මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

නැට්ටෙ ඉඳන් ගූ ගා ගන්නා උතුරු කළුතර පොලිස්කාරයෝ....

ලියුවේ Admin
නැට්ටෙ ඉඳන් ගූ ගා ගන්නා උතුරු කළුතර පොලිස්කාරයෝ....

පොලිස් කොස්තාපල් වරයකු ලෙස සේවයට බැදී වසර 23 ½ක නොකැළැල් සේවා කාලයක් නිම කළ නිලධාරියෙකුට, පොලීසිය විසින්ම සාපරාධී බලහත්කාරය පෑම යන බොරු චෝදනාවක් එල්ල කොට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


කළුතර උතුර පොලිස් ස්ථානයේ සේවයේ නියුතු නින්දිතයින් විසින් සිදු කළ මෙම මෙම පාහර ක්‍රියාවට ගොදුරු වී ඇත්තේ,  අංක 207, ඥාණසීහ නාහිමි මාවත, පුලර්ටන් වත්ත, කළුතර යන ලිපිනයෙ හි පදිංචි කේ. ඩී. නන්දන කුමාර නමැති අයෙක් ය.


මෙම සිදුවීමට පාදක වී ඇති හේතුව සැකැවින් මෙසේ ය.


කළුතර උතුර පොලිස් වසමේ නිලධාරීන් පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙනෙකුව 2026.05.06 දින

පස්වරු 4.00 ට පමණ කළුතර උතුර

ටැන්ජරින් හෝටලය අසල දුම්රිය හරස් මග අසල දී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදිය කාර්මික දෝෂයකට ලක්ව එය යථාවත් කිරීමට උත්සාහ කරමින් සිටින මොහොතක දී ය. 


අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් වන්නේ, මිනග යෙත්මින් කන්දගේ සහ ඔහුගේ මිතුරකු වූ නදිෂ් රශ්මික යන දෙදෙනා ය. යෙත්මින් කන්දගේ, ‍සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල ලැබෙන තෙක් උස්ස පෙළ හාදාරන ශිෂ්‍යයෙකි.


මිනග යෙත්මින් කන්දගේ පියා වන ඉහත සඳහන් කළ ඩී. නන්දන කුමාර යන අය පොලිසියට ගොස් ඔහුගේ පුතාට ඇප ලබා ගැනීමට ඉල්ලීමක් කර ඇත. එවිට චෝදනාගාරයේ සිටි අංක 9920 අංකය දරණ සැරයන්වරයා, "ටිකක් ඉන්න" යැයි නන්දන කුමාරට පවසා තිබේ. රාත්‍රි 9.25 පමණ සිවිල් ඇදුමෙන් සැරසී සිටි පුද්ගලයෙකු “අද කාටවත් ඇප දෙන්නේ නැහැ හෙට එන්න" යැයි පවසා ඇති අතර, පසුව නන්දන කුමාර විසින් නැවතත් තම පුතාට ඇප දෙන්නැයි චෝදනාගාරයේ සැරයන්වරයාගෙන් ඉල්ලා ඇත. 


එය ඉටු නොවුණු තැන නන්දන කුමාර සිරකුඩුවේ පිංතුරයක් රැගෙන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්ම කුමාරට දුරකතන ඇමතුමක් ගැනීම සදහා පොලිසියෙන් පිටතට ගොස් ඇත. 


නන්දන කුමාර,මංත්‍රීවරයා සමග දුරකතනයෙන් කතා කර සිටින අවස්ථාවේ “ඔයා එන්නැයි” පොලිසියේ සිටි සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලය ඔහුට කතා කොට තිබේ.  කතා කළේ පුතාට ඇප දෙන්න වෙන්න ඇතැයි සිතූ නන්දන කුමාර චෝදනාගාරයට ගිය පසු ඔහුව පොලිස් කුඩුවට තල්ලු කර දමා දුරකනය, මුදල් පසුම්බිය සහ වාහනයේ යතුර  පොලිස් භාරයට ගෙන තිබේ. 


එතෙක් වේලා ඔහුගේ බිරිඳ පොලිසියේ රැදි සිට ඇති අතර, රාත්‍රි 12.00 පමණ පුතාට පොලිස් ඇප ලබා දී තිබේ. පොලිස් කූඩුවේ දමා සිරකර සිට නන්දන කුමාර පසු දින උදේ සාපරාධි බලහත්කාරය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ලක්ෂ පහක ශරීර ඇපයක් මත අධිකරණය විසින් ඔහුව මුදාහැර තිබේ.  


තමන්ට සහ තම පුත්‍රයාට සිදු වූ අසාධාරණය පිළිබඳව නන්දන කුමාර විසින් පොලිස්පතිට, ළමා ආරක්ෂණ අධිකාරීයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කර තිබේ. ඔහු විසින් සිදු කළ එම පැමිණිලි පිටපත් පහතින් පළ වේ.

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…