මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

එළඹෙන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්

ලියුවේ Admin
එළඹෙන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්

ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ තරුණ ශිෂ්‍ය සංගම් මුල් වී ප්‍රංශය පුරා ආරම්භ කළ 3 වන සති අන්ත විරෝධතා මාලාවේ ප්‍රධාන පෙළපාලි අද (නොවැම්බර් 01 ඉරිදා) දින සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.


අද දිනය ප්‍රංශයේ ‘Toussaint’ (සියලු සාන්තුවරයන්ගේ දිනය) රජයේ නිවාඩු දිනයට යෙදී තිබීම මීට ප්‍රධාන හේතුව වී ඇත.


ඊයේ (සෙනසුරාදා) පැරිස්, නොන්ත් (Nantes) ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැති විරෝධතාවලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ප්‍රබල නොසන්සුන්තා හටගත්තේය. ඇතැම් ප්‍රදේශවල ගිනි තැබීම් සිදුවූ අතර, පිරිස් පාලනය සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවිය.


ඊයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් අද දිනයේත් පැරිස් අගනුවර ප්‍රධාන ප්‍රදේශ රැසක ආරක්ෂාව දැඩි කර ඇති අතර, ඇතැම් සංවේදී ස්ථානවල රැස්වීම් සහ රැලි පැවැත්වීම තහනම් කර ඇත.


කෙසේ වෙතත්, අද දිනයේ සීමිත බස් සහ ට්‍රෑම් රථ වර්ජන කිහිපයක් හැරුණු විට, දුම්රිය ඇතුළු ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.


අද දිනයේ තත්ත්වය සාමකාමී වුවද, එළඹෙන නොවැම්බර් 5 වන බ්‍රහස්පතින්දා දින ප්‍රංශය පුරා ප්‍රවාහන හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික වැඩවර්ජනයක් සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත.

සියලු ප්‍රවෘත්ති — International

ජොරොම් ගේ ගුරුවරයා අස්වාභාවික ⁣ලිංඟික චෝදනාවකට පොලිස් භාරයට
නවතම ප්‍රවෘත්තිInternational

ජොරොම් ගේ ගුරුවරයා අස්වාභාවික ⁣ලිංඟික චෝදනාවකට පොලිස් භාරයට

සිම්බාබ්වේ ආගමික  දේශකයකු ලෙස ප්‍රසිද්ධ Uebert Angel නමැත්තාව පහරදීමක් හා අස්වාභාවික ලිංඟික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.  ශ්‍රී ලංකාවේ ආගමි…

ප්‍රංශයේ අනාගත බල අරගලය!
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශයේ අනාගත බල අරගලය!

ප්‍රංශය මේ වන විට ගමන් කරමින් සිටින්නේ තවත් සාමාන්‍ය ජනාධිපතිවරණයක් කරා නොවේ. 2027 ජනාධිපතිවරණයට පෙර ප්‍රංශ සමාජය තුළ මතුවෙමින් පවතින දේශපාලන හා සමාජ විපර්යාසය, එරට දේශපාලන බල ව්‍යුහය පමණක් නොව යුරෝපය…

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය...
නවතම ප්‍රවෘත්තිInternational

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය...

යුරෝපයෙන් මතු වන රතු රැල්ල සහ ශ්‍රී ලංකාවේ අනාගත අරගලයේ ඉඟිය... “යුරෝපයේ රතු රැල්ලකි. ග්‍රීක පාර්ලිමේන්තුව ඉදිරිපිට සිසුන් කොමියුනිස්ට් ධජය ලෙළ දෙති!” මෙය හුදෙක් සිරස්තලයක් පමණක් නොවේ; ධනපති පන්ති ක්‍…

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…