මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිArt and Culture

"අන්තිම දවස්⁣" සහෘද සංවාසය සැප් 11 වැනි දා බොරැල්ලේ දී

ලියුවේ Admin
"අන්තිම දවස්⁣" සහෘද සංවාසය සැප් 11 වැනි දා බොරැල්ලේ දී

තිඹිරියාගම බණ්ඩාර ගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන "අන්තිම දවස්" කියවන්න අවස්ථාව ලැබුණා. එහි එන කෙටි කතා සියල්ලම තිඹිරි ස්වකිය ජිවිත අත්දැකීම් සාහිත්‍ය අනුභුතින් බවට පත් කරගනිමින්   ලියැවුණු  නිසාම ඒ කතා තුළින්  මනුෂ්‍ය සබඳතාවල සංකිර්ණතා  සියුම් ලෙස විදාරණය වෙනවා.  


එහි එන "සුදු වත" "මංගල ඡායාරූපය " "මහගෙදර" කෙටිකතා ත්‍රිත්වය මා වඩාත් කම්පනයට පත් කළ අතර එම කතා තුළ සංකේතාර්ථයෙන් ව්‍යක්ත කෙටිකතා  කරුවකු  ගේ ලක්ෂණ මතුවී තිබෙනවා. එසේම  නිර්මාණකරණයෙහිලා තිඹිරි තුළ පවතින  මනා ශික්ෂණයත් අරපරිස්සම් සහගතව අවස්ථා  සහ සිද්ධි ගලපා ගැනිමේ ශුරත්වයත් කෙටිකතා සියල්ලෙන්ම  පැහැදිලි වෙනවා. 


තිඹරි ගේ අන්තිම දවස්⁣ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සහෘද සංවාසයක් සැප් 11 වෙනිදා සවස  බොරැල්ල සමුද්‍ර පොත්හලේ දි පැවැත්වෙන අතර එහිදි කෘතිය පිළිබදව දිර්ඝ වශයෙන්  සාකච්ඡා වෙනු ඇතැයි අදහස් කරනවා.


ගුණසිරි සිල්වා ✍️

සියලු ප්‍රවෘත්ති — Art and Culture

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...
නවතම ප්‍රවෘත්තිArt and Culture

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...

සිනමාවේ හෝ වේවා, ටෙලි නාට්‍යයේ හෝ වේවා වෙනයම් මාධ්‍යයක හෝ වේවා, අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණාත්මක කර්යභාරය සුවිශේෂයි. අනිත් පැත්තෙන් ඊට අනුරූපීව ගොඩනැගී ඇති වෙළෙඳපොල ජය ගැනීම. නිර්මාණාකරුවා තනිකරම ස්වාධී…

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......
නවතම ප්‍රවෘත්තිArt and Culture

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර...... පඩික්කමක් පෙරළී වැටෙනා අතර  පැටික්කියක්   හූමිටි  පෑවා   වැතිර  වැයික්කියක්  බුදියා   සිටිනා  අතර චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා…

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....
නවතම ප්‍රවෘත්තිArt and Culture

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....

ඛලීල් ජිබ්රාන් (Khalil Gibran) කියන්නේ මහ පුදුම අදහස් තිබුණ මනුස්සයෙක්. ඔහු ආදරය දැක්කේ, ආදරය සුන්දර වුණත්, ඒක මනුෂ්‍යයා වෙනස් කරන වේදනාවක් ගෙන දෙයක් විදිහට. ඒ වගේම ඔහු වේදනාව දැක්කේ, මනුෂ්‍යයාගේ අභ්‍…

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...
නවතම ප්‍රවෘත්තිArt and Culture

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...

සිංහල සිනමාව සහ සංගීතය අද පවතින ප්‍රබල සහ ගෞරවනීය ස්ථානයට ඔසවා තැබීමට මුල් යුගයේ දායක වූ දැවැන්තයන් අතර, හර්බට් එම්. සෙනෙවිරත්න මහතාගේ නාමය සදා නොමැකෙන එකක් බව අපි ගෞරවයෙන් සිහිපත් කරමු. 1940 දශකයේ සි…