ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ.
කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නමැති මෙම තරුණයාට සිරදඬුවමට අමතරව සෞදි රියාල් මිලියන 3ක දඩයක් ද නියම කර ඇත.
අනෝජන් නමැත්තාගේ දඬුවම ලිහිල් කර ගැනීමට සහ ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ දෙමාපියන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ,
සෞදි අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පිරිවැය, සෞදි රියාල් 25,000ක් පමණ වන බවත් , එම සියලු නීතිමය පිරිවැය විත්තිකරු විසින් දැරිය යුතු බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
දැඩි ආර්ථික අපහසුතා හමුවේ ජීවත් වන තමන්ට, අධිකරණය නියම කළ දඩ මුදල හෝ අභියාචනය සඳහා යන නීතිමය ගාස්තු ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව ඔහුගේ මාපියෝ පවසති.
ඒ අනුව, මානුෂීය පදනම මත මැදිහත් වී ඔහුගේ දඬුවම ලිහිල් කර ගැනීමටත්, නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමටත් කටයුතු කරන ලෙස ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති,



