මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්

ලියුවේ Admin
මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමේදී රැඳවියන් පහර දීමෙන් මිය ගිය බන්ධනාගාර නිළධාරීන් දස දෙනාට, එක් අයෙකුට රුපියල් කෝටිය බැගින්වන සේ වන්දි මුදල් ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.


ආණ්ඩුව විවේචනය කරමින් මීට පෙර බොහෝ දෙනා විසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ, ආණ්ඩුව විසින් ගෙවා ඇති වන්දිය රුපියල් ලක්ෂ පහ බැගින් බව ය. 


⁣එසේම බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන් ගේ කාලත්‍රයාට හා බාරකරුවන්ට එම නිළධාරීන් ගේ වයස අවුරුදු 55 ක් යන තුරු ඔවුන්ට හිමිව තිබූ මාසික වැටුප් ලබා දීමටත්, ඉන් අනතුරුව විශ්‍රාම වැටුප් ලබා දීමටත් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.


⁣⁣පසුගිය 17 වනදා අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා, අමාත්‍යංශ ප්‍රධානින් හා බන්ධනාගාර පරිපාලනය  ජනපතිවරයා සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණ වලට එළඹුන බව වාර්තා වේ.


බන්ධනාගාර ප්‍රධානීන්ට සිය ආයතනික ප්‍රශ්ණ පිළිබඳව රාජ්‍ය නායකයා හමුවී සාකච්ඡා කිරීමට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…