ව්‍යාපාරික ෂාප්ටර්ගේ ඝාතකයා ඇමැති පුතෙක්...?

2022 දෙසැම්බර් 15 වැනි දින කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඝාතනය කරන ලද ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය පිටුපස, එවකට පැවති රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු ගේ පුත්‍රයෙකු සිටින බවට වූ තොරතුරු හෙළිවෙමින් පවතින බව නිලනොවන ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන්, අදාළ ඇමැති පුත්‍රයා විශාල මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබූ බවට වූ තොරතුරු පිළිබඳව ද හෙළිදරව් වෙමින් ඇතැයි එම නිලනොවන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
දිනේෂ් ෂාෆ්ටර් මහතා 2022 දෙසැම්බර් 15 වැනි දින සිය මෝටර් රථය තුළ බරපතළ තුවාල සහිතව සොයාගෙන රෝහල්ගත කළද පසුව මියගියේය.
මේ සම්බන්ධයෙන් පැවැති නඩුවේ මුල් අවධියේදී සියදිවි නසා ගැනීමක් (suicide) විය හැකිද යන හැකියාවද විමර්ශනයට ලක් වූ අතර, ඒ සම්බන්ධ කරුණුද අධිකරණයට ඉදිරිපත් විය. නමුත් එය අවසාන නිගමනය නොවීය.
නඩුව අතරතුර විවිධ විශේෂඥ මත අධිකරණයට ඉදිරිපත් විය. ඇතැම් වෛද්‍ය සහ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණවලදී සියදිවි නසා ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාද සිදු විය.
කෙසේ වෙතත්, පසුව පත් කළ ස්වාධීන විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය සියලු වෛද්‍ය සහ විද්‍යාත්මක සාක්ෂි නැවත සමාලෝචනය කළේය. එම මණ්ඩලයේ නිගමනය වූයේ, ලැබී තිබූ සාක්ෂි අනුව මරණය සියදිවි නසා ගැනීමක් ලෙස පැහැදිලි කළ නොහැකි අතර, ඝාතනයක් සමඟ වඩාත් අනුකූල වන බවයි.
එම වාර්තාව සැලකිල්ලට ගනිමින් අධිකරණය CID වෙත නියෝග කළේ ඝාතන විමර්ශනයක් ලෙස පරීක්ෂණය ඉදිරියට ගෙන යන ලෙසය.
මෙම නඩුව මෙතරම් සංකීර්ණ වීමට හේතු වී ඇත්තේ, මරණය ඝාතනයක් බවට ප්‍රබල වෛද්‍ය මතයක් තිබුණද, එය කළ පුද්ගලයා කවුරුන්දැයි ප්‍රසිද්ධියේ ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොතිබීමයි.
මේ අතරතුර සමාජ මාධ්‍යවල සහ විවිධ මාධ්‍යවල ඝාතනයට වගකිව යුතු පුද්ගලයන් ගැන මීට පෙර විවිධ අනුමාන පළ වී ඇතත්, ඒවා කිසිවක් තවමත් අධිකරණයෙන් තහවුරු වී නොමැත.