Back to home
Breaking newsInternational

17 හැවිරිදි තායි දැරිය ඝාතනය කළ ඕස්ට්‍රේලියානුවා අත්අඩංගුවට

17 හැවිරිදි තායි දැරිය ඝාතනය කළ ඕස්ට්‍රේලියානුවා අත්අඩංගුවට

තායිලන්තයේ පතායා හි පිහිටි නිවසකට ඕස්ට්‍රේලියානු ජාතිකයකු විසින් රැගෙන ගිය 17 හැවිරිදි තායි දැරියක්, ඉන් පැය කිහිපයකට පසුව ඝාතනය කොට පසුව එම සිරුර විශාල ගමන් මල්ලක දමා පතායා හි වීදියක දමා ගොස් තිබියදී තායි පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


සයිමන් පීටර් කාර්මන් නමැති මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා ඝාතනයට ලක්වූ මෙම බාල වයස්කාර දැරියව නිවසට රැගෙන ගොස් ඇත්තේ පසුගිය ජුනි මස 25 වැනි දා අලුයම දී ය.


ඕස්ට්‍රේලියානු ජාතිකයා විසින් මෙම දැරියව නිවසට රැගෙන යන ආකාරයත්, පැය කිහිපයකට පසුව ඔහු විශාල ගමන් මල්ලක් රැගෙන ගොඩනැගිල්ලෙන් පිටව යන ආකාරයත් දැක්වෙන CCTV දර්ශන තායි පොලිසිය විසින් නිකුත් කර තිබේ. 


ඝාතනය කරන ලද දැරියන්ගේ සිරුර සොයා ගැනීමෙන් පසුව කාර්මන් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයාව සෙනසුරාදා (ජුනි 27) බැංකොක්හි සුවර්ණභූමි ගුවන්තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව තායි පොලිසිය විසින් මිනීමැරුම්, මළ සිරුරක් සඟවා තැබීම, සාක්ෂි විනාශ කිරීම සහ බාල වයස්කරුවෙකු ලිංගික අරමුණු සඳහා රැගෙන යාම ඇතුළු චෝදනා රැසක් එල්ල කොට තිබේ.