මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

සලේගේ නඩුවෙන් දිලීපව එළවන්න සැලසුමක්...

ලියුවේ Admin
සලේගේ නඩුවෙන් දිලීපව එළවන්න සැලසුමක්...

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් පිරිසක් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට එරෙහිව නීතිපති පාරින්ද රණසිංහ වෙත නිල වශයෙන් පැමිණිලි කිරීමට  සුදානම් වී ඇතැයි වාර්තා වේ. 


මීට හේතු වී ඇත්තේ, සලේ සහ ඔහුගේ නීතිඥයන් අතර සිදුවන සාකච්ඡා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීමය.


දිලීප පීරිස්ට එරෙහිව මෙම පැමිණිල්ල සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු විසින් මේ වන විටත් නීතිපතිවරයා වෙත වාචිකව සිදු කොට ඇතත්, ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ නිල ලිඛිත පැමිණිල්ල භාරදීමට නියමිත බව වාර්තා වේ.


සුරේෂ් සලේ ගේ නීතිඥයෝ පෙන්වා දෙන්නේ, නඩු විභාගය අතරතුරදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය, සැකකරුවන්ගේ මෙන්ම නීතිඥවරුන්ගේ ද වෘත්තීය අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ය. 


නීතිපතිවරයාට අමතරව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සලේගේ නීතිඥ පාර්ශ්වය තීරණය කර ඇත.


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සල්ලෙයි මහතා මේ වන විට රැඳවුම් භාරයේ සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ය.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…