Back to home
Breaking newsPolitical

සජබ යේ තවත් පාතාලයෙක් අත්අඩංගුවට.

සජබ යේ තවත් පාතාලයෙක් අත්අඩංගුවට.

අම්බලන්ගො⁣ඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන සමගි ජන බලවේගයේ අමිත් චතුරංඟ සමරනායක නොහොත් චුට්ටේ නැමැත්තා රිපීටර් වර්ගයේ ගිණි අවියක් නීති විරෝධීව ලඟ තබා ගැනීමේ චෝදනාව ය⁣ටතේ පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.


පාතාල ක්‍රියාකාරිකයකුගෙන් පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම ගිණි අවිය අත්අඩංගුවට ගන්නා ලද බව අනාවරණය වේ.


ගාල්ල දිස්ත්‍රික්කයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ගේ සමීපතමයකු වන මේ තැනැත්තා, පාතාල  අපරාධ වලට සම්බන්ධ වී සි⁣ටියේ දැයි මේ වන ව්ට පොලීසිය මගින් විමර්ශනය කරමින් සිටී.


මීට මාස කිහිපයකට පෙර පාර්ලිම්න්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කළ ⁣සිංගර් කෝසල නැමැත්තා ද අම්බලන්ගොඩ නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.


සිංගර් කෝසල නැමැත්තා ඝාතනය කරන ලද්දේ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවුණ ගැටුමක් නිසා බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි විය. ඝාතනය කෙරුණ සිංගර් කෝසල කරන්දෙණිය සුද්දාට එරෙහිව අහුංගල්ලේ ලොකු පැටී නම්  පාතාල ක්‍රියාකාරිකයා සමග සම්බන්ධකම් පවත්වා ඇති බව ද ⁣එහි දී අනාවරණය වී තිබුණි.

සජබ යේ තවත් පාතාලයෙක් අත්අඩංගුවට. | Lanka Update