මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

අනේ මන්දා හලෝ....

ලියුවේ Admin
අනේ මන්දා හලෝ....

අනුරාධපුරයේ පැවැති පොදු ජන පෙරමුණේ රැස්වීම, බංකර්වල හැංගී සිටි පොදු ජන පාක්ෂිකයන්ට මාර ආතලයක් වූ බව නිසැකය. ගොඩ කාලයකින් පසුව බත් පැකටයක් හා ගල් කාලක් රහ විඳින්නට ලැබීමත් අහඹු ලොතරැයි චාන්සයකි. බැරි මර ගාතයේ ඉන්නා මහින්ද මහත්තයාද කුදලා ගෙන වේදිකාවට නැග්ගුවේය. දැන් වැඩේ ගොඩ යැයි පොදු ජන පෙරමු⁣ණේ නායකයන් හිතා ගෙන ඉන්නවා වෙන්න⁣ට පුළුවන.


ජාජබය ගැන කළකිරී සිටින වුන් දැන් නාමල් රාජපක්ෂ මෙරට  ජනපතිවරයා කරන්නට පෝලිම් ගැසෙමින් තිබෙන බව

ඒ අප්පුහාමිලා ගේ සිතීමය. ඒ ගැන නම් අපට කියන්⁣නට තියෙන්නේ අනේ පව් කියා පමණය.


මේ  මහ පොළව අනුර කුමාර දිසානායක පිළිබදව තබා ඇති විශ්වාසය තවමත් බිඳී නැත. එහෙත් ආණ්ඩුවේ ඇතැම් නිළමක්කාරයන්ගේ කියුම් කෙරුම් ගැන අපට විවෙිචනයක් පවතින බව සැබෑය. ඒ සමහර කෙරුවාවන්ද අපහැදිලිය.


ගජ මිතුරු සන්ධාන ගැන විශ්වාසය තබා රාජ්‍ය හසුරවන්නට නොහැකිය. ඒ මන්ද යත් එම ගජ මිතුරන් අතරේ මැ⁣ටි මෝළුන්ද සිටින බැවිනි. ආණ්ඩුව ඇණ ගෙන ඇති බොහෝ තැන් වල ඇත්ත කතාව ඔන්න ඔය වෛරසය නිසා ඒවා එසේ සිද්ධ වූ බවය. 


කෙසේවෙතත් අපට ආණ්ඩුව පාර්ශවයන් ගෙන්ම තොරතුරු ලැබේ. එහිදී කොන්දේසි විරහිතව අප ඒ සැබෑව සමාජ ගත කරමු. අප හෙළිදරව් කරන දෑ සත්‍යය බව ආණ්ඩුවේ හෘද සාක්ෂියද දනී.⁣ නිවැරිදි වීම ආණ්ඩුවේ වගකීමය.


අපට ආණ්ඩුවෙන් ලැබෙන ලබ්බක්ද නැත. යූටියුබ වාචාල සුදා මෙන් ආණ්ඩු⁣වෙන් අපි "පිස්තෝල ලයිෂන්" ඉල්ලන්නේද නැත. අප බයත් නැත. ණයත් නැත. කුලියට කහින්නේද අඬන්නේද නැත. ඒත් මෙි ආණ්ඩුව බිඳ වැටුනහොත් රටට සිද්ධ වෙන විනාශය ගැන අපට  පැහැදිලි දේශපාලනික අවබෝධයක් තිබේ. අප ඉදිරිපත් කරන සෑම විවේචනයකම පදනම ඇත්තේ එතැනය.


අපගේ විවේචනයන් දරා ගන්නට නොහැකි සියය⁣ට තුනේ මරාගෙන මැරෙන කාඩරයේ කුණු හබ්බ අපට අදාල නොවේ. කුණු හබ්බ අපේ ජාතකයෙන්ම අපට ජීර්ණය වී ඇති බවත් ඒ උපාසක මහත්තරුන්ට සිහිපත් කරන්නට කැමතිය. ඒ නිසාම ඔය කුණු හබ්බ ප්‍රසිද්ධියේ ලියන එවුන්ට ඩිප්ලෝමාවක් පාස් කර දෙන්නට තරමේ කරිජ්ජ වැල්ලේ කුණුහරුප අප දන්නා බව හුදී ජන පහන් සංවේගය පිනිස ලියා තබමු.


ඒ ගැන හොඳටම ඇතිය.


ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් අනුරාධපුරේ පොදු පෙරමුණු සාජ්ජයට ගෙන්වා ගන්නා බව ඉර හඳ වගේ විශ්වාසය.⁣ මේ වාහෙලාට ඒ ගැන කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.


