මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි

ලියුවේ Admin
චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි

රුපියල් මිලියන 120 ක අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවකු වූ

සමගි ජන බලවේගය (SJB) හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා අද (30) රක්ෂිතබන්ධනාගාරයෙන් නිදහස් කරන ලදී.

පසුගිය ජූලි 28 වන දින ඇප ලබා දී තිබියදීත්, අවශ්‍ය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ බැවින්, අබේසිංහමහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටියේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව චරිත් අබේසිංහ මහතා අද(30) දින රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් විය.

මෙම අල්ලස් නඩුවේ අනෙක් චූදිතයන්  දෙදෙනා වන්නේ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්නීතිඥ රඛිත රාජපක්ෂ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණ ශ්‍රීවරුෂහැන්නදිගේ ය.

මොවුන් දෙදෙනා පසුගිය 28 වැනිදා, නියමිත ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව බන්ධනාගාරයෙන් නිදහස් විය.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…