මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

රවි ගේ ලේකම්රිය අත් අඩංගුවට...

ලියුවේ Admin
රවි ගේ ලේකම්රිය අත් අඩංගුවට...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2015 සහ 2019 යන කාලසීමාවන් අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගත් සේවකයන් තිදෙනකු, එම රාජ්‍ය ආයතනයේ සේවය සඳහා යෙදවීම වෙනුවට හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවය සඳහා අනුයුක්ත කර සිටි බවට එල්ල වූ චෝදනාවකට අදාළවය.



ශර්මිලා පෙරේරා හි⁣ටපු අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුළත්මුදලිගේ ලේකම්වවරියක ලෙස ද කටයුතු කළ අතර ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනය වීමෙන් පසුව ශර්මිලා පෙරේරා කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ ලේකම්වරිය ලෙසය. ඊට අමතරව ඇය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම්වරිය ලෙසද කටයුතු කරන්නීය.


මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…