔවුන්ට පිරිනමන දේ තේරුම් නොගත් බවත්, ඔවුන් එය නොසලකා හැර ඉදිරියට ගොස් සාකච්ඡා වර්ජනය කිරීමට තීරණය කළ බවත්ය." ඔහු තවදුරටත් පැවසීය.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…