මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ

ලියුවේ Admin
වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ

මා විසින් ලියා පළ කරනු ලැබූ " මාතර වෙරළ විකුණන් කන වෙරළ සංරක්ෂණයේ බලපත්‍ර මාෆියාව" යන ලිපිය පසුගිය 18 වැනි දා Mahesh K Somarathne මහතා ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබුණි. ඒ ගැන පළමුවෙන්ම ඔහුට ස්තූති කරමි.


ඔහුගේ fb පිටුවේ පළ කළ එම ලිපියට, Thushara Sandakal Kumarawadu නමැත්තෙකු දැනට දින තුනකට පෙර comment එකක් දමා තිබුණි. එහි සඳහන් කර තිබුණේ මේ ආකාරයටය. 


"මනුස්සකමට උදව්වක් කළහම මෙහෙම ලියන එක හොඳ මදි නේද? මම දන්න විදිහට නම් කළණි මිස් නීතියට වැඩ කරන කෙනෙක්."


වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට අනුයුක්තව, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර 17 ක් සේවය කළ කලණි ප්‍රේමතුංගගේ නීතිගරුක භාවය සහ සුජාතභාවය ගැන වර්ණනා කරන මේ Thushara Sandakal Kumarawadu යන අය කවුදැයි අපි විමසිල්ලෙන් යුතුව සොයා බැලුවෙමු. 


තුෂාර සඳකැල් කුමාරවඩු යනු කළණි හිමාලි ප්‍රේමතුංගගේ උදව් උපකාර ඇතිව, අනවසර ඉදිකිරීම් සහිතව ඉදිකළ හෝටලයක හිමිකරුවකු බවට තොරතුරු අප සොයා ගත්තෙමු.


කළණි හිමාලි ප්‍රේමතුංග ගේ සුජාතභාවයට සහතික ලබා දෙන මේ තුෂාර කුමාරවඩු නැමැත්තා, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව වෙරළ ආසන්නයේම තම හෝටලය තුළ පිහිනුම් තටාකයක් හා ගොඩනැගිල්ලක් ඉදි කර ඇති පුද්ගලයෙකි. 


මේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026.06.10 වන දින මාතර පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇති නමුත්, මේ පුද්ගලයාට ඇති සම්බන්ධතා මගින් ඇති කර තිබෙන බලපෑම හේතුවෙන් ඒ අනීතික ඉඳිකිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් මේ දක්වා ක්‍රියාත්මක කර නැත.


මේ වනතෙක් පැමිණිල්ලට අදාලව නඩුවක් මාතර පොලිසිය විසින් ගොනු කර නොමැති අතර, අනීතිකව ඉදිකර ඇති මෙම ඉදිකිරීම් වෙරළ සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් හරහා නීතිගත කරගැනීමේ උත්සහයක් පිළිබඳව ද අනාවරණය වෙමින් පවතී.


එසේම තුෂාර සඳකැල් කුමාරවඩු විසින් ඉදිකර ඇති අනවසර ගල්බැම්මක් හේතුවෙන් මොහුගේ බලපත්‍රය මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති අතර, එම නිසා ඉතිරිව ඇත්තේ අදාල ඉදිකිරීම් සඳහා කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කර ඉදිකිරිම කඩා ඉවත් කිරීම පමණි.


පොල්හේන village හෝටලයට යාබදව ඉදිකරන මෙම හෝටලයේ පිහිනුම් තටාකය හා ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් ඉදිකර නිමකරන තුරු මෙම ප්‍රදේශය භාර වෙරළ සංරක්ෂණ නියාමකවරයා වන සරත් කුමාර නමැති නිලධාරියා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, අවසානයේ ප්‍රදේශය භාර වෙරළ සංරක්‍ෂණ පරීක්ෂකගේ දැඩි බලපෑම මත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.


මේ අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් අවසන් වන තුරු නිහඬව සිටීම මගින් වෙරළ සංරක්ෂණ නියාමකවරයා  රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇත. අපට ලැබෙන තොරතුරු අනුව සරත් කුමාර නමැති වෙරළ සංරක්‍ෂණ නියාමක වරයා, කළණි හිමාලි ප්‍රේමතුංග සමග ඉතා දීර්ඝ කාලයක් අනවසර ඉදිකිරීම් සඳහා සහයෝගය දෙමින් රාජකාරි කර ඇති පුද්ගලයෙකි.


