මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ලියුවේ Admin
22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.


මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේය. 22 වැනි සංශෝධනයට පක්ෂව සහ විරුද්ධව පෙත්සම් 110කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබිණි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කථානායකවරයා වෙත දැනුම්දිය යුතුය.


මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ මෙම 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල හමුවේදී ශ්‍රී ලංකා රජය කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණි. 


අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බව රජය මෙහිදී පෙන්වාදෙනු ඇතැයි සඳහන් ය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ස්ථීර නියෝජිත සුමිත් දසනායක විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


පසුගිය වසර දෙක තුළ රජය ලබා ඇති ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරේ හමුදා භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම සහ දේශීය වගවීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද රජය මෙහිදී අවධානය යොමුකරනු ඇති බව වාර්තා විය.


මීට අමතරව, බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට ගෙන ඇති පියවර සහ බන්ධනාගාර අර්බුද සම්බන්ධයෙන් ද රජය කරුණු දක්වනු ඇති බවද සඳහන්ය. 

කෙසේ වෙතත්, වින්දිතයන්ට සහ සිවිල් සංවිධානවලට එල්ල වන තර්ජන, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමා කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සිය දැඩි කනස්සල්ල පළකර ඇත.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!
නවතම ප්‍රවෘත්තිCourt

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද රටේ ඇති වී තිබෙන විවාදය දෙස බලන විට, ඇතැම් පිරිස් එය ඉතා සරල ප්‍රශ්නයක් බවට පත්කර තිබේ. “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 කළාම මොකද වෙන්නේ?” “වයස වැඩි කිරීම ලෝකයේ…