මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

අපි නොදන්න ලයිව් සර්...

ලියුවේ Admin
අපි නොදන්න ලයිව් සර්...

රාජපක්ෂවරුන් ⁣ගේ වෛරය නිසාම බන්ධනාගාර ගත කරන ලද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිරගෙදරින් නිදහස ලැබූ දිනවල මාධ්‍යවේදියකු ඔහුගෙන් මෙසේ විමසීය.


"හමුදා සේවයේ යෙදී සිටියදී ජනරාල් තනතුරට උසස් කළ එකම ශ්‍රී ලාංකික හමුදා නිළධාරියා ඔබ. හිරගෙදර ජම්පරය  ඇඟලා ගෙන සිටිද්දී ඔබට ඒ පිළිබඳව දැනුන හැඟීම කුමක්ද?"


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ ප්‍රශ්ණයට මෙසේ පිළිතුරු දුන්නේය.


"....සිද්ධ වෙච්ච සිදුවීම් වලින් මම කවරදාවත් මානසිකව වැටුණෙ නෑ. තව අවුරුදු දහයක් හිර ගෙදර දැම්මත් එහෙම නැතිනම් එල්ලන්න තීන්දු කෙරුවත් මම මානසිකව වැටෙන්නෙ නෑ. වට්ටන්නත් බැහැ. කිසිම අභියෝගයක් හමුවේ මම සැළෙන්නේ නෑ."


"මම හිරගෙදරට අඩිය තිබ්බෙ ඕනෑම තත්වයකට මුහුණ දෙන්න හිත හදාගෙන. බෙලෙක් පිඟානෙ බත් කරන්න. ඒ කෑම ගන්න පෝලිමේ යන්න. ජෝගුවෙ වතුර ටික බොන්න. පැදුරෙ බිම නිදාගන්න. මම ලෑස්ති වෙලා හි⁣ටියෙ. මට අවුරුදු 20ක් ජම්පරේ අන්දල තියෙනවා කියලා සමහරු කීවා. මාව එල්ලනවා කියලා තවත් සමහරු කීවා. තවත් අය මට කිව්වෙ හිරේම මැරෙන්න අරිනවා කියලා. ඒත් මම ඒ කිසිම එකකින් සැලුනේ නෑ. හිරකාම⁣රේ කැරපොත්තො, මීයො, මැස්සො, මකුණො හිටියා. දුන්න කෑම මෙලෝ රහක් නෑ. ඒත් රහ බලන්නෙ නැතුව වතුර ටිකක් හරි බීල ඒ ජීවිතේට හුරු වෙන්න මට අසීරු වුණේ නෑ. රාජපක්ෂවරුන්ට තියෙන බය නිසාම නිළධාරීන් හිරගෙදර ඇතුළෙ මට කිසිම විශේෂයක් දැක්වූවෙත් නැහැ. ඒත්

හිරකාරයො මට වීරයෙක් විදියට සැළකුවා. ගරු කෙරුවා. ඒ අතරෙ මට නිදහස ඕන නම් රාජපක්ෂවරුන් ගෙන් සමාව ගන්න කියලා එයාලගෙ හෙංචයියො අතේ පණිවුඩ ආවා. මම ඒ පණිවුඩ තඹ දොයිතුවකට ගණන් ගත්තෙ නෑ.."    


වීරයෙක් වන්නේ කෙසේ දැයි අපට ලියන්නට නොහැකිය. එහෙත් වීරයන් ගැන සඳහන් පුරාවෘත්තයන් වල සිට බොහෝ කතන්දර අප කියවා තිබේ. අසා තිබේ. අද දවසේ මාංචු කූට්ටමක් දුටු සැනින් හොටු පෙරා ගෙන විලාප දෙන ජංගියේ චූ කර ගන්නා අ⁣යෙකුගේ ඊයේ දවසේ පැටිකිරියට ඇඟ කිළිපොළන තරමේ රණ ශූර වීරත්ව⁣යක් ආරෝපනය කිරීමත් බඩ කොරවෙන තරමේ විහිළුවකි.


තවත් අටුවා ටිකා ටිප්පණී අවශ්‍ය නැත.

