මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

ජනාධිපති අනුරට විවෘත ලිපියක්...

ලියුවේ Admin
ජනාධිපති අනුරට විවෘත ලිපියක්...

අධිචෝදනා ලබා දී ඇති අමාත්‍යවරයකු විධායකයේ තබා ගෙන සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් පැවැත්වීමට හැකි ද ? යන ප්‍රශ්නය විමසමින්, නීතීඥ රවී ජයවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලියා ඇති ලිපියක් ඔහු තම මුහුණු පොතේ පළ කර තිබේ. 


පහතින් දැක්වෙන්නේ ඔහු විසින් ලියන ලද එම සම්පූර්ණ ලිපියයි.



මා හිතවත් අනුර සහෝදරයා වෙත,


මහාධිකරණය මගින් අධිචෝදනා පත්‍ර භාරදී ඇති ඔබතුමාගේ රජයේ ඇමති වරයා සම්බන්ධවයි.


ගරු ජනාධිපතිතුමනි,


අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිතහිමියන් 2011 වසරේ දී සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය  ආරම්භ කිරීමෙන් පසුව උන්වහන්සේ  මුණගැසුන පළමු දේශපාලන පක්ෂ නායකයා ඔබ වු අතර,  පැලවත්ත කාර්යාලයේ දී සිදු  වු  එම හමුවේදී සාධාරණ හා යුක්ති සහගත සමාජයක් මේ රටේ ගොඩනගන්නට කරන ලද සාකච්ඡාව හා කරුණු ඔබතුමාට මතක ඇතැයි සිතමි. 


ඉන් පසුව මහත් බලාපොරොත්තු සහිතව  'යහපාලන' රජය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බිහිකිරීම සඳහා ඔබ ලබාදුන් දායකත්වය හා කැපකිරීම සාධාරණ සමාජයක් සදහා අපගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට දැරු තවත් ප්‍රයත්නයක්විය. (එම රජයේ පැවති පටු පරමාර්ථ නිසා එම බලාපොරොත්තු විනාශ වී ගිය බව වෙනම කරුණකි.)


ඉන්පසුව පසුගිය රජයේ අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන කටයුතුවලට එරෙහිව ඔබ පාර්ලිමේන්තුවේ  විපක්ෂ මන්ත්‍රිවරයකු ලෙසත්, මා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ලෙසත් එක්ව හා තනි තනිව  හඩනගන ලද  ආකාරයත් සිහිපත් කරමි.


අධිචෝදනා ලබා දී ඇති අමාත්‍යවරයකු විධායකයේ තබා ගැනීම සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් පැවැත්වීමට බාධාවන බව මාගේ විශ්වාසයයි. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන නායකයකු ලෙස නඩු විභාගය අවසන් වන තුරු එම අමාත්‍යවරයා තාවකාලිකව ධුරයෙන් ඉවත්කර තබන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


රවී ජයවර්ධන

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…