මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

චන්දන කත්‍රීආරච්චි⁣ සිද්ධිය දේශපාලන ගේමක්....

ලියුවේ Admin
චන්දන කත්‍රීආරච්චි⁣ සිද්ධිය දේශපාලන ගේමක්....

කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය. ඔහු සන්තකයේ තිබී ගිනි අවි පතොරම් සහ ජීව අත් බෝම්බයක් පොලීසිය විසින් සොයා ගත් බවද එහිදී වැඩිදුරටත් වාර්තා කෙරිණි.


පිලියන්දල සමූපකාර චන්දයක් පැවැති අවස්ථාවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට චන්දන කත්‍රීආරච්චි අත් අහිටවූ සිර දඬුවම් පවා ලැබූ තැනැත්තෙකි. මෙම මිනීමැරුම් නඩුව පානදුර මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවෙි ජූරි සභිකයන්ට කළ මරණීය තර්ජන හේතුවෙන් එම ජූරි සභිකයන් අවස්ථා දෙකකදී නඩුවෙන් ඉවත්වූ බවට ද සඳහන් විය . ඉන් අනතුරුව මේ නඩුව විභාග කර ඇත්තේ කොළඹ මහාධිකරණයේය. 


විත්තිකාර චන්දන කත්‍රීආරච්චි⁣ වෙනුවෙන් පෙනී සිටියේ උපුල් කුමාරප්පෙරුමය. එම නඩුවේදී චන්දන කත්‍රීආරච්චි හට ලබා දුන් දඬුවම පිළිබඳව ඒ දිනවල සමාජය තුළ කතා බහට ලක් වූ අතර ඔහුට එහිදී  අත් හිටවූ සිර දඬුවම් ලබා දෙන ලද්දේ පැවැති ආණ්ඩුවේ මැදිහත් වීම නිසා බවට ද චෝදනා නැගිණි.


එවකට කැස්බෑව ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ලොකුගේ ගේ දේශපාලන මැරකම් වලට එරෙහිව නැගී සිටියේ චන්දන කත්‍රීආරච්චිය. පසුකාලීනව ගාමිණි ලොකුගේද චන්දන කත්‍රීආරච්චි ගේ දේශපාලනය සමග අත්වැල් බැඳ ගත්තේය. එහෙත් එහිදී කැස්බෑව ආසනයෙ රජපක්ෂවරුන්ගේ දේශපාලනය තුළ ගාමිණි ලොකුගේ  තරුවක් බවට පත් වූයේ චන්දන කත්‍රීආරච්චිගේ දේශපාලනය යටපත් කර දමමින් ය.


කැස්බෑව ආසනයේ නැවත දේශපාලන හිඩැසක් මතු වූයේ ගාමිණි ලොකුගේ ගේ මරණයෙන් පසුවය. එහිදී නාමල් රාජපක්ෂගේ දේශපාලනය සමග සම්බන්ධතා පැවැත්වූයේ කැස්බෑව හිටපු නගරාධිපති සුමන රණවීරය. ඔහු ⁣වත්මන් නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍ය උපදේශක, හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ සහෝදරයා ය. කැස්බෑව ආසනයේ සුමන රණවීරගේ ඉදිරි දේශපාලනයට බාධාවක් විය හැකිව තිබුණේ චන්දන කත්‍රීආරච්චිය. සුමන රණවීර⁣ ගේ දේශපාලනය පැවතියේ චන්දන කත්‍රීආරච්චිගේ පාදඩ මැරකම් වලට වඩා ගව් ගණාවක් පිටුපසින් ය.


පොහොට්ටුවේ හිටපු නගරාධිපති සුමන රණවීර සහෝදරයා ගේ ඉදිරි දේශපාලන බාධක ඉවත් කිරීම සඳහා ඇමති උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ  අයියා මැදිහත් වන්නේ මෙහිදී ය. ඒ චන්දන කත්‍රීආරච්චි සන්තකයේ ගිනි අවි ඇති බවට  පොලීසියට රහසේ දන්වමිනි. 


සිය අමාත්‍යංශ උපදේශකයා දැන්වූ තොරතුරක් අහක දමන්නට පොලීසියට 

නොහැකිය. එය තොරතුරකටත් වඩා එහා ගිය නියෝගයකි.


කෙ⁣සේ වෙතත් ඒ අත් අඩංගුවට ගැනීම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ මැදිහත්වීම් වලට එකඟ රාජකාරියකි. කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නටද නොහැකි ය. ආණ්ඩුවේ පාක්ෂිකයන්ට එම අත් අඩංගුවට ගැනීම මාරය.

පහතින් පළ වන්නේ පොහොට්ටුවේ හිටපු නගරාධිපති සුමන රණවීර , වත්මන් ආණ්ඩුවේ පොලිස් අමාත්‍යංශයේ උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීර අයියාගේ උපන් දිනය වෙනුවෙන් මුහුණු පොතේ පළ කර තිබූ උපන් දින සුබ පැතුම ය.

" පියතුම මිය ගිය දා පටන් ....අප හතර දෙනකුට ආදරණීය පියෙකු විලසින දයාබර මෑණියන් සහ සොයුරු සොයුරියන් හතර දෙනෙකුට රැකවරණය ලබා දෙමින් ජීවිතය ජය ගන්න අපට මඟ හෙළි පෙහෙළි කළ ආදරණීය ලොකු අයියේ ඔබට ඔබට නිදුක් නිරෝගී සුව චිර ජීවනය දීර්ඝායු වේවා සියක් ආයු ලැබේවා දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා ..සතුට සැනසිල්ල හිමි වන වාසනාවන්ත විශ්‍රාම දිවියක් හිමි වේවා

මෙයට .ආදරණීය චූටි මල්ලි "

එලෙසම චන්දන කත්‍රීආරච්චි හදිසියේ අත් අඩංගුවට ගත්තේ සිය උපදේශක උන්නැහේගේ සැළසුමක් මත බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල  විශ්වාස නොකරන බවද අපි දනිමු. එසේ සිතන්නට තරමේ පරිනත දේශපාලනික අත් දැකීම් මේ මොනිටසෝරි ඩබලට ඇත්තේද නැත. 


චන්දන කත්‍රීආරච්චි හදිසියේම අත් අඩංගුවට ගැනීමේ අල ගිය මුල ගිය තැන් නිවැරිදිව සොයා ගත්තේ නම් තමන් සමීපයේ ඉන්නා උපදේශකයාගේ කෙරුවාව හොඳ හැටි තේරුම් ගන්නට පුළුවන. ජාජබ ආණ්ඩුවට කෙල වන්නේ වර්තමානයේ මාලි⁣මාවේ  විශ්‍රාමික හමුදා හා පොලිස් සංසද වල කෙරුම්කාරයන් වී සිටින මෙවැන්නන් ගෙනි. මේ අයවළුන් ගෙන් බොහෝ අයවළුන් සක්‍රීය සේවයේදී පට්ට දූෂිතයන් ලෙස රාජපක්ෂවරුන් හා එක්ව ගේම් ගැසූ අය වේ. 


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක උන්නැහේද රාජපක්ෂ වරුන්ගේ සූදු පිට්යේ සූදු කෙළිය හොඳ සූදු කප්පිත්තෙකි. ඒත් දැන් මේ උන්දෑ පොලිස්පතිවරයා සමග එක්ව ගෙන යන තක්කඩි ක්‍රියාකාරකම් වල රහ ජාජබ ආණ්ඩුවට දැනෙනු ඇත්තේ තව අවුරුදු දෙක තුනක් ගෙවී ගිය පසුව ය.


දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…