වීරයෙකු ගේ හැඩ රුව හා කෙරුවාව ගැන ඔළුවට බරටම හිතා ගන්නට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ හිරගෙදර ජීවිතය ගැන හැදෑරීම පමණක්ම සෑහේ. කාඩ්බෝඩ් රණ ශූරයන් ගේ ඇත්තේ කයිවාරුව පමණය. මේ හෝරාවේ සමාජය තුළින් අසන්නට ලැබෙන මුක පූට්ටු අඳොනාවන්හි යටි පෙළ තේරුම් ගැනීමෙන් ඒ සැබෑව වටහා ගත හැකිය. 


ඕනෑම දේශපාලන තක්කඩියෙකුගේ, සාමාන්‍ය පුරවැසියෙකු ගේ හෘද සාක්ෂිය තමාම විමසන දිනයක් අනිවාර්යෙන්ම එන බව නිසැක සත්‍යයකි. ඒ විමසීම හමුවේ අභිමානවත් පිළිතුරු ඇත්තේ නිර්භීත ස⁣ටන්කාමියෙකු ලග පමණය. ඒ හැර අනෙක් සෑම අයෙකුටම පිළිතුරු නැත.


ඒ අතරේ රාජපක්ෂවරුන් දේශපාලනය තුළ යොදා ගත් සියළු  තක්කඩිකම් මේ මොහොතේ බිඳ වැටෙමින් තිබෙන බව පැහැදිලිය. ඒත් ඔවුන් තවමත් ගේම අතහැර නැති බව නම් ඇස් පනා පිට පෙනෙන්නට තිබේ. මේ ගේම කම් ඕ ගෝ චිකාගෝ පන්නයේ ගේමක් දක්වා නිර්මාණය වීමටත් ඉඩ හැකියාව පවතී.


විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ තුරුම්පුව දැන් පිටියට දමා ඇත්තේ බරපතළ කුමන්ත්‍රණකාරී සැළසුමකට බව ආණ්ඩුව වටහා ගත යුතුය. විමල් වීරවංශ, ගම්මන්පිල, සරත් වීරසේකර, වැන්නන් මේ දත් මිටි කන්නේ සලේ ගේ ජීවිතය සිරිසඟබෝ පාරමිතාවට දක්කාගෙන ගොස් මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කර ගන්නටය. 


ඉස්ලාම් ආගමේ ඇස් දන් දීමක් නැත. සලේ ගේ අවසන් කැමැත්තේ පිටපත ලියු රචකයා ඒ ගැන නොදනී. එසේත් නැතිනම් සලේ ඇස් දන් දීමට සූදානමින් සිටින්නේ යැයි තිර පිටපතේ සඳහන් කරන්නට ඇත්තේ ඔහු  සිංහල බෞද්ධ බංකරය තුළට බස්සන්නට විය හැකිය. සලේ වෙනුවෙන් බෝධි පූජාද සංවිධානය කෙරේ. එයද ඉස්ලාම් ආගමේ ප්‍රතිපත්තිවලට එදිරිව යාමකි. 


මේ හැම පූජාවක්ම සංවිධානය කරන වුන්ගේ අවසන් ප්‍රාර්ථනය සුරේෂ් සලේගේ ජීවිත පරිච්ඡේදය ඉතා ඉක්මනින් අවසන් වෙනවා දැකීම මිස ඔහු ගලවා ගැනීම නොවේ. එය තේරෙන භාෂාවෙන් ලියනවා නම් මිල්ටේරි නන්දසේනට මාංචු වැටීමෙන් වලක්වා ගැනීමය.


මිල්ටේරි නන්දසේන යනු රාජපක්ෂ පවුලේ සිටින දුර්වලයාය. බය නැවය. එක් අවස්ථාවක සීඅයිඩීයට කට උත්තර දීමට ගිය මේ උන්දෑට විසි තිස් වතාවක් චූ බර හැදී තිබුණි. එවැන්නකු පොලිස්  අත් අඩංගුවට පත් වුණ හොත් සිද්ධ විය හැකි සන්තෑසිය රාජපක්ෂ වරුන් කට පාඩමින් දනී. රාජපක්ෂ පවුලම දැන් තැති ගැන්වී සිටින්නේ මේ වීරයාගේ හැටි උපන්දා සිට දැනුම් තේරුම් ඇති නිසාය.


දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…