මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ට්‍රම්ප් ගෙන් ෂී ජින්පිං ට බලපෑම් සංඥාවක්.

ලියුවේ Admin
ට්‍රම්ප් ගෙන් ෂී ජින්පිං ට බලපෑම් සංඥාවක්.

චීන නායක ෂී ජින් පිං සමඟ පැවැත්වෙන සමුළුව සඳහා බීජිං වෙත යාමට පෙර,  හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීමට චීනය උදව් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරිදා 'ෆිනෑන්ෂල් ටයිම්ස්' සමඟ  ඊයේ (15) පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.


හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස චීනයට සිදු කරන මෙම බලපෑම නිසා බීජිං සමුළුව ප්‍රමාද විය හැකි බවට ට්‍රම්ප් සංඥා කරයි.


හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස බීජිං රජයට බලපෑම් කිරීමට වොෂින්ටනය උත්සාහ කරන බැවින්, මේ මස අගදී සැලසුම් කොට ඇති තම චීන සංචාරය ප්‍රමාද විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසයි. 


ට්‍රම්ප් යෝජනා කළ ප්‍රමාණයට, හෝමූස් බාධා ඉවත් කිරීමට චීනය සූදානම් නොවන බව, මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනී යයි. මේ අනුව මෙම බලපෑම දැනටමත් බිඳෙනසුලු තත්ත්වයේ පවතින චීන - ඇමරිකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ අලුත් වූ කැළඹිලි ලක්ෂ්‍යයක් අවධාරනය කරයි.


චීන නායක ෂී ජින්පිං සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගීවීමට නියමිත බීජිං සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා ය.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…