මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

ශිරන්තිට දුන්න සැප මෛත්‍රී වික්‍රමසිංහටත් දීලා...

ලියුවේ Admin
ශිරන්තිට දුන්න සැප මෛත්‍රී වික්‍රමසිංහටත් දීලා...

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ   මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවය සදහා එංගලන්තයේ සිදු කළ සංචාරය පෞද්ගලික සංචාරයක් බවටත් එහිදී මහජන මුදල් ලක්ෂ 166 ක් නීති විරෝධීව වැය කර ඇති බවටත් චෝදනා කළේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ය. 



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ සම්බන්ධයෙන් පවරන ලද නඩුවේ සාක්ෂිකාරියක ලෙස නම් කර ඇති මෛත්‍රී වික්‍රමසිංහ යන අයගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ පදිංචි නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෛත්‍රී වික්‍රමසිංහගෙන් කට උත්තරයක් ලබා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෛත්‍රී වික්‍රමසිංහට අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණි.



එහෙත් මෛත්‍රී වික්‍රමසිංහ අසනීපයෙන් පසුවන බැවින් නිවසට පැමිණ ඇයගෙන් කට උත්තර ලබා ⁣ගන්නා ලෙසට ඇයගේ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි⁣යාගෙන් ඉල්ලා තිබූ බව පැවසේ. නීතීඥවරයාගේ ඉල්ලීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිස මෛත්‍රී වික්‍රමසිංහ පදිංචි නිවසට ගොස් කට උත්තර ලබා ගෙන තිබේ.



වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ය.

යහපාලනය පැවැති කාලයේදී අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශය බාරව කටයුතු කළ මෙම අසංක කරවිට, රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ලෙස සිටි අවධියේ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට ගොස් කට උත්තර ලබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වන විට චෝදනා නගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරටය. එහෙත් මෙහිදී මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට ගොස් කට උත්තර ලබා ගන්නා ලෙසට නියෝග කර ඇත්තේ ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට බව අනාවරණය වී තිබේ. අසංක කරවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර ශානි අබේසේකර රාජකාරි කළ යුත්තේ ද ඔහුගේ නියෝග හා අණ යටතේ ය.



අප මේ සිදුවීම කියවා ගත යුත්තේ, යහපාලන බලයට පත් වීමෙන් පසුව අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක⁣ට අදාළව ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ කට උත්තර ලබා ගැනීමේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය සිහියට නඟා ගනිමින් ය. 



ඒ දිනවල මේ සිද්ධිය සමාජයේ ඉතා බරපතල ලෙස සාකච්ඡාවට ගැනුණු අතර, එහිදී බහුතරයක් වූ පුරවැසියන් ගේ අදහස වූයේ සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් පොලීසිය කිසි විටක ⁣එවැනි සහනයක් ලබා දීමට කටයුතු නොකරන බව ය.



එම සිද්ධිය ගැන එවකට දේශපාලන වේදිකාව තුළ වර්තමාන ජනපති අනුර කුමාර දිසානායක විවේචනය කෙරුවේ මෙසේය.



"සිරිලිය පදනම ගැන පරීක්ෂණ කරගෙන ගියා. ඒ පරීක්ෂණ කර ගෙන යද්දි අහු වුණා ලක්ෂ තුන්සිය පනස් ගානකට ⁣⁣ශිරන්ති නෝනා ගත්තු ගෙයක්. ඒ ගැන මහින්ද මහත්තය නිවේදනයක් දාල කියනවා ඒ ගෙය බෑණගෙන් ණයට ගත්තුලු. අප්පට සිරි. අපි විතරක් නොවෙයි ණය ගන්නෙ.

මහින්ද මහත්තයත් ණය ⁣වෙලා. පව්.

ඒ ගැන පොලිස් පරීක්ෂණ දියත් වෙනවා.

සිරිලියට සම්බන්ධව බැංකු ගිනුමක් අරඹනවා. බැංකු ගිනුමක් අරඹන කොට නම ශිරන්ති රාජපක්ෂ කියල දීල තියෙනවා. හැඳුනුම්පත් අංකය 222222222 V. දෙකේ ඒව නවයයි. අපි ඕන කෙනෙක් දන්නවා හැඳුනුම්පත් මුල් අංක දෙක පෙන්වන්නෙ උපන්දිනය. එහෙම නම් ශිරන්ති රාජපක්ෂ ඉපදිල තියෙන්නෙ 1922. එහෙම නැතිනම් ඉපදෙන්න ඉන්නෙ 2022 අවුරුද්දෙ. එක්කො ඉපදිලා නෑ එක්කො මැරිලා. 2022 නම් දැන් අවුරුදු 93 ක්  විතර. ඒ විතරක් නොවෙයි, ඕනෑම හැඳුනුම්පතක් බලල කියන්න පුළුවන් එයා ගැහැණුද පිරිමිද කියලා. මේ හැඳුනුම්පතේ අංකය අනුව ශිරන්ති පිරිමියෙක්. දැන් ඒ ගැන පරීක්ෂණ දියත් වෙලා තියෙන්නෙ. කට උත්තර ගන්න යන්න හිටියෙ මුල්‍ය අපරාධ කොට්ඨාශයට. මම වගකීමෙන් කියන්නෙ."



"චෝදනාවට ලක්ව සිටින තැනැත්තා පරීක්ෂණය කරන තැනට යන්න ඕන. ඒත්

මෙතැනදි මොකද වෙන්නෙ. පරීක්ෂණ

නිළධාරීන් ගෙන්නුවා එයා ඉන්න තැනට.

ඇයි ඒ. මහින්ද රාජපක්ෂ මහත්තය රනිල් වික්‍රමසිංහ මහත්තයට කතා කරා.

(මේ කතා කළ ආකාරය ගැන අනුර කුමාර දිසානායක ප්‍රකාශ කෙරුවේ,  මහින්ද රාජපක්ෂ අමතන ආකාරය සහ රනිල් වික්‍රමසිංහ එයට පිළිතුරු දෙන බයාදු හඬ සිය හඬ තුළින් හසුරවමිනි.) එහෙම කතා කරල ඇහැව්ව, පොලිස් මූලස්ථානයට එන්නම ඕනද කියලා. රනිල් මහත්තය කිව්වා කමක් නෑ අපි කට්ටිය එවන්නම් කියලා. ඕං බඩු..." 



මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට යාම ගැන අපට දැන් ලියන්නට ඇත්තේ අනුර කුමාර දිසානායක එදා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් සිදු කළ එම ප්‍රකාශය සිහිපත් කරමිනි.



එය එසේ ගලපා ගත් විට අපට සිතා  ගන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ ⁣"පොලිස් මූලස්ථානයට යන්නම ඕනම දැයි" ජනපතිවරයාගෙන් අසන්නට ඇති බවය. ඊට පසුව "කමක් නෑ මම කට්ටිය එවන්නම්" යැයි ජනපතිවරයා ඊට පිළිතුරු ලබා දෙන්නට ඇති බවය.


ඕං බඩු ඈ ....හූ .....හූ.....හූ....රෙදි ඉල්ලෙ...



දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…

ශිරන්තිට දුන්න සැප මෛත්‍රී වික්‍රමසිංහටත් දීලා... | Lanka Update | Lanka Update