මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ජොරොම් ගේ ගුරුවරයා අස්වාභාවික ⁣ලිංඟික චෝදනාවකට පොලිස් භාරයට

ලියුවේ Admin
ජොරොම් ගේ ගුරුවරයා අස්වාභාවික ⁣ලිංඟික චෝදනාවකට පොලිස් භාරයට

සිම්බාබ්වේ ආගමික  දේශකයකු ලෙස ප්‍රසිද්ධ Uebert Angel නමැත්තාව පහරදීමක් හා අස්වාභාවික ලිංඟික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. 


ශ්‍රී ලංකාවේ ආගමික දේශකයෙක් වන ජෙරම් ප්‍රනාන්දු ගේ අධ්‍යාත්මික පියා සහ ආගමික උපදේශකයා වන්නේ ද Ubert Angel  ය.


පසුගිය 22 වන දා මෙම ආගමික උපදේශකයා අත් අඩංගුවට ගත් බව සිම්බාබ්වේ පොලීසිය ප්‍රකාශයට පත් කළ නිවේදනයක සඳහන්ව තිබුණි.⁣ සිම්බාබ්වේ ජනරජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෝල් නියානි මේ අත් අඩංගුවට ගැනීම නිල වශයෙන් තහවුරු කර තිබේ.


කෙසේවෙතත් අනාගතවක්තෘවරයකු ලෙස හඳුන්වන ජෙරම් ප්‍රනාන්දුගේ දියණිය විවාහ වී සිටින්නේ ubert Angel ගේ පුත්‍රයා සමග බව පැවසේ. 


මොහු අත් අඩංගුවට ගැනීම පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරි කාලයේදී අනාවරණය කරන බව පොලිස් නිවෙිදනයේ සඳහන් වේ. 


Ubert Angel පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ හරාරේ නගරයේ Hippodrome ප්‍රදේශයේ පැවැති දේව මෙහෙයක් අතර තුරදී බවද දැන ගැන්මට තිබේ.


සිම්බාබ්වේහි ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන Uebert Angel, Spirit Embassy නමැති ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා වන අතර එම සංවිධානය GoodNews Church ලෙසද හැඳින්වේ.


Ubert angel 2020 හා 2022 වර්ෂ වලදී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වේ. එහිදී ඔහු හා ජොරොම් ප්‍රනාන්දු  අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයවළුන් හමුවී දේව මෙහෙයක්ද පවත්වා තිබුණි.


Urbet Angel ගේ මෙරට නියෝජිතයා වන ජෙරොම් ප්‍රනාන්දු ඒ දිනවල  බුදුන්වහන්සේ නිගරුවට ලක් කරන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළ විශාල ආන්දෝලනයක් මතු වී තිබුණි. 


Urbet Angel හා ජොරොම් ප්‍රනාන්දු  මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අය හමුවීම ගැනද සමාජයෙන් චෝදනා නැගුණි. 


දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්ති — International

ප්‍රංශයේ අනාගත බල අරගලය!
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශයේ අනාගත බල අරගලය!

ප්‍රංශය මේ වන විට ගමන් කරමින් සිටින්නේ තවත් සාමාන්‍ය ජනාධිපතිවරණයක් කරා නොවේ. 2027 ජනාධිපතිවරණයට පෙර ප්‍රංශ සමාජය තුළ මතුවෙමින් පවතින දේශපාලන හා සමාජ විපර්යාසය, එරට දේශපාලන බල ව්‍යුහය පමණක් නොව යුරෝපය…

එළඹෙන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්
නවතම ප්‍රවෘත්තිInternational

එළඹෙන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්

ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ තරුණ ශිෂ්‍ය සංගම් මුල් වී ප්‍රංශය පුරා ආරම්භ කළ 3 වන සති අන්ත විරෝධතා මාලාවේ ප්‍රධාන පෙළපාලි අද (නොවැම්බර් 01 ඉරිදා) දින සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ. අද දිනය…

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය...
නවතම ප්‍රවෘත්තිInternational

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය...

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය... “යුරෝපයේ රතු රැල්ලකි. ග්‍රීක පාර්ලිමේන්තුව ඉදිරිපිට සිසුන් කොමියුනිස්ට් ධජය ලෙළ දෙති!” මෙය හුදෙක් සිරස්තලයක් පමණක් නොවේ; ධනපති පන්ති ක්‍…

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…