රවි ගේ ලේකම්රිය අත් අඩංගුවට...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2015 සහ 2019 යන කාලසීමාවන් අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගත් සේවකයන් තිදෙනකු, එම රාජ්‍ය ආයතනයේ සේවය සඳහා යෙදවීම වෙනුවට හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවය සඳහා අනුයුක්ත කර සිටි බවට එල්ල වූ චෝදනාවකට අදාළවය.
ශර්මිලා පෙරේරා හිටපු අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුළත්මුදලිගේ ලේකම්වවරියක ලෙස ද කටයුතු කළ අතර ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනය වීමෙන් පසුව ශර්මිලා පෙරේරා කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ ලේකම්වරිය ලෙසය. ඊට අමතරව ඇය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම්වරිය ලෙසද කටයුතු කරන්නීය.
මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.