
Breaking newsSocial
සිසු විරෝධය නොතකා අගමැතිනිය නව වෛද්‍ය පීඨය විවෘත කරයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධය නොතකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ජූලි 04 වැනිදා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී විය.
විවෘත කිරීමේ අවස්ථාවට දේශපාලන බලවේග සම්බන්ධ කරගැනීම එදා මෙන්ම අදත් ප්‍රතික්ෂේප කරන බව පැවැසූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, අග්‍රාමාත්‍යවරිය මෙයට සහභාගී වීම පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කොට තිබුණි.
කෙසේ වෙතත්, සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞදි සංවර්ධන අරමුදල, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රජය සමඟ එක්ව සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කළේය.
සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය, සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ෆයිසාල් අල්-කහ්තානි, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජිතයින් සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ අගමැතිනි සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර දිගුකාලීන හවුල්කාරිත්වය සහ උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික සිසුන්ගේ අනාගත පරම්පරාවන් සඳහා අවස්ථා පුළුල් කිරීම සඳහා සෞදි සංවර්ධන අරමුදලේ දායකත්වය තම රජය අගය කරන බවය.
දශක හතරකට වැඩි කාලයක්, සෞදි සංවර්ධන අරමුදල ජීවිත වැඩිදියුණු කරන සහ තිරසාර සංවර්ධනයට දායක වන ව්‍යාපෘති සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කර ඇති බවත්, මෙම පීඨය නරටවල් දෙක අතර ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබිඹු කරන බවත් සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ෆයිසාල් අල්-කහ්තානි මහතා පැවසීය.
ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ වටිනාකමකින් යුත් සහ සෞදි සංවර්ධන අරමුදල මගින් අරමුදල් සපයන ලද මෙම වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා සංවර්ධනය කර ඇත. මෙම පහසුකමට නවීන වෛද්‍ය රසායනාගාර, පැරා-ක්ලිනිකල් ඉගැන්වීමේ පහසුකම් සහ පුස්තකාලයක් ඇතුළත් වන අතර එමඟින් රටේ සෞඛ්‍ය සේවා අංශයට සහාය වෙමින් සිසුන්ට වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට වැඩි අවස්ථාවන් ලබා දේ.
