මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

විමලේ ගේ බිරිඳට සිර දඬුවම ස්ථිර වේ.

ලියුවේ Admin
විමලේ ගේ බිරිඳට සිර දඬුවම ස්ථිර වේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ නිල බලය භාවිතා කරමින් හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා   සන්තකයේ තබා ගැනීමේ වරදට වසර දෙකක බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලබා සිටි ඔහුගේ බිරිඳ වන ශෂි වීරවංශ විසින් එම දඬුවමට  එරෙහිව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය අද (11)ප්‍රතික්ෂේප කරනු ලැබීය.


එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමත් සමගම 2022 මැයි 27 වන දින කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ශෂී වීරවංශට නියමවී තිබූ දඬුවම ක්‍රියාත්මක වේ. එහිදී ඇයට බරපතල වැඩ සහිතව අවුරුදු ⁣දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06 ක සිර දඬුවමක්ද නියම කර තිබුණි. 


මෙම සිර දඬුවමට එරෙහිව ඇයගේ නීතිඥයන් විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අභියාචනය විභාග කර අවසන් වෙන තුරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අධිකරණය විසින් ශෂි වීරවංශ ඇප මත මුදා හරින ලද අතර, කොළඹ මහාධිකරණය විසින් අද දින ප්‍රකාශය⁣ට පත් කරන ලද්දේ එම අභියාචනයේ තීන්දුවයි.  


ඒ  අනුව මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඇයට නියම වී තිබුණු දඩුවම එලෙසම ක්‍රියාත්මක වනු ඇත.      

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…