මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

රාජපක්ෂ පුත්‍රයන්ට එරෙහිව තවත් චෝදනාවක්

ලියුවේ Admin
රාජපක්ෂ පුත්‍රයන්ට එරෙහිව තවත් චෝදනාවක්

අල්ලස දූෂණය හා නාස්තිය⁣ට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අක්කර 135 ක් විශාල තේ වත්තක් නීති විරෝධීව

අත්පත් කර බවට චෝදනා කරමින්

යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.


දොලොස්භාගය ප්‍රදේශයේ පිහිටි ඔසා 

ප්ලාන්ටේෂන් සමාගමට අයත් කෙලී ගෲප් තේ වත්තේ අක්කර 135 ක බිම් ප්‍රමාණයක් හා 1918 වර්ෂයේ ඉඳි කරන ලද පැරණි විශාල බංගලාවක් මේ දේපොලට අයත් බව පැවසේ.


පසුගිය කාලයේ වෙඩි තබා ඝාතනය කරන ලද අරුණ විතානගේ නොහොත් කජ්ජා හා නෙවිල් වන්නිආරච්චි මැදිහත් වීමෙන් මෙම දේපොල මිලයට ගෙන ඇති බවටද අනාවරණය වී තිබේ. අදාළ ඉඩමට සම්බන්ධ ලියාපදිංචි අංක 1386 දරණ ඔප්පුව හා අංක 787 දරණ පිඹුර ඇතුළු ඒ ගණුදෙනුවට අදාල සියළු ලේඛන තමන් සන්තකයේ තිබෙන බවද අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි. 


මෙවැනි විශාල දේපලක් මිළයට ගැනීමට තරමේ වත්කමක් චුදිත පාර්ශවයට තිබෙන්නට ඉඩ හැකියාව නැති බවට සැක කරන එම සංවිධානය, අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් ඉල්ලා ⁣ඇත්තේ එම දේපල මිලදී ගැනීම සදහා ඔවුන් වැය කරන ලද අති විශාල මුදල අයථා ලෙස උපයාගත් වත්කම්ද යන්න පිළිබඳව සොයා බලා නෛතික පියවර ගන්නා ලෙසටය.

 

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…