චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන් දෙමිනි. මහා නායක හිමිවරුන් පවා සිට්යේ නෑසූ කන්වය. එහෙත් දැන් සියල්ල කෙල වී තිබේ. ඥාණසාර හිමි ජම්පරය ඇඳිය යුතුමය. තීන්දුව ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.
සිදු වූ සියල්ල ගැන අමුතුවෙන් ලියා වැඩක් නැත. ඒ ගැන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, මුහුණු පොත් පිටුවේ ඒටු ඉසෙඩ් ලියා තිබේ. ඒ මෙහෙමය.
"...ගමේ භාසාවෙන් පොඩි දෙයක් කියන්නම්. මේ වගේ සමහර දේවල්වලදී අදාළ තැන්වල හිටියේ කවුද කියන එකත් වැදගත්. තියෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ තැන්වල ඉන්න නිලධාරීන්. ඒ වගේම ඔය නීතියට උඩින් ඉන්න චන්ඩින්ට ඒ ජාතියෙ නිලධාරීන් හම්බවෙන්නම ඕනෑ. මුලිච්ච පත් වෙන්නම ඕනෑ.
ඥාණසාර කියන්නේ පාතාල මැරයෙක්. ගොඩක් තැන්වල මැර පාට් දදා ගියා. හැබැයි වැරදි තැනක දැම්මා.
තගරි දානකොට කාටද දාන්නෙ කියල දැනගෙන ඉන්න ඕනෙ. සමහර චණ්ඩි ඉන්නව- වැඩිය චණ්ඩිකම් එළියෙ පෙන්වන්නෑ. උං තමයි නියම චණ්ඩි. ඔක්කොම චණ්ඩි ඒ වගේ අය ළගට ඇවිල්ලා පුප්පන්න හැදුවොත් නොන්ඩි වෙනව.
1. වර්ෂ 2016 ක්වූ ජනවාරි මස 25 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ගලගොඩ අත්තේ ඥාණසාර වන යුෂ්මතා එකී අධිකරණයේ පැවති කිසිදු නීති කෘත්‍යයකට කිසිදු නෛතික සම්බන්ධතාවයක් නොමැතිව හෝ එබදු කෘත්‍යයක පාශවකරුවෙකු නොවෙමින් හෝ අධිකරණය ඇමතීම සඳහා අධිකරණයේ නිසි අවසරය ලබා ගැනීමකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම අධිකරණය ඇමතීම මගින් අධිකරණ කටයුතු වලට බාධා කිරීමෙන් සහ එම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනථකාරී වන ලෙස හැසිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඩුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇත.
2. ඉහත පළමුවන චෝදනාවේ සදහන් ස්ථානයේදී, වේලාවේදී හා එම ක්රියාකලාපයේදීම යුෂ්මතා අධිකරණය විසින් ලබා දෙනු ලබන නියෝග පිළිනොගන්නා බවට සහ රටේ පවත්නා නීතිය අනුගමනය නොකළ යුතු බවට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවසීම මගින් එම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනථකාරී වන ලෙස හැසිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඩුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇත.
3. ඉහත පළමුවන චෝදනාවේ සඳහන් ස්ථානයේදී, වේලාවේදී හා එම ක්රියාකලාපයේදීම යුෂ්මතා අධිකරණය යුෂ්මතා පවසන පරිදි කටයුතු කළ යුතු බවට පවසමින් අංක B 7417/10 දරණ නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම අණකර සිටීම මගින් අධිකරණ කටයුතු වලට බාධා කිරීමෙන් සහ එම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අර්නථකාරී වන ලෙස හැසිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඩුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇත.
4. ඉහත පළමුවන චෝදනාවේ සදහන් ස්ථානයේදී වෙලාවේදී, හා එම ක්රියාකලාපයේදීම යුෂ්මතා අංක B 7417/10 දරණ නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම පරිභවාත්මක වචනයෙන් ඇමතීම මගින් එනම් "නපුංසක රාජ්‍ය නිළධාරියා" ලෙස පැවසීම මගින් එම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනථකාරී වන ලෙස හැසිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඩුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇත.
(මෙහි ඉංග්‍රීසි පරිවර්තනය ද නඩු තීන්දුවේ ඇතුළත් කර ඇති අතර, එහි අර්ථය ඉහත පරිදිම වේ).
Court of Appeal විසින් 5th Respondent සියලුම චෝදනාවලට වරදකරු බවට නිගමනය කළ අතර චෝදනා හතරටම ඔහුව වරදකරු කරන ලදී. පහත සඳහන් දඬුවම් නියම කරන ලදී:
• 1 වන චෝදනාව: වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක්.
• 2 වන චෝදනාව: වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක්.
• 3 වන චෝදනාව: වසර හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක්.
• 4 වන චෝදනාව: වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක්.
මෙම සියලු දඬුවම් සමගාමීව (එකවර) ගෙවී යා යුතු බවට Court of Appeal විසින් නියෝග කරන ලදී. Supreme Court වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා 5th Respondent විසින් කරන ලද අයදුම්පත 2016-08-31 දින Court of Appeal විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 2018-10-05 වන දින Supreme Court විසින් SC/SPL/LA. No. 320/2018 යටතේ 5th Respondent විසින් කරන ලද විශේෂ අභියාචනා අවසර අයදුම්පත බහුතර තීරණයකින් ප්‍රතික්ෂේප කරන ලදී.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට රටේ නීතියට අනුකූලව කටයුතු කරන ලෙස අනුශාසනා කර ඇති බව මෙහිදී මතක් කිරීම යෝග්‍ය වේ. එය විනය පිටකයේ, මහාවග්ගයේ, 3 වන ඛන්ධකයේ, 4 වන පරිච්ඡේදයේ, 3 වන වගන්තියේ (Mahāvagga III.4.3; Pāli Vinaya, Vin I 138) සඳහන් වේ. මෙම අවස්ථාව Magadha හි King Seniya Bimbisāra ට සම්බන්ධ වූවකි. භික්ෂූන් වහන්සේලාගේ වස් කාලය ආරම්භ කිරීම කල් දමන ලෙස රජුට අවශ්‍ය වූ අතර, ඒ බව දන්වා භික්ෂූන් වෙත දූතයෙකු යවන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ විසින් මෙම නීතිය පනවන ලදී: "අනුජානාමි, භික්ඛවේ, රාජූනං අනුවත්තිතුං." (මහණෙනි, රජවරුන් අනුගමනය කිරීමට/කීකරු වීමට මම ඔබට අනුදැන වදාරමි). "
(උපුටනය අවසන්)
සිඳුවීම් සිද්ධ වන්නේ කොක් හඬලා සිනා සෙන්ටවත් මර ලතෝනි දී අඬන්නටවත් නොවේ. ඥාණසාර හිමියන්ගේ දඬුවම ගැන අප සතුටු වන්නේද නැත. එහෙත් මේවා සමාජයට හොඳ පාඩම්ය.
එච්චරය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



