පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ.
ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත්
කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව්යෝක් ජර්නල්" පුවත්පතයි.එහි
කර්තෘවරයා වූයේ විලියම් හර්ට්ස් නැමැති
පුවත්පත්කලාවේදියෙකි.විලියම් හර්ට්ස්
වරක් සිය වාර්තාකුරුවකු වූ රෙමින්ග්ටන්
නැමැත්තා ස්පාඤ්ඤයට යැවීය.
රෙමින්ග්ටන් ගේ වගකීම වූයේ ස්පාඤ්ඤයේ නුදුරේදී ඇතිවන යුද්ධයේ දාමරිකම් හා බිහිසුණු අවස්ථාවල ඡායාරූපහා වාර්තා පුවත්පතට
සැපයීමය.එහෙත් ස්පාඤ්ඤයට ගිය රෙමින්ග්ටන් හට එහි කිසිදු යුධමය වාතාවරණයක් දකින්නට නොලැබිණි.ඔහුකර්තෘ හර්ට්ස් වෙත මෙබඳු පණිවිඩයක් යැවීය.
විලියම් හර්ට්ස්,
කර්තෘ,
නිවුයෝක් ජර්නල් පුවත්පත.
මහත්මයාණෙනි;
මේ රටේ කිසිදු කරදරයක් හෝ පුශ්ණයකා
නැත.සියල්ල සන්සුන්ය.යුද්ධයක් ඇතිවන පාටක් නැත.ආපසු ඒමට අවසර දෙන්න.
රෙමිල්ග්ටන්
මේ පණිවිඩය ලද විලියම් හර්ට්ස් සිය වාර්තාකරු රෙමිල්ග්ටන් හට මෙබඳු පිළිතුරක් යැවීය
හිතවත් රෙමිල්ග්ටන්,
කරුණාකර නවතින්න.ඔබ මා වෙත ඡායාරූප සපයන්න.මම යුද්ධය සපයමි
හර්ට්ස්
මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව කිසිවකු නොදනී.එහෙත් විලියම් හර්ට්ස් ගොඩ නැගූ ජනමතය වූයේ ස්පාඤ්ඤයඇමරිකානු නිදහසට තර්ජනයක් වී ඇති බවය.නොබෝ දිනකින් යුද්ධය ඇවිලී ගියේය.ස්පාඤ්ඤ ඇමරිකාව අතරඇති වූ ඒ යුද්ධය විලියම් හර්ට්ස් සිය පුවත්පත මගින් මෙහෙයවූ ජනමතයෙහි ප්රතිඵළයන් බව බොහෝ දෙනෙකුගේවිශ්වාසය විය.
1898 වසරේ පැවති ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය යනු කියුබාවේ නිදහස් අරගලය, යුඑස්එස් මේන් (USS Maine) යුධ නෞකාව ගිලී යාම, සහ ඇමරිකාවේ මැදිහත්වීම මත ඇති වූ මාස හතරක පමණ කෙටි ගැටුමකි. මෙම යුද්ධය අවසන් වූයේ [පැරිස් ගිවිසුම (Treaty of Paris)] අත්සන් කිරීමෙනි
(අදටත් ඉතිං එහෙමම තමා...වෙනසක් වෙලා නෑ😀 )
ලොකුලියන ලොකු ✍️



