මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

ආගම මොළයේ හටගන්නා පිළිකාවකි...

ලියුවේ Admin
ආගම මොළයේ හටගන්නා පිළිකාවකි...

ආගම යනු මොළයේ හටගන්නා පිළිකාවක් වන අතර එමඟින් ඔබව මොළයෙන් සිතීම තහනම් කර ඔවුන්ට අනුව සිතීමට ඔබට බල කරයි.


මෙම පිළිකාව, ජානගතව බෝනොවන අතර, එහි රෝග වාහකයන් වන්නේ වැඩිහිටි ඥාතීන් ය. බහතෝරන වියේදීම ඔවුන් එම රෝගකාරක මොළයට එන්නත් කරනු ලබයි.

ඉපදුන රට ප්‍රදෙශය පවුල පසුබිම අනුව වැලදෙන පිලිකා ප්‍රබේද ගණනාවකි.

එක් ප්‍රභේදයක් වැළදුන කෙනාට අනෙක් ප්‍රභේදය වැළදුන කෙනාව පෙනෙන්නේ හතුරකු ලෙසය.


අප ජීවත්වන මේ පෘතුවියේ  මානවයන් කෝටි 850 ක් පමණද, රටවල්ද දෙසීයක් ද ඉක්මවා ඇති අතර, ඒවා බෙදී වෙන්වී ප්‍රමාණයෙන් වැඩිවීමට ද, එකිනෙකා කාකොටා ගැනීමට ද, මානව සහජීවනය, මානව ස්වීකරනය වැලැක්වීමටද 

ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආගම් ඇදහිල්ල ය.


මානවයා මිහිමත බිහිව වසර මිලියන 4කට වඩා වැඩි වෙතැයි මානව විද්‍යාඥයන් පවසන අතර,  සිෂ්ඨාචාරගතව වසර 20දහසක්ද. සංවිධානාත්මක ව්‍යුහගත ආගම් බිහි වී වසර 5000ක් පමණද ගෙවී ඇතැයි  පවසති 


මෙම කාලයෙන් අවසන් වසර 20 000  හැර ඉතිරි කාලයම මානවයා ජීවත්ව ඇත්තේ අන්සතකුගේ මාංශයමත යැපෙන ආහාරදාමයේ ඉහලම පුරුකක් ලෙසය. මේ තුළින් පින්වත්තයන් හෝ දේවත්වයට පිවිසි අය පරිණාමය වූයේ කෙලෙසක දැයි කිසිවෙක්  නොදනී.


ආගම් 5000 දහසක් පමණ ලොව ඇතැයි සැලකෙන අතර, ඒවා විස්වාස කර අදහන්නන් ආගමිකයන් ලෙසත්, එසේ නොකරන්නන් නිරාගමිකයන් ලෙසත් හඳුන්වනු ලබයි.


ආගමිකයන්, ආගම් පන්දහසින් එකක් පිළිගෙන 4999 ක් ප්‍රතික්ෂේප කරන අතර,

නිරාගමිකයන් එම ආගම් 5000 ම ප්‍රතික්ෂේප කරයි. ඔවුනොවුන් අතර ඇත්තේ 

අසමානකම් 1 ක්  සහ සමානකම් 4999 ක් 

බවවත් ආගමිකයන් නොදනී.


නිරාගමිකයන්, විකුර්තිය ප්‍රකුර්තිය. හොඳ නරක, සාධාරණය අසාධාරණය, හරි වැරදි, අනිවාර්ය අහම්බය සහ ගැහැණූ පිරිමි ආදී

වශයෙන් වෙන්කර හඳුනාගෙන ජීවත් වෙති.


ආගමිකයන් ඒවායෙහි ධන කොටස කිරිමෙන් මතු ආත්මය මේ ආත්මයට වඩා ප්‍රතිලාභ ලැබීම සඳහා කරන ආයෝජනයක් ලෙසත්, ඍණ කොටස කිරීමෙන් එහි ප්‍රතිවිරුද්ධ අන්තය ලැබෙතැයි බියෙන් කටයුතු කරති. එම බිය නැතිවු විට වරදට පෙළඹෙයි.


නිරාගමිකයන් කිසිදු ලාභාපේක්ෂාවක්,  අපාදුක් හෝ දිව්‍යලෝක සූවයක් හෝ නොපතා ඉදිරියට ඇදෙති.


සරත් හෙට්ටිආරච්චි ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…