මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

කොටුව මහේස්ත්‍රාත්ට හදිසි ස්ථානමාරුවක්

ලියුවේ Admin
කොටුව මහේස්ත්‍රාත්ට හදිසි ස්ථානමාරුවක්

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නේත්තිකුමාර හදිසියේම අධිකරණ සේවා කොමිෂම වෙත ස්ථාන මාරු කර යවා ඇති බවද වාර්තා වේ.


තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවට අදාලව, හිටපු නාවික හමුදාපති සහ හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා නැවත චුදිතයකු ලෙස නඩුවට ඇතුළත් කිරීමට පසුගිය අප්‍රේල් 29 වැනිදා නියෝග කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ය.


අදාළ නඩුවේ සැකකරුවකු ලෙස නම් කර සිටි, ලුතිනල් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චිට නාවික හමුදා නිවාසනයක් තුළ ආරක්ෂාව ලබා දෙමින්, ඔහුට රටින් පලා යාමට පහසුකම් සලස්වා දුන් බවට හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.


එවැනි චෝදනාවක් එල්ල වී තිබියදී, නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් මත හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් රවින්ද්‍ර විජේගුණරත්නව නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි.


එම නියෝගයට එරෙහිව අගතියට පත් පාර්ශවය විසින්  නීතිඥ අචලා සෙනෙවිරත්න මගින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද දීර්ඝ විමසීමක් පසුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබූ නියෝගය දෝෂ සහගත බවට නිගමනය කළේය.


එසේම නීතිපතිවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වීමට ඇති වගකීම පිළිබඳව ද විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නේත්තිකුමාර මහතා අවධාරණය කළ බව ද වාර්තා විය.


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට හා මේජර් ජනරාල් සලේට එරෙහිව විභාග ⁣වෙමින් පවතින නඩු වල විනිසුරු වරයා ලෙසද කටයුතු කෙරුවේ ද කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාම ය.


මෙවැනි පසුබිමක් පවතින මොහොතක කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නේත්තිකුමාර මහතාව හදිසියේම අධිකරණ සේවා කොමිෂම වෙත ස්ථාන මාරු කර යැවීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ ප්‍රශ්ණ සහගත කතා බහක් නිර්මාණය වී තිබේ.


කෙසේ වෙතත් මේ පිළිබඳව අධිකරණ කොමිසමේ පාර්ශවයෙන් වාර්තා වන්නේ කොමිෂමෙහි රාජකරි කරන ඡ්‍යෙෂ්ඨ අධිකරණ නිළධාරියකු නිවාඩු ගෙන ඇමරිකාවේ රැකියාවකට යාාම නිසා පුරප්පාඩු වූ තනතුරට ⁣කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පත් කළ බවය. 

නිශාරා ජයසිංහ✍️

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…