"ඇමැති කිව්වේ බොරුවක්. මම නම වෙනස් කළේ නෑ” අර්ජුන් මහේන්ද්‍රන් කියයි

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළ නීතිමය කටයුතු සඳහා අවශ්‍යව සිටින අර්ජුන් මහේන්ද්‍රන්, “හාර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස නීත්‍යානුකූලව නම් වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව අර්ජුන් මහේන්ද්‍රන් ලිපියක් මගින් දන්නවා තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ බව දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන online පුවත් පතක් වෙත ලිපියක් යොමුකරමිනි.
තමා නීත්‍යනුකූලව නම වෙනස් කර ඇති බවට රජයේ අමාත්‍යවරයකු කළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරිහරණය කරන පාඨකයන්ටත් දැනුම් දීමට කැමතියි යනුවෙන් ඔහු සඳහන් කර ඇතැයි පැවසේ.
සිංගප්පූරුවේ ලිපිනයක් සහිතව යොමු කොට ඇති එම ලිපියට ‘ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්’ යන නමින් අත්සන් තබා තිබේ.
මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ, හිටපු මහ බැංකු අධිපතිවරයා සිය නම “හාර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශයකින් පසුවය.
අමාත්‍යවරයා පවසා තිබුණේ මෙම නම වෙනස්කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවය. නම් වෙනස් කර තිබීම නිසා මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ සිට ආපසු ගෙන්වා ගැනීමට පවතින බාධා හමුවේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා විකල්ප නීතිමය මාර්ගයන් බලධාරීන් විසින් සොයාබලමින් සිටින බවද, ආනන්ද විජේපාල පවසා තිබුණි.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ මෙම නවතම ප්‍රකාශය මගින් ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ රජයේ ප්‍රකාශය සෘජුවම අභියෝගයට ලක්කර තිබේ. නීත්‍යානුකූලව නම වෙනස් කිරීමක් සිදුවී ඇත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.



