මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ හිජාස් හිජුබුල්ලාගෙන් සලේට X පණිවුඩයක්

ලියුවේ Admin
නීතිඥ හිජාස් හිජුබුල්ලාගෙන් සලේට X පණිවුඩයක්

පසුගිය කාලයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 22 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කර සිටි නීතිඥ හිජාස් හිජුබුල්ලා විසින් දැනට අත් අඩංගුවේ පසුවන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේට පණිවිඩයක් නිකුත් කොට තිබේ. 


සිය X ගිණුමේ සටහනක් තබමින් හෙජාස් හිජුබුල්ලා, සුරේෂ් සලේට කියා ඇත්තේ නඩුවට එරෙහිව ශක්තිමත්ව සටන් කරන ලෙස ය. 


එම X පණිවුඩයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

"ඔහු නිවැරිදි නම් සලේ ශක්තිමත්ව සිට තම නඩුව වෙනුවෙන් සටන් කළ යුතුයි. අපි කළේ එයයි. අපි යාඥා කළා. ව්‍යායාම කළා. අපේ නීතිඥයන් හමුවුනා. අපව රඳවා ගෙන සිටි සලේ, ඔහු දැන් සිටින තත්වය⁣ට වඩා අප සි⁣ටි තත්ත්වය නරක බව හොඳින්ම දන්නවා.."


නීතිඥ හිජාස් හිජුබුල්ලා 2020 අප්‍රේල් මස 14 හෝ ඊට ආසන්න  දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නගමිනි. 


එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූයේ ⁣විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේය. නීතිඥ හිජාස් හි⁣ජුබුල්ලා අත්ඩංගුවට ගන්නා ලද්දේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු පදනම් කර ගනිමින් බව පැවසේ. ඉන් අනතුරුව කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයක් නොගෙන ඔහුව මාස 22 ක කාලයක් රඳවා ගෙන සිටි අතර ඉන් අනතුරුව ඔහු නිදහස් කැරුණේ අධිකරණ නියෝගයකිනි.

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…