අනුර ගැන නො කියැවුණු කියවීමක්...

වගකීමෙන් කියන්නෙ,
මේ PSTA, OCA රාජ්‍ය ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමේ පනත් අරන් එන්නේ වෙන කාගෙවත් වුවමනාවන්ට වඩා මෙයාගෙ වුවමනාවට. මෙයත් එක්ක කාලයක්ම එකට දේශපාලනය කරලා මෙයා ගැන කියවා ගැනීමෙන් මෙහෙම කියන්නෙ.
පුද්ගලයො ගැන තියන කියවීම් සාමාන්‍යයෙන් කියන්න අපි කැමති නෑ. නමුත් රටක් එක්ක, සමාජයක් එක්ක තමන්ගෙ පුද්ගලික අභිලාෂ උදෙසා සෙල්ලම් කරනවා නම් මේවා නොකියා ඉන්න එකත් වැරැද්දක්.
මේ පුද්ගලයා අතිශය ස්වෝත්තම සහ තමන් ගැන, තම මතය ගැන අධි චින්තාවක් තියන කෙනෙක් කියලා ඇසුරෙදි වගේම එවකට ආ ප්‍රෂ්ණ වලදි ඔහුගේ හැසිරීම් ස්වභාවයෙන්ම තේරුම් ගත්තෙ.. ඒ සමගම අන් මත ඉවසන්න එයාට අමාරුයි. පරාජයන් දරාගන්න බෑ. එවැනි අවස්ථා වල අතිශය වියරු ස්වභාවයක් පෙන්නනවා. එවැනි අවස්ථා වල ඒ මූන අපි හොඳට දැකලා තියනවා. නිතර පෙන්නන්න හදන ව්‍යාජ මිතුශීලීත්වය එහිදී අර්බුදයට යනවා. එවිට කෙනෙක්ගෙ මූණ බලලා කතා කරන්න එයාට බැරුව යනවා. ඒක සංස්කෘතික පසුගාමීත්වයකුත් එක්ක බැඳුනු හීනමානී ස්වබාවයක් වෙන්න ඕනෙ.
ලෙනින්ගෙ අවසාන ලිපියෙ ලෙනින් ස්ටාලින් ගැන කියද්දි කියනවා, අධිකතර බලයක් ස්ටාලින් වැනි කෙනෙක් අත කේන්දු වීම බරපතල ප්‍රෂ්ණ ඇති කරන්න පුලුවන් කියලා. මොනවාා වුනත් ස්ටාලින්ට තිබුනෙ වැරදි ගොඩක් මතින් උත්සාහ කල සමාජවාදී මාවතක්.
නමුත් මෙයාට සමාජවාදී කතාවක අංශු මාත්‍රයක්වත් නෑ. මෙයා ඒක 2010 වෙනකොටත් අතහැරලා හිටියෙ. මෙයාගෙ මේ හීනමානී ස්වබාවයේම තව පැතිකඩක් තමයි සමහර පුද්ගලයො එයාට "මාර" වීම. ඒ දවස්වල අපිත් එක්කත් කියනවා අහවලා මාරයි, අහවලා මාරයි කියලා. දැන් මෙයාට මාර වෙලා තියන්නෙ, හුලංගමුව, හාන්ස්, ධම්මික, මහරාජලා වගේ කට්ටිය.
ලෝකේ අධිකම බලයක් තනි පුද්ගලේක් අත රඳවපු ජේආර්ගෙ විධායක ජනාධිපතිකමත් දැන් මෙයාට මදි. මෙයා කොහොමත් එයාගෙ මතේට තනි තීන්දු ගන්න තැමතියි. ෆොන්සේකා ජනාධිපතිවරණයට අරන් එන එකත් එහෙම තීන්දුවක්. තව එහෙම අපි දන්න තීරණ ගොඩක් තියනවා. තනි බලයට මෙයා ආසයි. ඒ නිසා අභියෝග කරන අයව විනාශ කරන්න වුනත් ඒ මානසිකත්වය විසින් එයාව මෙහෙයවනවා. එසේ එයාගෙ මාවතේ ධනකුවේර සහචරයොත් එක්ක ඉදිරියට යද්දි අභියෝග කරන්නන් නිහඩ කල හැකි බලයක් අත්පත් කරගන්න, තියන වෙලාවෙ තුනෙන් දෙක යොදා ගෙන, ජේආර්ටත් වඩා බලසම්පන්න විධායකයක් හදාගන්න නෙමෙයිද මේ වෑයම.
මේ වියරු පුද්ගලයාට මේ සෙල්ලමට ඉඩ දෙනවද කියලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න අවංකව දර දිය ඇදපු සියලු දෙනා බරපතල විදිහට කල්පනා කල යුතු මොහොතක් මේක. ඒ වගේම 159 දෙනා නිකම්ම නිකං අත් උස්සන පඔයො වෙනවද කියලා තීරණය කල යුතු මොහොතක් මේක.
සුජිත් කුරුවිට ✍️
(උපුටා ගැනීම 06/11/2026 දින සුජිත් කුරුවිටගේ මුහුණු පොතිනි.)



