මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

සලේට වෙච්චි වින්නැහිය....

ලියුවේ Admin
සලේට වෙච්චි වින්නැහිය....

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සමිමත කරන්න යන අවස්ථාවේ ඒ පනත පුරවැසියන් හිංසාවට බඳුන් කරන  පනතක් බවට බොහෝ පාර්ශව වලින් චෝදනා නැගුනා. පනත සම්මත කිරීමට පෙර පැවතුන සංවාදවලදී ජනතා විමුක්ති පෙරමුණද මෙයට එරෙහි වූ බව අපට මතකයි. 


වර්තමානයේ ජවිපේ මූලික කර ගත් ජාජබ ආණ්ඩුවකින්ද ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ පනත අහෝසි කිරීමෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටෙනු ඇති බවට ආණ්ඩුවේ අදහස වෙන්නට ඇති. බලයට පත් වීමට පෙර ජවිපෙ මේ පනත පිළිබඳව පැවැති ස්ථාවරය බලය ලබා ගැනීමත් සමගම වෙනස් කර ගැනීම කණගාටුදායකයි.


මේජර් ජනරාල් සලේ රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වී⁣මේ පනතේ විධානයන් යටතේ බව පැවසෙනවා.


එය එසේවන්නේ නම් ඉන් මාර උත්ප්‍රාසයක්  නැගෙනවා. ඒ මන්ද යත් මේ පනතට එරෙහිවූ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හා සිවිල් සංවිධාන වල ක්‍රියාකාරිත්වය, මේජර් ජනරාල් සලේ ගේ ඒ දිනවල වෘත්තිමය දායකත්වය තුළ වර නැගුනේ ත්‍රස්තවාදීන් විදියට. ඒත් දැන් ඔහු ඒ පනතින්ම සිර ගත කරලා.


සිය රාජකාරිය උකසට තියලා  දේශපාලන ඇයි හොඳයිකම් වලට හාම්පුතාල රජ කරවන්න පාවඩ දාන්න ගිහිල්ලා ⁣ඔහු අමාරුවෙ වැටුණා කියලත් හිතෙනවා.


රට ආර්ථික අර්බුදයට පත් වූ අවස්ථාවේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් හිඟයක් ආවා. ඒත් ජාතික ආරක්ෂාව තිබුණා. රටේ ඉන්ධන හිඟවුනා. ජාතික ආරක්ෂාව තිබුණා. කිරි පිටි නැති වුනා. ඒත් ජාතික ආරක්ෂාව තිබුණා. ඒ හිඟකම අස්සෙ ⁣පුරවැසියන් පෝලිම් වලට එකතු වුණා. ඔය පෝලිම් අස්සෙ සලේ ගෙ ගෝලයන් හිටියා. ඒත් ජාතික ආරක්ෂාවට, ඒ කිව්වෙ ආණ්ඩුවට එරෙහිව හූ කියන එවුන් කවුද කියල හොයන්න. එහෙම හොයා ගෙන අල්ල ගත් සමහර එවුන් බන්ධනාගාරගත කෙරුවෙත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින්. ඒත් ජාතික ආරක්ෂාව සඳහා. මේජර් ජනරාල් සලේ ඒ දිනවල ජාතික බුද්ධි අංශයේ ලොක්කා බව අමතක කරන්නත් හොඳ නැහැ.


ඒ දවස්වල මේජර් ජනරාල් සලේ රාජකාරි කෙරුවෙ පුරවැසියන් ඔය ත්‍රස්ත පනතින් හිරේ විලංගුවෙ දාන්න. උන්නැහේට පැවරිල තිබුණ ඒ රාජකාරිය තමන්ගෙ ස්වාමිවරුන් ගොඩ දාන්න කරපු එකයි වැරැද්ද. කෙසේ වෙතත් අද උන්නැහේටත් ත්‍රස්ත පනතින් විලංගු වැටිලා.


මේ ඉතිහාසය වර්තමානයට ගලපලා ලියනවා නම් ලියන්න තියෙන්නෙ මෙච්චරයි. ඒ ලිවීම සරලයි. කෙටියි. ඒත් හිතන්න ගොඩක් තියෙනවා.


දඩයක්කාරයයි බල්ලයි දඩයම පස්සෙ එළවද්දි බල්ලා හිතනවා. දඩයක්කාරයායි ඌයි සමානයි කියලා. දඩයක්කාරයා දඩයම අතට ගත්තට පස්සෙ තමා බල්ලා දැනගන්නෙ තමන් එක්කන් ආවෙ දඩයමට විතරයි කියලා.



ජනරාල් විජයබාහු ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…