මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

හිටපු පොලිස්පතිගේ මරණය ගැන අපේ කියවීම

ලියුවේ Admin
හිටපු පොලිස්පතිගේ මරණය ගැන අපේ කියවීම

හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ මරණය පිළිබදව මෙරට සමාජය තුළ විවිධාකාර කතා බහ සිදු වෙමින් තිබෙි.

ඇතැමුන් එය ඝාතනයක් ලෙසද, තවත් සමහරු සිය දිවි නසා ගැනීමක් ලෙසටද අදහස් ඉදිරිපත් කරමින් සිටී. මේ වන විටත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව නිශ්චිත අදහසක් පුකාශ කරන්නටද නොහැකිය.


හිටපු පොලිස්පතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් පවා ලබා දී ඇතැයි පැවසේ. පාස්කු ප්‍රහාරයේ සැකකාරියක වන 'සාරා' ගේ DNA වෙනස් කරන ලෙසට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අවස්ථා කිහිපයකදී තමන්ට බලපෑම් කරන ලදැයි හිටපු පොලිස්පතිවරයා එම කට උත්තරයේ සඳහන් කර ඇතැයිද දැන ගැන්මට තිබේ. 


තමන් පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගනු ඇතැයි යන අනුමාන සැකය නිසා ඇති වූ කම්පනය නිසාම හිටපු පොලිස්පතිවරයා සිය දිවි හානි කරගන්නට ඇතැයි ඇතමුන් ගේ අදහසයි.


හිටපු පොලිස්පතිවරයා මිය යාමට පෙර උදෑසන ශාරිරික අභ්‍යාසවල නිරත වීමට සූදානම්ව සිට ඇති බවද වාර්තා වේ. ඒ සඳහා යෑමට පෙර ඔහු සිය ආරක්ෂකයාට වතුර වීදුරුවක් ගෙන එන ලෙසට ඉල්ලා ඇති බවත් සඳහන් ය. ආරක්ෂකයා වතුර වීදුරුව ගෙන ඒම සඳහා යාමට පෙර ඔහු ගේ පිස්තෝලය හිටපු පොලිස්පති වරයා ඉල්ලා ගෙන ඇත්තේ දීර්ඝ කාලයක් පිස්තෝලයක් අතට ගන්නට නොහැකි වූ බව පවසමිනි. 


ඉන් අනතුරුව ආරක්ෂකයා සිය පිස්තෝලය හිටපු පොලිස්පතිවරයාට ලබා දී, වතුර වීදුරුව ගෙන ඒමට නිවසට තුළට ගොස් තිබේ. සිද්ධිය සිදු වී ඇත්තේ ඉන් අනතුරුවය. එම පිස්තෝලය පුටුවක් අසල බිම වැටී ඇති ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇත. එම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට උණ්ඩය පිට වීමෙන් පසුව පිස්තෝලයේ ස්වයංක්‍රියාකාරිත්වයේ ආබාධයක් ඇති වී ඇති බවක් පෙනී යයි. 


එසේ පෙනී යන්නේ, පිස්තෝල බැරලය මග නැවතී ඇති නිසාය. මෙලෙස පිස්තෝල බැරලය අතරමග නැවතී තිබීම නිසා හිටපු පොලිස්පතිවරයා එම පිස්තෝලය වැරදි ලෙස පරීක්ෂා කරන්නට යාමේදී පපුවට වෙඩි වැදුන බවට සැක කළ හැකිය.


සිය දිවි නසා ගන්නා අයෙකු හිසට වෙඩි තබා ගන්නවා මිස ⁣පපුවට වෙඩි තබා ගැනීමේ සම්භාවිතාව ඉතා අඩුය. සිය ආරක්ෂකයා වතුර වීදුරුව ගෙන ඒමට ගිය විට හිටපු පොලිස්පතිවරයා තමන් අතට ගත් පිස්තෝලය වැරදි ආකාරයට හසුරවීමට ගත් උත්සාහයකදී අත් වැරදීමකින් ඔහුට වෙඩි වැදී ඇතැයි යන අදහස මෙහිදී බැහැර කළ නොහැකිය. එය වඩාත් තහවුරු වන්නේ සිය දිවි නසා ගන්නට තීරණය කළ පුද්ගලයකු උදෑසන ශාරිරික අභ්‍යාස යාමට සූදානම් නොවන නිසා ය.


ඔහු සමීපව ඇසුරු කරන්නන් ප්‍රකාශ කරන්නේ හිටපු පොලිස්පතිවරයා තුළ මානසික කඩා වැටීමක් නොතිබුණ බවය. එය එසේ වන්නේ නම් ඔහු සිය දිවි නසා ගත්තා  ⁣නොව කුමන්ත්‍රණකාරීව ඝාතනය කරන ලද්දේය යන සැකය ද කාට හෝ මතු කළ හැකිය.