මාවිල්ආරුව ජයග්‍රහණය කර තමන්ගේ යුද සිතියම බිම එලා එලිෆන්ට් ෆාස් වලටත් මුලතිව් වලටත් පහර දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන්වා "දැන් තමුසෙ යුද්ද කරන්නේ ලබ්බෙන්දැයි" ඇසූ එකා ජාතිය බේරාගත් අප්පච්චී ලෙස ඉහලට ඔසවන එවුන් සිටින බව අපි දනිමු. 


සුනාමියෙන් අසරණ වූ පුරවැසියන් වෙත ජාත්‍යන්තරයෙන් එවන ලද මුදල් තොගය තමන්ගේ ගිණුම⁣ට දා ගත් නීල කාස හොරකු ජාතියේ අප්පචීචී බව සිතන්නට අපට රුදාවක් නැත. මේ අප්පච්චී නීල කාස හොරෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරුවේ මේ රටේ හිටපු අග විනිසුරු වරයාය. පොදු ජනේ නාමල් රාජපක්ෂ ජනපතිවරයා කරන්නට තටමන "ජෙන් ඉසෙඩ්" පරපුර ඒ කතාව දන්නා කෙනෙකුගෙන් අහගන්නට පුළුවන. 


යුද්ධය පැවතෙද්දී අපේ කොල්ලන් ගේ ජීවි⁣තේ අනතුරේ දමා මිග් ගුවන් යානා වලින් කොමිස් මුදල් ගත් පාදඩයන් අපේ වීරයන්ද නොවේ. ඒ කූඨ ගණුදෙනුව අනාවරණය කළ මාධ්‍යවේදී ලසන්ත මෙලේච්ඡ ආකාරයට ඝාතනය කෙරුවේ හරකුන් මරා දමන ආයුදයකින් හිසට කූරක් බස්සමිනි.


මේ මරු අප්පච්චී ඔළුව උඩ  තියා ගෙන වන්දනා මාන කරන එවුන්ගෙන් වැඩි මනත් ප්‍රශ්ණ අප අසන්නේ නැත. මේ රාජකීය උන්නැහේ සුනාමි මුදල් තමන්ගේ පෞද්ගලික ගිණුමට දාගත්තේ මන්දැයි අප ඒ උපාසක මහත්තරුන්ගෙන් අහන පළමු ප්‍රශ්ණයයි. දෙවන ප්‍රශ්ණය අපේ රණවිරුවන් ගේ ජීවිත අවදානමට ගෙන මිග් ගුවන් යානා වලින් කොමිස් මුදල් ඩැහැ ගත්තේ මවුබිම⁣ට පුකෙන්ම ආදරය කරන නිසාද යන්නයි.


පොදු ජන පෙරමු⁣ණේ රැස්වීම අනුරාධපුරයේ තබන්නට එහි කෙරුම්කාරයන් අදහස් කරන්නට ඇත්තේ අපේ මහාවංශ ඉතිහාසය සැළකිල්ලට ගෙන වෙන්නට ඇත. ඒත්  ඔය රාජපක්ෂ පුත්‍රයන් දන්නා ඉතිහාසයක් නැත. බලය ලබා ගැනීම සඳහා ආගම විකුණාගෙන කන අම්මා අප්පාගේ පුරුද්ද පුත්‍රයාටද අඩු නැතුවම පිහිටා තිබේ.⁣ මස් මාළු උම්බලකඩවත් නොකන රාජකුමාරයකු ගැන කියා පුරවැසියන් අන්දන්නටද හදන්නේ ඒ නිසාය. ඒ ගැන දන්නා වුන් දනී. 


නාමල් රාජපක්ෂට රාජ යෝගයක් ඇති බව පවසා ඔටුන්න හිමි වන තුරු මස් මාළු උම්බලකඩ කටේවත් නොතියන ලෙසට කොන්දේසි දැම්මේ කේන්දර සුමනදාස මිස වෙන කවුරුවත් නොවේ. බුද්ධාගම රාජපක්ෂ වරුන්ගේ සින්නක්කර අයිතියක් ලෙසට බණ කියන්නට පුහුණු කරන ලද ජාවාරම්කාර කහ සියුරු රඳවන රොත්තක්ද රාජපක්ෂ බංගලාවේ ඉඳුල් වළඳමින් සිටී.


