මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලියුවේ Admin
කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය.


28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කළ හැකි වන පරිදි කටයුතු යොදා ගැනීම වෙනුවෙන් බවත්, එම තීරණය තමන් සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන ඊට ගරු කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.


ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් යනු ඇමරිකානු දේශපාලනයේ ඉතා වේගයෙන් ඉහළට පැමිණි තරුණ දේශපාලන සන්නිවේදන නිලධාරිනියකි. ඇයගේ ඉතිහාසය වැදගත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය සමඟ මුල් අවධියේ සිටම සම්බන්ධ වී සිටීම නිසාය.


කැරොලයින් ලෙවිට් 1997 අගෝස්තු 24 දින ඇමරිකාවේ New Hampshire ප්‍රාන්තයේ Atkinson ප්‍රදේශයේ උපත ලැබුවාය.

ඇය Saint Anselm College හි අධ්‍යාපනය ලබා 2019දී උපාධිය ලබාගත්තාය. ඇයගේ දේශපාලන හා මාධ්‍ය වෘත්තිය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාල අවධියේදීමය. 2019 උපාධිධාරිනියක ලෙස ඇය ඉතා තරුණ වියේදී ජාතික දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වූවාය. 


ඇයගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය වූයේ, 2017–2021 ට්‍රම්ප් පරිපාලන සමයේ ධවල මන්දිරයට සම්බන්ධ වීමයි. මුලින්ම ඇය ධවල මන්දිරයේ සීමාවාසිකයෙකු ලෙස කටයුතු කළ අතර පසුව සහකාර මාධ්‍ය ලේකම් තනතුර දක්වා ඉහළ ගියාය. 


ඒ නිසා කැරොලයින් ලෙවිට් ට්‍රම්ප් පරිපාලනයට සම්පූර්ණයෙන්ම අලුත් තනැත්තියෙකු නොවීය. ඇයගේ දේශපාලන වෘත්තීය පදනම ගොඩනැඟුණේ ට්‍රම්ප් වටා ඇති Republican දේශපාලන ජාලය තුළය.



ලෙවිට්ගේ වෘත්තියේ තවත් වැදගත් අවස්ථාවක් වූයේ 2022දී New Hampshire හි 1 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කය සඳහා Republican අපේක්ෂිකාව ලෙස තරග කිරීමයි. ඇය Republican primary එක ජයගත් නමුත් අවසන් මහ මැතිවරණයෙන් Democratic අපේක්ෂක Chris Pappas හමුවේ පරාජයට පත් වූවාය.


එයින් පසු ඇයගේ දේශපාලන වෘත්තිය අවසන් නොවී, නැවත ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරයට වඩා සමීප වූවාය. 2024 ජනාධිපතිවරණයේදී ලෙවිට් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයෙහි ජාතික මාධ්‍ය ලේකම්( National Press Secretary) ලෙස කටයුතු කළාය.


මෙය ඇයට ජාතික මට්ටමේ විශාල දේශපාලන වේදිකාවක් ලබා දුන්නේය. ට්‍රම්ප් වෙනුවෙන් මාධ්‍ය හමුවේ ප්‍රබල ලෙස පෙනී සිටීම, බයිඩන් පරිපාලනය විවේචනය කිරීම සහ ට්‍රම්ප් ගේ දේශපාලන පණිවුඩ මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම ඇගේ ප්‍රධාන කාර්යයන් විය. 


2025 ජනවාරි 20 දින ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කැරොලයින් ලෙවිට්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස පත් කළේය. ඇය එම තනතුර නිල වශයෙන් භාරගත්තේ 2025 ජනවාරි 20 සිටය. 


කැරොලයින් ලෙවිට් එම තනතුරට පත්වන විට ඇයගේ වයස අවුරුදු 27ක් පමණි. ඒ අනුව ඇය ඇමරිකානු ඉතිහාසයේ ළාබාලතම White House Press Secretary බවට පත්විය. 


2026 අගෝස්තු වන විටත් ඇය එම තනතුරේ සිටින අතර, ධවල මන්දිරයේ නිල මාධ්‍ය හමුවලදී නිරන්තරයෙන් පෙනී සිටී. 

ඇයගේ විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය නිලධාරිනියකගේ භාෂාවට වඩා දේශපාලනිකව දැඩි, සෘජු සහ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන ආකාරයේ මාධ්‍ය සන්නිවේදනයක් භාවිත කිරීමයි.


ඒ නිසා ඇයගේ භූමිකාව හුදෙක් "මාධ්‍ය ලේකම්" තනතුරට සීමා නොවී, ට්‍රම්ප් පරිපාලනයේ දේශපාලන පණිවුඩය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රධාන මුහුණුවරක් බවට පත්ව තිබේ.


කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන පරිදි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.



ජගත් ගගනමිණි ✍️

සියලු ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
නවතම ප්‍රවෘත්තිInternational

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු යුරෝපීය රට බවට ප්‍රංශය පත්වේ. යුරෝපීය සංගමය තුළ වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ප්‍රංශය පත්ව ඇති අතර, එහි පාර…