ඒ අතරේම හිටපු පොලිස්පතිවරයා සිය පුත්‍රයකු සම්බන්ධයෙන් වූ පෞද්ගලික ප්‍රශ්ණයකට දැඩි ලෙස හිතේ අමාරුවකින් පසුවූ බවට ද තොරතුරු ලැබී තිබේ.⁣  ඒ සිතේ අමාරුව නිසා ඔහු සිය දිවි නසා ගත්තේ යැයි පවසන අයද වේ.


හිටපු පොලිස්පතිවරයා මිය යාමට පෙර ලියන ලද ලියවිල්ලක් පිළිබඳවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් එවැනි ලියවිල්ලක් තිබූ බවට පොලීසිය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නැත.

තමන් සිය දිවි නසා ගන්නා බවට හිටපු පොලිස්පතිවරයා ලිපියක් ලියා තිබුණේ නම් මෙම මරණය මෙතරම් ආන්දෝලනාත්මක වන්නේද නැත. එහෙත් දැනට සිදු වී ඇති පොලිස් පරීක්ෂණ වලින් එවැනි ලිපියක් තිබූ බවට අනාවරණය වී නැති බව පැහැදිලිය.

 

හිටපු පොලිස්පතිවරයා මිය යාමට පෙර දිනයේ, දැනට සේවයේ නිරත ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සමග දුරකථනයෙන් කතා කර ඇතැයි පැවසේ. එම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා  හා හිටපු පොලිස්පතිවරයා අතර ඇතිවූ කතා බහ 

තුළින් ඔහු තුළ ඒ වන විට පැවැති මානසික වටපිටාව ගැන අදහසක්  විමර්ශකයන්ට ගත හැකිය.


හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යනු දරදඬු පුද්ගලයකු නොවෙි. ඔහු රාජකාරිම වශයෙන්ද ඔතෑනි පෞරෂයක් හිමි අයෙක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනා දනී. දේශපාලනික වශයෙන්ද ඔහු පවතින ⁣බල අධිකාරියට එරෙහිව කැරලි ගසන්නෙක් ද නොවීය.


මෙම මරණය සමාජය තුළ බරපතල ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැළකෙන්නේ, රජයේ ඉහළ තනතුරු දැරූ දෙදෙනෙකුද මීට පෙර සිය දිවි නසා ගැනීම නිසාය. සැබැවින්ම මේ අයවළුන්ගේ මරණ සිය දිවි නසා ගැනීම් ලෙස සමාජයේ ඇතමුන් පිළිනොගනී. 


පසුගිය ආණ්ඩු කාලයේ සිදු කරන ලද වංචා දූෂණ හා අපරාධ වලට වගකිව යුතු දේශපාලඥයන්ට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. හිටපු දේශපාලඥයන් ගණනාවකටම මහාධිකරණ තුළ අධි චෝදනා බාර දී තිබේ. බොහෝ නඩු විභාගය සඳහා දින නියම වී ඇති අතරම ඇතැම් නඩු විභාග වෙමින්ද පවතී. 


මේ වටපිටාව තුළ හිටපු පොලිස්පතිවරයාගේ මරණය පිළිබදව සමාජය තුළ විවිධ ආකාරයෙන් අදහස් දැක්වීමද සිදුවෙන බව පෙනී යයි.

රජයට හිතවත් ඇතමෙකු මේ මරණය ඝාතනයක් විය හැකි යැයි සැක කරමින් සිටින අතර, තවත් පාර්ශවයක් හිටපු පොලිස්පතිවරයා තමන් පොලිස් අඩංගුවට ගනිතැයි යන සැකයෙන් සිය දිවි නසා ගන්නට ඇතැයි පවසයි. ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පාක්ෂිකයන් මේ මරණය දේශපාලන කුමන්ත්‍රණයක් බවට චෝදනා කරමින් සිටී.


මේ අවධාරණය කිරීම් කිසිවකින් හිටපු පොලිස්පතිගේ මරණය ගැන නිශ්චිත තීන්දුවකට එළඹීමට නොහැකිය. එය ඝාතනයක්ද නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද එසේත් නැතිනම් අත් වැරදීමකින් සිදු වූ මරණයක්ද යන්න තීන්දු කළ යුත්තේ අධිකරණයයි.


කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයා ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පොඩ්ඩෙකු  ලියුම්කරු සමග පැවසූ කාරණයකින් මේ ලිපිය අවසන් කිරීම වැදගත් යැයි සිතේ.


".....පොලිස්පති වෙඩි තියා ගත්තද වෙඩි තිබ්බද මට අදාලම නෑ. ඔය හැම එකාම රාජකාරියෙදි කෙරුවෙ බලු වැඩ. අපි දන්න කාලෙදි පොලීසියෙ නම්බුව තියාගෙන රාජකාරි කෙරුවෙ ඉලංඟකෝන් සර් විතරයි. අනෙක් හැම එකාම තක්කඩියො.

නීතියෙන් දඩුවම් ලැබෙන්නෙ නැති වුනත් ඒ වගේ වුන්ට "ඉබේ" දඬුවම් දෙනවා කියන්නෙ ඔන්න ඕකට තමා .."


දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…