මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර මතභේදයක්...

ලියුවේ Admin
ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර මතභේදයක්...

ඉරානයේ තෙල් පහසුකම්වලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර  මේ වන විට මතභේදයක් මතු වී තිබේ. 


මෙවැනි මතභේදයක් ඇති වී ඇති අවස්ථාවක, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තානාපතිවරුන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් යන දෙදෙනා එළැඹෙන අඟහරුවාදා හදිසි සාකච්ඡාවක් සඳහා ඊශ්‍රායලයට පැමිණීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'චැනල් 12 ' වෙත පවසා තිබේ. 


තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීමේ සැලසුම් පිළිබඳව ඊශ්‍රායලය වොෂින්ටනයට කල්තියා දැනුම් දී ඇති නමුත්, ප්‍රහාර එතරම් පුළුල් වනු ඇතැයි සඳහන් නොකළ බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් 'චැනල් 12' වෙත පවසා ඇත.


ඊශ්‍රායලය විසින් සිදු කළ එම පහරදීම ගැන අදහස් දක්වමින් ඇමරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියා,  "අපි හිතන්නේ නැහැ ඒක හොඳ අදහසක් කියලා,"  යනුවෙන් ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපද හමුදාව බොහෝ දුරට සංකේතාත්මක ප්‍රහාරයක් අපේක්ෂා කළ බවත් මෙහෙයුමේ විෂය පථය ගැන තමන් පුදුම වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


ටෙහෙරානයේ සිවිල් ජනතාවට ඉන්ධන සපයන යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම, ඉරාන තන්ත්‍රය ශක්තිමත් කිරීමක් මෙන්ම මහජන මතය ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට එරෙහිව හැරවීමෙන් පසුබෑමක් ඇති කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බව එම නිලධාරියා තවදුරටත් පවසා තිබේ.


මේ සම්බන්ධයෙන් 'චැනල් 12'  ට අදහස් දක්වන ලද ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ, ඉන්ධන ගබඩාවලට එල්ල වූ ප්‍රහාරය, ඊශ්‍රායලයේ සිවිල් ස්ථාන ඉලක්ක කිරීම නවත්වන ලෙස ටෙහෙරානයට පණිවිඩයක් යැවීමේ අරමුණින් සිදු කළ බවයි.


මේ අතර එක්සත් ජනපද බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පැවසුවේ, එක්සත් ජනපදය ඉරාන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක නොකරන බවයි.


ජගත් බන්ධු ✍️

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…