මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

ලියුවේ Admin
ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට හැකිවීම ජයග්‍රහණයකි.

දේශපාලනඥයන්ගේ වත්කම් හොයන එක, ඒවා මාධ්‍යයෙන් හෙළිදරව් කරන එක නීති විරෝධී කරන්න ආණ්ඩුවපොඩි try එකක් දුන්නා.

ඒක කරන්න හැදුවේ 2023 දූෂණ විරෝධී මුල් පනතේ 88(1) සහ 88(2) වගන්ති වෙනස් කරලා ගෙනාපු 2026 සංශෝධිත පනත් කෙටුම්පතෙන්.

2023 පනතේ, අල්ලස් කොමිෂන් සභාව විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද(Redacted) පිටපත් මහජනතාවට පරීක්ෂා කිරීම සඳහා සහ පිටපත් ලබාගැනීම සඳහා ලබාදිය යුතු බව දක්වාතිබිණා.

සංස්කරණය වන දත්ත විදිහට තිබුණේ ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක සහ පෞද්ගලික ලිපින වැනිසංවේදී පුද්ගලික දත්ත. ඒවා පමණක් ආවරණය කරලා මහජනයාට ලබාදිය යුතු බව එහි සඳහන් වුණා.

ලබාගන්නා වාර්තාව කුමන කාර්යයකට භාවිතා කළ යුතුද නැද්ද යන්න පිළිබඳව මුල් පනතේ 88 වන වගන්තිය තුළකිසිම සෘජු තහනමක් හෝ මාධ්‍යකරණය සීමා කරන වගන්තියක් ඇතුළත් කර තිබුණේ නැහැ.

නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙනාපු සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් වෙලා තිබුණේ එම වාර්තාව නිලආයතනයකට ඉදිරිපත් කිරීමට හැර වෙනත් කිසිදු කාර්යයකට (මාධ්‍යයට ඇතුළුව) භාවිත කිරීම තහනම් තහනම්බව.

විතරක් නෙමෙයි මේ අලුත් පනත් කෙටුම්පතේ දී මේ ආණ්ඩුව මහජන යහපත උදෙසා මාධ්‍ය වාර්තාකරණයටබාධාවක් ඇති කරලා තිබුණා. අදාළ වාර්තාව මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම නීති විරෝධී වීමේ සහ නීතිමයපියවරයන්ට ලක්වීමේ පැහැදිලි අවදානමක් තිබෙන බව එහි සඳහන් කරලා තිබුණා.

මේ ගැන මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය තදින් ප්‍රශ්න කරන කොට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු හුඟක් අයකිව්වේ, 'අපේ අරමුණ වත්කම් හෙළිදරව්ව නතර කරන එක නෙවෙයි, පුද්ගලික දත්ත ආරක්ෂා කරන එක විතරයි' කියලා. ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡාවල මොන තරම් සුරංගනා කතා කිව්වත්... අලුතින් ගෙනාපු දූෂණ විරෝධීසංශෝධන පනත් කෙටුම්පත ඇතුළේ තියෙන්නේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමක් විතරක් නෙවෙයි! මේකජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට කෙළින්ම කරපු බාධාවක්! මාධ්‍යයේ කට වහන්න හිතාමතාම කරපුකුමන්ත්‍රණයක්! කියලා වහන්න බැහැ.

පනත් සම්පාදකයන්ට ඇත්තටම ඕන වුණේ පෞද්ගලික දත්ත විතරක් ආරක්ෂා කරන්න නම්, ඔවුන්ට තිබුණා 'මහජනයහපත උදෙසා කෙරෙන මාධ්‍ය වාර්තාකරණයට මෙය අදාළ නොවේ' කියලා පැහැදිලි නිදහස් කිරීමේ වගන්තියක්ඇතුළත් කරන්න. නමුත් ඔවුන් ඒක කළේ නැහැ.

මේක නීති සම්පාදනයේ සිදුවුණු 'අතපසු වීමක්' හරි 'තාක්ෂණික දෝෂයක්' හරි නෙවෙයි.

තොරතුරු හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ට සහ පුරවැසියන්ට එරෙහිව නීතිය පෙන්වා නඩු පැවරීමේ අවදානම මතුකරලා, ඔවුන්ව බියගන්වා ස්වයං වාරණයකට (Self-censorship) තල්ලු කරන්න හිතාමතාම කරපු ප්‍රහාරයක්! මෙය වක්‍ර ආකාරයෙන් මාධ්‍යයේ අත්පය බඳින පැහැදිලි උත්සාහයක්!"

සිවිල් සංවිධාන (Transparency International Sri Lanka ඇතුළු), මාධ්‍යවේදීන් සහ ජනතාව වෙතින් එල්ලවූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුව මෙම තීරණය නම්‍යශීලී කිරීමට සහ සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව දැනට ලැබී ඇති ආසන්නතම සහ නිල තොරතුරු අනුව ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශය, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තියෙනවා. එම ප්‍රකාශයට අනුව දේශපාලනඥයන්සහ මහජන නියෝජිතයන්ගේ වත්කම් ප්‍රකාශ මහජනයාට සහ මාධ්‍යයට විවෘතව තැබීමේ අයිතිය පෙර පැවැතිපරිදිම තහවුරු කරන බව සඳහන් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් සියලුම දෙනාගේ වත්කම් වාර්තා ප්‍රසිද්ධකිරීම සීමා කිරීමට මුලින් යෝජනා කර තිබුණද, දේශපාලනඥයන් මහජනතාවට වගකීමට බැඳී සිටින බැවින් මහජනනියෝජිතයන්ගේ තොරතුරු ලබාගැනීමේ සහ ප්‍රසිද්ධ කිරීමේ අයිතිය අහෝසි නොකරන බවට රජය තීරණය කරතිබෙනවා.

ගැසට් කර තිබූ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වූ 88 වන වගන්තියේ සීමාකාරී කොටස් ඉවත් කර/වෙනස්කර නැවත සංශෝධිත කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ජනතාවට ඇතිතොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරන්න වත්මන් ආණ්ඩුව ගත්තු උත්සාහය පරාජය කරන්නට පෙනී සිටි සියලුදෙනාටම හෘදයාංගම ස්තූතිය පළ කරනවා.

ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…

වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ
නවතම ප්‍රවෘත්තිSocial

වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ

මා විසින් ලියා පළ කරනු ලැබූ " මාතර වෙරළ විකුණන් කන වෙරළ සංරක්ෂණයේ බලපත්‍ර මාෆියාව" යන ලිපිය පසුගිය 18 වැනි දා Mahesh K Somarathne මහතා ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබුණි. ඒ ගැන පළමුවෙන්ම ඔහුට ස්තූති කරමි…