මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

පිළිකා රෝගීන් උකස් කොට මුදල් ගැරූ නසරාණි අම්මණ්ඩි

ලියුවේ Admin
පිළිකා රෝගීන් උකස් කොට මුදල් ගැරූ නසරාණි අම්මණ්ඩි

මහරගම අපේක්ෂා රෝහලට යන පුරවැසියෙකුට එහි දුක් විඳින රෝගීන් ගැන ඇතිවන්නේ දරා ගත නොහැකි වේදනාවකි. 


එපමනක්ද නොවේ. එහි විඳවන මිනිස් ජීවිතය ගැන කළකිරීමක් ඇති නොවුනානම් එයද මහත් පුදුමයකි. ඒ තරමටම ඒ වටපිටාව ඉතා වේදනාකාරීය. මිනිස් සිත් කම්පනයට පත් කරවන සුළුය. ඒ රෝහළ තුළ දුක් විඳින රෝගීන් ගැන කම්පනය නොවන මිනිසුන් මේ සමාජය තුළ සිටී නම් ඒ තිරිසන් මෙලේච්ඡයන් විය යුතුය. ඒ අනුකම්පා විරහිත මෙලේච්ඡත්වය ගණන් හිලව් වලට සීමා කරන්නට නොහැකි තරමේය.


⁣ඉස්පිරිතාල ලඟ මිනී පෙට්ටි සාප්පු ඇත්තේ රෝගීන් මිය යන නිසා යැයි  අවලම් කඩප්පුලි ප්‍රකාශයක් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මෙරට ව්‍යාප්ත වුණ අප්‍රසාදය, කෙළවර වූයේ මේ කාලකණ්නි මිනිසාගේ  දෑතට මාංචු වැටීමෙනි.⁣ 


එහෙත් මනුෂ්‍යත්වයට නිගා දුන් කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විපක්ෂය 2023 මාර්තු  07 වන දින ගෙන ආ විශ්වාස භංගයේදී ඔහු ගේ ගුණ වයමින් දහ අතේ දිවුරමින් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටි පොහොට්ටුවේ තක්කඩියන් ගැන දැන් සමාජයට අමතකය. එදින පාර්ලිමේන්තුවේදී ඇමති සී.වී.චානක මොරදුන්නේ මෙහෙමය.


"....මඩ ගහන්න තැනක් නැතිවෙන කොට මේක ඉස්සරහට යනවා දකින කොට

මේ අර පැත්තක ඉන්න කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා අල්ල ගත්ත. මේ සමස්ත වැඩ පිළිවෙලේ කොතැනටද ඇණේ ගහන්න පුළුවන් කියලා. එන්නත්  වගේ බෙහෙත් වලත් හැම වෙලාවෙම ඇලජි ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේ කොනක් අල්ල ගන්න ඕනි දේශපාලනය කරන්න. මේවා කියලා මිනිස්සු ආපස්සට ගෙනියන්න එපා..."


ඊළඟට එදිනම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කිසිම හිරිකිතයක් නැතුව මෙලෙස පැවසීය.


"....බාල බෙහෙත් ගෙනාවත් මිනිහෙක් කෝමද බලන්නෙ. කෙහෙළිිය රඹුක්වැල්ල 

ඇමතිතුමාට පුළුවන්ද බේත් බීල බලන්න.

ඒම නැතිනම් ඇමතිතුමාට පුළුවන්ද මේ එන්නත අරන් බලන්න. මොකද වෙන්නෙ ගරු කතානායකතුමණි ගත්තු මිනිහ මැරෙනවනම්...."


මේ වන විට නාමල් රාජපක්ෂ රටේ ජනපතිවරයා කරන්නට පාරට බැස ඇත්තේ මෙවැනි අමානුෂික අසංවේදී මෙලෙච්ඡයන් බව පුරවැසියන් නැවත සිහිපත් කර ගැනීම වටී. එහෙත් අවාසනාව වන්නේ මෙරට පුරවැසියන්ට හැම සිදුවීමක්ම මතකයේ තියෙන්නේ දවස් හතක් පමණක් වීමය. 


