"අන්තිම දවස්" සහෘද සංවාසය සැප් 11 වැනි දා බොරැල්ලේ දී

තිඹිරියාගම බණ්ඩාර ගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන "අන්තිම දවස්" කියවන්න අවස්ථාව ලැබුණා. එහි එන කෙටි කතා සියල්ලම තිඹිරි ස්වකිය ජිවිත අත්දැකීම් සාහිත්‍ය අනුභුතින් බවට පත් කරගනිමින් ලියැවුණු නිසාම ඒ කතා තුළින් මනුෂ්‍ය සබඳතාවල සංකිර්ණතා සියුම් ලෙස විදාරණය වෙනවා.
එහි එන "සුදු වත" "මංගල ඡායාරූපය " "මහගෙදර" කෙටිකතා ත්‍රිත්වය මා වඩාත් කම්පනයට පත් කළ අතර එම කතා තුළ සංකේතාර්ථයෙන් ව්‍යක්ත කෙටිකතා කරුවකු ගේ ලක්ෂණ මතුවී තිබෙනවා. එසේම නිර්මාණකරණයෙහිලා තිඹිරි තුළ පවතින මනා ශික්ෂණයත් අරපරිස්සම් සහගතව අවස්ථා සහ සිද්ධි ගලපා ගැනිමේ ශුරත්වයත් කෙටිකතා සියල්ලෙන්ම පැහැදිලි වෙනවා.
තිඹරි ගේ අන්තිම දවස් කෙටිකතා සංග්‍රහය පිළිබඳ සහෘද සංවාසයක් සැප් 11 වෙනිදා සවස බොරැල්ල සමුද්‍ර පොත්හලේ දි පැවැත්වෙන අතර එහිදි කෘතිය පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා වෙනු ඇතැයි අදහස් කරනවා.
ගුණසිරි සිල්වා ✍️