මුළු ලංකාවේම පොදු ජන පෙරමුණේ සිල්ලර ඡන්ද කෑලි ටික අනුරාධපුරයට  කැන්දා ගෙන විත් රැස්වීමක් තබා නාමල් රාජපක්ෂ ඊළඟ ජනපතිවරයා බවට සිහින මවන්නට ඒ උන්දැලාට අයිතියක් තිබේ. ඒත් පවතින දේශපාලන වටපිටාව තුළ පොදු ජන පෙරමුණ තවම ඉන්නේ හෝඩිය පන්තියේ බව නම් අපට සැකයක් නැත. 


රාජපක්ෂවරුන් නඩු වැලක විත්තිකරුවන් වී හමාරය. ඒ නඩුවල අවසානය ඔවුන්ගේ ඉදිරි දේශපාලන ගමන් මග තීරණය කරනු ඇත්තේය. පොදු ජන පෙරමුනේ ඉදිරිපෙළ නායකයන් රැළද නඩුවල චුදිතයන්ය. ඒ හැමදෙනාටම දේශපාලනයේ උදාන ගීත ගයන්නට පුළුවන් වේද එසේත් නැතිනම් පාංශකූලය දෙන්නට අවස්ථාව හිමි වේදැයි විනිශ්චය වෙන්නේ අලුත්කඩේ උසාවියෙනි.


මේ චුදිතයන් වෙනදා උසාවියට ඇතුළු වන්නේත් පිටව යන්නේත් පුරන් අප්පු එහෙමත් නැතිනම් සූර සරදියෙල් ගේ රංඟන විලාශයෙනි. ඒත් දැන් මේ උන්දැලා උසාවි එන්නේ ගෑණි මැරිච්ච වාහේලා වාගේය. වෙනදා මෙන් වාහිනී වලට පොර ටෝක් දෙන්නේත් නැත. හෘද සාක්ෂිය ඒ තරමටම බිය වී ඇති බව නම් පැහැදිලිය. මේ උන්දැලාගේ හිතේ මතුවී තියෙන ආතතිය යම් තරමකට හෝ තුනී කරගන්නට අනුරාධපුරයේ රැස්වීම හේතු වාසනා විය.


පොදු ජන පෙරමු⁣ණේ රැස්වීම අවසානයේ එහි පැවති සාර්ථකත්වය පිළිබඳව ඉහ වහා ගිය සතුටින් පක්ෂයේ කෙරුම්කාරයන් ජය පැන් බිව් ආකාරය පෙන්වන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ ඉ⁣ගිලෙමින් තිබේ. ඒ ඡායාරූපය ඒ අයි ඡායාරූපයක්ද නැද්ද යන්න ගැන අපට අදහසක් නැත. එහි ජය පැන් බොන තැන භික්ෂූන් සිටියේ යැයි සිතන්නට අපට සිත් නොදේ.


පොදු ජන පෙරමුණේ කෙරුම්කාරයන් විස්කි අරක්කු එසේත් නැති නම් කසිප්පු ගුදමක් බී ජය පැන් බිව්වාට අපට රුදාවක්ද  නැත. එය සත්‍ය ඡායාරූපයක් නම් කාරණාව බරපතලය. එහෙත් එය ඒ අයි ඡායාරුපයක් නම්, එවැන්නක් සමාජ ගත කළවුන්ද කර ඇත්තේ දෙකයි පනහේ වැඩක් බවද සිහිපත් කළ යුතුය.


⁣අනුරාධපුරයේ රැස්වීම පැවැත්වෙන වේලාවේම පොළොන්නරුවේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විනි. අනුරාධපුර රුස්වීමට සහභාගි වූවන් ගේ බේබදුකම් ගැන බොහෝ දර්ශන මේ වන විටත් සමාජ මාධ්‍යවල දැක ගත හැකිය. එහෙත් පොළොන්නරුව ජාජබයේ රැස්වීමට සහභාගි වූ එකම ජීවියෙකුවත් එලෙස හැසිරුන බවක්  වාර්තා වී නැත.


පොදු ජන පෙරමු⁣ණේ හා ජාජබයේ වෙනස ඇත්තේ තැනය. ඒ වෙනස අහස⁣ට පොළවට මෙන්ය. සැබෑවටම මේ රටේ පුරවැසියන් දැන්වත් කල්පනා කළ යුත්තේ විනය ගරුක රටක් ගොඩ නගන්නට පුළුවන් කවර පාර්ශවයකට යන්න ගැනය. ජාජබයේ රැස්වීමට සහභාගි වූවන් ගේ විනය ගරුකත්වයත් පොදු ජන පෙරමුණු රැස්වීමෙි බේබද්දන්ගේ විකාරයත් ⁣වටහා ගන්නට මොළයක් තිබේ නම් පිළිතුර ඒ වටහා ගැනීම  තුළම පවතී.

        

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…