පොදු ජන පෙරමුණේ ආණ්ඩුවකට පුරවැසියන් පෙළ ගස්සවන්නේ හෘද සාක්ෂියක් නැති මේ ජාවාරම්කාරයන්ය. ඒ සිද්ධිය පොදු ජන පෙරමුණේ තක්කඩි කෙරුම්කාරයන්ගේ පැටිකිරිය අනාවරණය කරන එක සිදුවීමක් පමණි.


රාජපක්ෂ මහ අම්මණ්ඩියගේ පෝරිසාද කෙරුවාව ඊටත් වඩා බරපතලය. එය මහ පොළොව නුහුළන වැහි නැති අකුණු ඔළුවට පාත් වෙන තරමේ සාහසික අපරාධයකි. 


මහරගම අපේක්ෂා රෝහලේ දුක් විඳන රෝගීන් උකසට තබා රාජපක්ෂ මහ අම්මණ්ඩිය සිදු කර ඇති මහා මුදල් මංකොල්ලය මේ පවුලේ පාදඩකම තහවුරු කරන්නකි. සැබැවින්ම මුන් මිනිස් ආත්මයේ ජාතක වුන තිරිසනුන් බව මොළය බිඳක් හෝ ඇති ඕනෑම අයෙකුට තේරුම් යා යුතුය.


"අපේ ශිරන්ති මැඩම්" යැයි පොහෙට්ටුවේ පාක්ෂිකයන් මහත් අභිමානයෙන් හඳුන්වාදෙන උන්දෑ ගේ සිත් පිත් නැති කෙරුවාව සැබෑ මිනිසත් කමක් ඇත්තවුන්ගේ හෘද සාක්ෂිය කම්පනය කරවයි. 


මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ චීන සමූහ ආණ්ඩුව විසින් මහරගම පිළිකා රෝහල වෙත 'පෙට් ස්කෑන්' (PET Scan) යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලයේ පරිත්‍යාග කර තිබුණි. එහෙත්, මෙම පරිත්‍යාගය පිළිබඳව කල්තියා දැනගත් ශිරන්ති රාජපක්ෂ, 'සිරි සවිය' නමැති සිය අරමුදල හරහා එම යන්ත්‍රය මිලදී ගැනීමට යැයි පවසමින් ව්‍යාජ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.


පිළිකා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිදුකළ මෙම අමානුෂික වංචාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් අතිවිශාල මුදලක් එක්රැස් කරගෙන ඇති අතර, එය සෘජුවම ඇයගේ ගිණුම්වලට බැර කර ගෙන ඇති බව අනාවරණය ⁣වී ඇතැයි දැන ගැන්මට තිබේ.


ඒ පිළිබඳව මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශිරන්ති රාජපක්ෂගේ මෙම පිළිකා රෝහල් අරමුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එදා එම මුදල් තැන්පත් කළ රාජ්‍ය බැංකුවල හිටපු සභාපතිවරුන් සහ කළමනාකාරවරුන් මේ දිනවල විමර්ශන අංශ වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇත.


මේ අතර එක් රාජ්‍ය බැංකුවකින් පමණක් රුපියල් මිලියන දෙකක මුදලක් මෙසේ වංචනිකව ලබාගෙන ඇති බවට සාක්ෂි මතු වී ඇති බවද පැවසේ.


පිළිකා රෝගීන් උකසට තබා මුදල් මංකොල්ල කන්නට තරමේ අමානුෂික වන ගැහැණියක ගැන තව වැල් වටාරම් ලිවීම තේරුමක් නැති වැඩකි. සිය අම්මණ්ඩිය ගේ දූෂිත කෙරුවාව එසේ නම් පුතුන් ගැන කවර කතා දැයි කවරෙකු හෝ අසන්නේ නම් ඒ ඇසීමේ කිසිම වරදක් නැත. 


මේ රටේ පුරවැසියන් ගේ ජීවිත ගැන මේ අම්මන්ඩියට සංවේදී කමක් නොතිබුණ බවද මේ වංචනික ගණුදෙනුවෙන් තහවුරු වේ. මෙවැනි නසරානී ස්ත්‍රී ආත්මයන් වීරවරියන් ලෙස ඔසවා තබන්නට තවමත් දඟලන පුරවැසියන් ගැන අපට ඇත්තේ දැඩි කණගාටුවකි.


දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…