මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

අනුර ගැන නො කියැවුණු කියවීමක්...

ලියුවේ Admin
අනුර ගැන නො කියැවුණු කියවීමක්...

වගකීමෙන් කියන්නෙ, 

      

මේ PSTA, OCA රාජ්‍ය ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමේ පනත් අරන් එන්නේ වෙන කාගෙවත් වුවමනාවන්ට වඩා මෙයාගෙ වුවමනාවට. මෙයත් එක්ක කාලයක්ම එකට දේශපාලනය කරලා මෙයා ගැන කියවා ගැනීමෙන් මෙහෙම කියන්නෙ. 


පුද්ගලයො ගැන තියන කියවීම් සාමාන්‍යයෙන් කියන්න අපි කැමති නෑ. නමුත් රටක් එක්ක, සමාජයක් එක්ක තමන්ගෙ පුද්ගලික අභිලාෂ උදෙසා සෙල්ලම් කරනවා නම් මේවා නොකියා ඉන්න එකත් වැරැද්දක්. 

      

මේ පුද්ගලයා අතිශය ස්වෝත්තම සහ තමන් ගැන, තම මතය ගැන අධි චින්තාවක් තියන කෙනෙක් කියලා ඇසුරෙදි වගේම එවකට ආ ප්‍රෂ්ණ වලදි ඔහුගේ හැසිරීම් ස්වභාවයෙන්ම තේරුම් ගත්තෙ.. ඒ සමගම අන් මත ඉවසන්න එයාට අමාරුයි. පරාජයන් දරාගන්න බෑ. එවැනි අවස්ථා වල අතිශය වියරු ස්වභාවයක් පෙන්නනවා. එවැනි අවස්ථා වල ඒ මූන අපි හොඳට දැකලා තියනවා. නිතර පෙන්නන්න හදන ව්‍යාජ මිතුශීලීත්වය එහිදී අර්බුදයට යනවා. එවිට කෙනෙක්ගෙ මූණ බලලා කතා කරන්න එයාට බැරුව යනවා. ඒක සංස්කෘතික පසුගාමීත්වයකුත් එක්ක බැඳුනු හීනමානී ස්වබාවයක් වෙන්න ඕනෙ. 

     

ලෙනින්ගෙ අවසාන ලිපියෙ ලෙනින් ස්ටාලින් ගැන කියද්දි කියනවා, අධිකතර බලයක් ස්ටාලින් වැනි කෙනෙක් අත කේන්දු වීම බරපතල ප්‍රෂ්ණ ඇති කරන්න පුලුවන් කියලා. මොනවාා වුනත් ස්ටාලින්ට තිබුනෙ වැරදි ගොඩක් මතින් උත්සාහ කල සමාජවාදී මාවතක්. 


නමුත් මෙයාට සමාජවාදී කතාවක අංශු මාත්‍රයක්වත් නෑ. මෙයා ඒක 2010 වෙනකොටත් අතහැරලා හිටියෙ. මෙයාගෙ මේ හීනමානී ස්වබාවයේම තව පැතිකඩක් තමයි සමහර පුද්ගලයො එයාට "මාර" වීම. ඒ දවස්වල අපිත් එක්කත් කියනවා අහවලා මාරයි, අහවලා මාරයි කියලා. ⁣දැන් මෙයාට මාර වෙලා තියන්නෙ, හුලංගමුව, හාන්ස්, ධම්මික, මහරාජලා වගේ කට්ටිය. 

     

ලෝකේ අධිකම බලයක් තනි පුද්ගලේක් අත රඳවපු ජේආර්ගෙ විධායක ජනාධිපතිකමත් දැන් මෙයාට මදි. මෙයා කොහොමත් එයාගෙ මතේට තනි තීන්දු ගන්න තැමතියි. ෆොන්සේකා ජනාධිපතිවරණයට අරන් එන එකත් එහෙම තීන්දුවක්. තව එහෙම අපි දන්න තීරණ ගොඩක් තියනවා. තනි බලයට මෙයා ආසයි. ඒ නිසා අභියෝග කරන අයව විනාශ කරන්න වුනත් ඒ මානසිකත්වය විසින් එයාව මෙහෙයවනවා. එසේ එයාගෙ මාවතේ ධනකුවේර සහචරයොත් එක්ක ඉදිරියට යද්දි අභියෝග කරන්නන් නිහඩ කල හැකි බලයක් අත්පත් කරගන්න, තියන වෙලාවෙ තුනෙන් දෙක යොදා ගෙන, ජේආර්ටත් වඩා බලසම්පන්න විධායකයක් හදාගන්න නෙමෙයිද මේ වෑයම. 

      

මේ වියරු පුද්ගලයාට මේ සෙල්ලමට ඉඩ දෙනවද කියලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න අවංකව දර දිය ඇදපු සියලු දෙනා බරපතල විදිහට කල්පනා කල යුතු මොහොතක් මේක. ඒ වගේම 159 දෙනා නිකම්ම නිකං අත් උස්සන පඔයො වෙනවද කියලා තීරණය කල යුතු මොහොතක් මේක.


සුජිත් කුරුවිට ✍️


(උපුටා ගැනීම 06/11/2026 දින සුජිත් කුරුවිටගේ මුහුණු පොතිනි.)

සියලු ප්‍රවෘත්ති — Political

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!
නවතම ප්‍රවෘත්තිPolitical

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!

සිවිල් සමාජයේ පොදු එකඟතාවක් මත ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙනස් කළ නොහැකිද? ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස බලන විට අද අප ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඊළඟට බලයට පත්වන්නේ කුමන දේශපාලන පක්ෂයද යන්න පමණක…

වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...
නවතම ප්‍රවෘත්තිPolitical

වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...

මාතර පොල්හේනේ සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ 'නීතියේ බුල්ඩෝසරය' අවසානයේදී නැවී ඇත්තේ කාගේ කවුරුන්ගේ සාක්කුවටද? ​දිවයිනේ අනෙකුත් වෙරළ තීරයන්හි සාමාන්‍ය මිනිසුන්ගේ කුඩා කඩ සාප්පු සහ තාවකා…

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...
නවතම ප්‍රවෘත්තිPolitical

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...

එදා ජීවිත පූජා කළේ කුමන සමාජයක් වෙනුවෙන්ද? අද බලය හොබවන්නේ කුමන සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන්ද? ඉල් මහ විරු සමරුව යළිත් පැමිණ තිබේ. සෑම වසරකම නොවැම්බර් මාසය එළැඹෙන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහ…

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..
නවතම ප්‍රවෘත්තිPolitical

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..

මීට සතියකට ඉහත මවිසින් ලියු කුඩා ලියවිල්ලක් ගැන මගේ සමහර දේශපාලන  මිතුරන් නැගු ප්‍රශ්න ගණනාවක් නිසා මෙය ලිවීමට අදහස් කලෙමි.  “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” සඳහා ගෙන එන පනත සහ “සංවිදානා…