මා විසින් ලියන ලද අදාළ ලිපිය මගින්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූ දුෂිත ටර්නි ප්‍රදීප් කුමාර විසින් බලපත්‍ර මාෆියාවේ බලපෑමට යටත්ව අත්තනෝමතික ලෙස කලණි ප්‍රේමතුංග වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජකාරි සඳහා නැවතත් පත් කරන ලද බව මම හෙළිදරව් කළෙමි.


මේ වන විට ලැබෙන ආරංචි මාර්ග අනුව දැනගන්නට ඇත්තේ මෙම ස්ථාන මාරුව සඳහා ආයතනයේ බලපත්‍ර මාෆියාවට අමතරව, අනවසර ඉදිකිරීම් සහිත හෝටල් හිමියන්ගේ බලපෑම ද ටර්නි ප්‍රදීප් වෙත දැඩි ලෙස එල්ලවී ඇති බවය.


Mahesh K Somarathne මහතාගේ fb පිටුවේ පළ කරන ලද මාගේ  ලිපියට, පොල්හේනේ අනවසර ඉදිකිරීම් සහිත හෝටලයේ හිමිකරු වන තුෂාර කුමාරවඩු නැමැත්තා පළ කර ඇති කොමන්ට්ටුව මගින්, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ දුෂිත ටර්නි ප්‍රදීප් විසින් සිදු කළ ස්ථාන මාරුව සඳහා පොල්හේන අනවසර ඉදිකිරීම් සහිත හෝටල් හිමියන් කොතරම් සතුටට පත් වී ඇති ද යන්න මනාව තහවුරු වී තිබේ.


මාතර දිස්ත්‍රික්කයේ සෑම තැනකම අනවසර ඉදිකිරීම් ඉවත් කළත්, පසුගිය වසරේ හා මෙම වසරේ පොල්හේන ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නොහැකි වී ඇත. පසුගිය වසරේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරීම වැලැක්වීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් ගේ උපදෙස් මත මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ තුෂාර ඉඳුනිල් ඍජුව මැදිහත් වී ඇත. 


ලැබෙන ආරංචි මාර්ග අනුව පසුගිය වසරේදී තුෂාර ඉඳුනිල් මොවුන් වෙනුවෙන්ම වෙනත් රැස්වීමක් කැඳවා ඔවුනට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමේ මුවාවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මග හැර ඇත. වෙනත් ප්‍රදේශ වල අනවසර ඉවත් කිරීමේදී කොටියෙකු මෙන් රඟ පෑ සහකාර අධ්‍යක්ෂ තුෂාර ඉඳුනිල්, පොල්හේනේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී පුස් පැටියෙකු සේ ක්‍රියා කොට ඇත. එසේ ක්‍රියා කළේ ඇයි ද යන්න හොඳ හැටි දන්නේ ඔහුගේ බැංකු ගිණුම් පමණි.


වැල්ලමඬම වෙරළ උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ දී රාජ්‍ය මුදල් ගසා කෑම හෙළිදරව් වීමෙන් පසුව, මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සිට කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවයට කැඳවා ගෙන සිටින තුෂාර ඉඳුනිල්ව, නැවතත් මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත් කොට දූෂිත කළණි හිමාලි ප්‍රේමතුංග සමඟ එක්ව දූෂණය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට ටර්නි ප්‍රදීප් කුමාර විසින් සූදානමින් සිටින බව ද අපට දැනගන්නට ඇත.


ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලනඥයන් ගේ රෙකමදාරුවෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වී ඇති දූෂිත ටර්නි ප්‍රදීප් කුමාර සහ පසු ගිය ආණ්ඩු ගණනාවක් පුරා දූෂණයේ යෙදී තවමත් අඛණ්ඩව දූෂණයේ යෙදෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිළධාරීන් පිරිස සමඟ එකට එක්ව, නීතිය නවමින්, නීතියට වංගු දමමින් පොල්හේනේ අනවසර ඉදිකිරීම් සිදු කරන මේ ජාවාරම් කරුවන් ගේ අනීතික ඉඳිකිරීම් ඉවත් කරන තුරු අප විසින් මෙම හෙළිදරව් කිරීම් දිගටම සිදු කරන්නෙමු.


(තුෂාර සඳකැල් කුමාරවඩු නැමැත්තා විසින් වෙරළ තීරයේ ඉඳිකර ඇති අනවසර ඉදිකිරීමට එරෙහිව ජුනි මස 10 වැනි දා මාතර පොලීසියට කරන ලද පැමිණිල්ලට අදාල ලියවිල්ල සහ ඔහු විසින් කළණි හිමාලි ප්‍රේමතුංගට චරිත සහතික දෙමින් පළ කළ කොමෙන්ටුව මීට යා කොට ඇත.)


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…