මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

පට්ටපල් බොරු කියූ මහින්ද පතිරණ කොන්දේසි විරහිතව සමාව අයදී..

ලියුවේ Admin
පට්ටපල් බොරු කියූ මහින්ද පතිරණ කොන්දේසි විරහිතව සමාව අයදී..

දැනට අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පත් කරන ලද වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට චෝදනා කරමින්, 2026 ජූනි 11 වැනි දින තම මුහුණු පොතේ පළ  කරන ලද ප්‍රසිද්ධ අදහස් දැක්වීම අසත්‍ය තොරතුරු පදනම් කරගෙන සිදු කරන ලද්දක් බැවින් ගරු අධිකරණයෙන් නිහතමානීව සහ කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව මහින්ද පතිරණ කියා සිටී. 


2026 ජූනි 11 වැනි දින මහින්ද පතිරණ විසින් ඔහුගේ මුහුණු පොතේ පළ  කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බව අප විසින් එදිනම ප්‍රවෘත්තියක් පළ කරමින් කියා සිටියෙමු. 


සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවේ මහේස්ත්‍රාත් පසන් අමරසේන ගේ නියෝග මත ය. ඒ අනුව මහින්ද පතිරණ සිදු කර ඇති ප්‍රකාශය අධිකරණයට සිදු කරන ලද අපහාසයක් ලෙස සැළකිය හැකි බව අප විසින් පැහැදිලිව පෙන්වා දුන්නෙමු. 


අධිකරණයට අපහාස කිරීම යනු අධිකරණයේ අධිකාරියට, ගෞරවයට, සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හානිවන හෝ බාධා වන ආකාරයෙන් කටයුතු කිරීමයි. එය අපරාධමය වරදකි. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය හා මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා නීති ක්‍රියාත්මක වන බව අප පෙන්වා දුන්නමු, 


විනිසුරුවරුන්ට අපහාස කිරීම, අධිකරණ නියෝග නොසලකා හැරීම, නඩු විභාගයකට බාධා කිරීම සහ අසත්‍ය චෝදනා එල්ල කිරීම මීට අයත්  වැරදි බවත්, වරදේ ස්වභාවය අනුව අධිකරණයට ඒ සඳහා නිශ්චිත දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම කළ හැකි බවත් අප එම ප්‍රවෘත්තියෙනි, අදාළ නීති උපුටා දක්වමින් කියා සිටියෙමු.


මහින්ද පතිරණ යනු අධිකරණයකට අපහාස කිරීමේ බරපතල කම නොදන්නා පුරවැසියෙක් නොවන බවත්, එහෙත් දැන් ඔහුගේ දැන් සිහිය විකල් වී ඇතැයි අපට සිතෙන බවක්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සම්බන්ධ කර ඇත්තේ මෙි සිහි විකලය නිසා බවත් අපි පැහැදිලි කෙරුවෙමු.


ඒ නිසා ඔහුට බුදු සරණයි කියා ද ප්‍රාර්ථනා කළෙමු. කෙසේ වෙතත් අදාළ පට්ටපල් බොරුව සමාජගත කොට එක් දිනක් ගෙවනු තැන, ඔහු විසින් සිදු කළ වැරැද්දේ බරපතලකම ඔහු විසින් මැනවින් වටහා ගෙන ඇතැයි මේ වන විට ප්‍රසිද්ධියේ පවසා තිබේ. 


ඔහු විසින් සිදු කළ බරපතල වැරැද්ද මඟින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව ඔහුගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ගරු අධිකරණයෙන් මම කොන්දේසි විරහිතව ගරු අධිකරණයෙන් අවංකව සමාව අයැද සිිටින බවත් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම ඔහු තම මුහුණු පොතේ සටහන් තබමින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.


මහින්ද පතිරණ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් සහ ලේඛකයෙක් බව ද එම සටහනේ දක්වා ඇත. මහින්ද පතිරණ යනු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙක් වන අතර, රාජපක්ෂ වරුන් වන්දනා කරන බැතිමතෙක් බවට ද ප්‍රසිද්ධ පුද්ගලයෙකි.


මොහු විසින් අධිකරණය අපහාසයට ලක් කරමින් ලියන ලද සටහන් මුහුණු පොතේ බෙදා හරින ලද පිරිසක් සහ ඒ වෙනුවෙන් දාර්ශනික මත සහ වදන් පළ කළ පිරිසක් ද සිටිති.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය…

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…