මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

තුසිත හල්ඔළුව ඩුබායි පැනලා පාතාලය එක්ක සෙට් වෙලා ..

ලියුවේ Admin
තුසිත හල්ඔළුව ඩුබායි පැනලා පාතාලය එක්ක සෙට් වෙලා ..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලයේ මහජන සම්බන්ධීකරණ ලේකම් වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්⁣ඔළුව  ඩුබායි රාජ්‍යයේ දී මෙරට ලේඛණගත අපරාධකරුවන් වන පාතාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් මුණ ගැසී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබී තිබේ.


පසුගියදා විදේශ රටකදී අත් අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ පාතාල අපරාධකාරයකු වන බටුවත්තේ චාමර නැමැත්තා මේ තොරතුරු හෙළි කර ඇති බවද පැවසේ.


තුසිත හල්ඔළුව ඩුබායි රාජ්‍යයේදී තමන් හා නාරාහේන්පිට චමිල නැමැත්තා මුණ ගැසුණ බව බටුවත්තේ චාමර පොලීසියට පවසා තිබේ. 


නීතිඥ දිනේෂ් දොඩංගොඩ හා තුසිත හල්ඔළුව ගමන් ගත් රථයට වෙඩි තබා ඔවුන් සන්තකයේ තිබූ ලිපි ගොනුවක් පැහැර ගැනීමේ සිද්ධියට ⁣බටුවත්තේ චාමර හා චමිල නැමැත්තන් සම්බන්ධ බවට මීට පොලීසිය විසින් අනාවරණය ⁣කර ගෙන තිබුණි.


තුසිත හල්ඔළුව ඩුබායි රාජ්‍යයට ගොස් පාතාල අපරාධකරුවන් මුණ ගැසුණේ කවර හේතුවකටද යන්න තවමත් අනාවරණය වී නැත. එහෙත් මේ තොරතුර පිළිබඳව මේ වන විටත් වැඩි දුරටත් විමර්ශනය කරමින් පවතින බවද දැන ගැනීමට ති⁣බේ.     


කෙසේ වෙතත් තුසිත හල්ඔළුව ඩුබායි රාජ්‍යයට ගොස් බරපතල ගනයේ ලියාපදිංචි අපරාධ කරුවන් මුණ ගැසීම  ගැන විමර්ශනය කළ යුත්තේ එවකට රට තුළ පැවැති දේශපාලන වටපිටාව අවධානයට ගනිමිනි. 


ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනපතිවරයා ඝාතනය කිරීම සඳහා යටි බිම්ගත කුමන්ත්‍රණයක්  පවතින බවට ඒ දින වල සමාජය තුළ කතා බහක් නිර්මාණය වී තිබුණි. එම කතා බහ යටපත් වුවද එහි යම් සත්‍යතාවක් පැවති බව ⁣තුසිත හල්ඔළුවගේ ඩුබායි සංචාරය ගැන අනාවරණය කෙරෙන තොරතුරු වලින් සැකයක් පහළ වේ. 


තුසිත හල්ඔළුව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා යහපාලන රජය පිහි⁣ටුවීමට කුමන්ත්‍රණය කළ ⁣අයෙක් ලෙසද වාර්තා ගත වී තිබේ. තමන් ඒ සඳහා දායක වූ බවද තුසිත හල්ඔළුව ලංකාදීප පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබුණි.


එසේම ජාතික ජන බලවේග  ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තුසිත හල්ඔළුව මාධ්‍ය වෙත කළ ප්‍රකාශයන් තුළින් ආණ්ඩුවට කරන ලද අනතුරු ඇඟවීම් ඔහුගේ ඩුබායි සංචාරය හා ගලපා ගත හොත් එය එසේ මෙසේ ගමනක් නොවන බව අනාවරණය වන්නට ඉඩ තිබේ.  


දක්ෂිණ ලියනාරච්චි ✍️                                                            

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…