මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ලියුවේ Admin
ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහිතව සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියාවක් පිළිබඳව ගරු අධිකරණ තීන්දුවකින් අනාවරණය වී තිබේ.


යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිය අවේක්ෂණ රාජකාරි නිම කර හමුදාවට අයත් තුන් රෝද රථයෙන් කඳවුරට යමින්  සිටියදී, ගාල්ල දිසා රථවාහන අංශයේ පොලිස් සැරයන් කිත්සිරි ඇතුළු පොලිස් කණ්ඩායමක් ⁣එම ත්‍රී රෝද රථයට ආදායම් බලපත්‍රයක් නොතිබීම සම්බන්ධ⁣යෙන් දඩ කොලයක් නිකුත් කරන ලද බව පැවසේ.


එහිදී යුද හමුදා වාහන සම්බන්ධයෙන් වූ 1955 ජුලි මස 08 වන දින ගැසට් පත්‍රයට අදාළ නිත්‍යනුකූල ලියකියවිලි හමුදාව විසින් අදාළ පොලිස් නිළධාරීන් දැනුවත් කළ ද ඔවුන් විසින් එම ලියකියවිලි නොසළකා හරිමින් කටයතු කර ඇති බව වාර්තා වේ. 


පසු දින, එනම් මැයි 15 වන දින මේ දඩ කොලය සම්බන්ධයෙන් යුද හමුදාව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව පොලිස් ස්ථානාධිපති ජයවීර හා එවකට ගාල්ල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේරම් දැනුවත් කර ඇතත් මේ පොලිස් නිළධාරීන්ද උද්දච්ච ආකාරයෙන් හමුදාවේ කරුණු දැක්වීම නොසළකා හැර තිබේ.                                            


කෙසේ වෙතත් හමුදාවට එරෙහිව 2025 ජුනි මස 17 වන දින ගාල්ල පොලීසිය මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර, නඩු වාර කැඳවීම් 06 කින් පසු 2026 සැප්තැම්බර් 07 වන දින එහි තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.


එහිදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ගේ නියෝග හා 1955 ජුලි මස 08 වන දින ගැසටි පත්‍රය ප්‍රකාරව යුද හමුදා වාහන වලට ආදායම් බලපත්‍ර අවශ්‍ය නොවන බවට මහේස්ත්‍රාත්වරයාද තහවුරු කර තිබේ.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!
නවතම ප්‍රවෘත්තිCourt

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද රටේ ඇති වී තිබෙන විවාදය දෙස බලන විට, ඇතැම් පිරිස් එය ඉතා සරල ප්‍රශ්නයක් බවට පත්කර තිබේ. “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 කළාම මොකද වෙන්නේ?” “වයස වැඩි කිරීම ලෝකයේ…