මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

යුරෝපයේ උෂ්ණත්වයෙන් වැඩිම හානිය ප්‍රංශයට

ලියුවේ Admin
යුරෝපයේ උෂ්ණත්වයෙන් වැඩිම හානිය ප්‍රංශයට

2026 ජූනි මාසය වන විට යුරෝපය පුරා ඇතිවූ දැඩි උෂ්ණත්ව තරංගය (heatwave) හේතුවෙන් ප්‍රංශය France වැඩිම බලපෑමට ලක්වූ රට බවට පත් වී තිබේ. 


ඒ සඳහා හේතු කිහිපයක් බලපා ඇත.

ප්‍රංශයේ ප්‍රදේශ බොහොමයක් 40°C–44°C අතර උෂ්ණත්ව වාර්තා කර ඇති අතර රටේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් උණුසුම් අනතුරු ඇඟවීම් යටතේ සිටී.


මේ වන විට පාසල් වසා දැමීම්, දුම්රිය සේවා බාධා, හදිසි වෛද්‍ය සේවා ඉල්ලීම් ඉහළ යාම වැනි ගැටලු ඇතිවී තිබේ.


උණුසුමෙන් මිදීමට උත්සාහ කළ පුද්ගලයන් අතර, දිය නෑමට ගොස් සිදු වූ මරණ ගණනක්ද වාර්තා වී ඇත.


දකුණු ප්‍රංශයේ මෝටර් රථයක සිටි කුඩා දරුවන් දෙදෙනෙකු දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණයට පත්විය. එසේම

Bordeaux ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ද දැඩි උෂ්ණත්වය දරාගත නොහැකිව මරණයට පත් වුණි. සමහර ප්‍රාදේශීය වාර්තාවලට අනුව අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.


එසේම ජූනි 18 සිට ජූනි 23 දක්වා කාලය තුළ උණුසුමෙන් මිදීමට ජලයට ගොස් දියේ ගිලී මියගිය ගණන 40 ක් බවට වාර්තා වී ඇත. දෙනෙකු දියේ ගිලී මියගොස් ඇත. මෙම මරණවලින් බොහොමයක් තරුණ වයස් කාණ්ඩයට අයත් බව ප්‍රංශ අගමැතිවරයා සඳහන් කරයි.


කෙසේ වෙතත්, දැනට වාර්තා වන 18–40 අතර සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රංශයේ සෞඛ්‍ය විශේෂඥයන් අපේක්ෂා කරති.


මේ අතර ස්පාඤ්ඤය සහ පෘතුගාලය ද ඉතා ඉහළ උෂ්ණත්වයක් (42–45°C දක්වා) අත්විඳිමින් සිටින අතර, උෂ්ණත්ව අගයන් අනුව Iberian Peninsula ප්‍රදේශය උණුසුම්ම කලාපය වී ඇත. 


මේ අනුව ගත් විට උෂ්ණත්වය වැඩිම මට්ටමට ගිය රටවල් ලෙස ස්පාඤ්ඤය සහ පෘතුගාලය දැක්විය හැකි අතර, මානව, සමාජ හා යටිතල පහසුකම් බලපෑම් වැඩිම ලෙස වාර්තා වූ රට ප්‍රංශය බවට පත් වී ඇත.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…