"පිස්සු ගැහැණියක් ඔලුවට හුජ්ජ කළ" පොලීසියක්....

පසුගිය සිංහල අලුත් අවුරුද්ද ගෙවී යාමෙන් පසු වැඩ ඇල්ලීමේ නැකතට වැඩපොළකට ගිය මේසන් බාස් උන්නැහේ කෙනෙකු පොලීසිය අල්ලා ගත්තේ ජාතික හැඳුනුම්පත සන්තකයේ තබා නොගෙන සිටි නිසාය. ඒ නිසා මේසන් බාස් මුළු දවසම කූඩුවේ ලැග්ගේය. හැඳුනුම් පත ගෙන්වා ගෙන ගෙදර යන්නට සිද්ධ වූයේ දෙගොඩ හරි ජාමයේය.
නැකතටවැඩ ඇල්ලීම කෙසේ වෙතත් එදින කුලියක් මලියක් ලබා ගැනීමට පවා මේ මේසන් බාස් උන්නැහේට නොහැකි විය. සිද්ධිය සිද්ධ වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේය. ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් පොලීසියක ලොක්කෙක් ටියුෂන් ගොස් එන පාසැල් දරුවන් හය දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගෙන පැය දහයක පමණ කාලයක් කූඩුවේ රඳවාගෙන සිටියේය.
දැන් පොලීසිය හැසිරෙන්නේ පිස්සු ගෑණියෙක් ඔළුවට හුජ්ජ කරා වාගේය.
මහ පාරේ නිදහසේ ගමන් කරන පුරවැසියකු කුදලා ගෙන පොලීසියට ගෙනවිත් නඩුවක් පැවරීම පොලීසියේ විනෝදාංශය බවට පත්වී තිබේ.
විශේෂයෙන් දකුණු පළාතේ පොලිස් ලොක්කා ගේ "පොලිස් අධිරාජ්‍යය" තුළ පොලීසියේ පහල වුන් හැසිරෙන්නේ දඩයමි බල්ලන් මෙනි. ඒ ඔවුන්ට ඉහළින් එන පීඩනය නිසාය. ඕඅයිසී ලාගේ වට්ස්ඇප් සමූහයක දකුණේ පොලිස් ලොක්කා යොමු කළ මැසේජයක සඳහන් වී තිබුණේ "ඒ දවස්වල තිබුණේ දේශපාලන මාෆියාවක්, දැන් තියෙන්නේ "පොලිස් මාෆියාවක්" බවය. එය පළ කර තිබුණේ උදම් ඇනීමක් ලෙස ය.
ඒ පොලිස් ලොක්කා කියන කතාව සහ සුද්දෙන්ම ඇත්තය. පහුගිය අවුරුද්දේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු කාන්තාවක් බිලි දී නිදන් හෑරීමට ගිය බවට පට්ටපල් බොරු චෝදනාවක් කරමින් මාසයකට ආසන්න දින කාලයක් බන්ධනාගාර ගත කෙරුවේද මේ දකුණේ පොලිස් ලොක්කාය.
වැඩේ කියන්නේ ඒ සියළු චෝදනා වලින් අධිකරණයෙන් නිදහස් කෙරුණ මේජර් ජනරාල් කිත්සිරි ගුණවර්ධන, පොලිස්පතිවරයාට පවා පැමිණිලි කෙරුවේය. පැමිණිල්ල සඳහා පොලිස් මූලස්ථානයට ගිය මේජර් ජනරාල් කිත්සිරිට පොලිස්පති "සොරි" කිව්වේය. පැමිණිල්ල ප්‍රතිඵලය එච්චරය. ඔහු පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලට මෙතෙක් සාධාරණය ඉටු කර නැත.
මේ දකුණේ පොලිස් ලොක්කා ගේ අජූත කෙරුවාව පසුගිය දිනක යූ ටියුබයෙන් අනාවරණය කෙරූ රාජංගනයේ හාමුදුරුවන්ව, පොලීසියට කුදලා ගෙන ගෙනිච්චේ රාජකාරියට බාධා කිරීම හා අපහාස කරන ලදැයි චෝදනා නගමින්ය.
යු ටියුබයකින් සිදු කරන අදහස් ප්‍රකාශය රාජකාරියට බාධා කිරීමක් වන්නේත්, අපහාස කිරීම අත්අඩංගුවට ගත හැකි අපරාධමය වරදක් වන්නේත් කෙසේ දැයි කිසිම මාධ්‍ය සංවිධානයක් මේ වන තුරු ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කෙරුවේද නැත.
එහිදී සිද්ධ වුණේ සිය මිත්‍රයා වෙනුවෙන්, කොස්තාපල් පොලිස්පති හිරිකිතයක් නැතුවම මෙරට නීතිය තමන්ට ඕනෑ විදියට නවා ගැනීමය. පොලීසියට කුදලා ගෙන ආ රාජාංගනේ හාමුදුරුවන් බය වද්දා මුදා හැර තිබේ. ඒ නැවත දකුණේ පොලිස් ලොක්කාට එරෙහිව කටේ කෙල බිඳුවක් හැලීම තහනම් කරමිනි. පොලිස්පතිවරයා ද දකුණේ පොලිස් ලොක්කා ද පොලිස් සේවාවට බැඳී ඇත්තේ පොලිස් කොස්තාපල් වරුන් විදියට ය. මේ දෙදෙනා පුකට අමුඩය වාගේ මිත්‍රයන්ය.
දකුණේ පොලිස් ලොක්කාට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂමේ පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බව වාර්තාවේ. එහෙත් ඒවා ගැන පරීක්ෂණයක් නැත. එහි නීති අධ්‍යක්ෂවරියක වන්නේ වර්තමාන පොලිස්පතිගේ පළමු බිරින්දෑය. ඒ දෙදෙනා විවාහ වෙද්දී බෙස්ට්මන් වී ඇත්තේ දකුණේ පොලිස් ලොක්කාය.
සාමාන්‍යයෙන් මෙරට විවාහ සම්ප්‍රදාය අනුව, මනමාළයාට "බෙස්ට්මන්" කෙනෙකු සිටින්නේ විවාහ ජීවිතයේදී හදිසියේවත් මනමාළයා මිය ගිය හොත් ඒ මනමාළිය ගේ වගකීම "බෙස්ට්මන්ට" පැවැරීමේ අදහසින් ය. එහෙත් මෙතැන සිද්ධ වී ඇත්තේ දික්කසාදයකි. දික්කසාද වූ පොලිස්පති බිරිඳ තම විවාහයේ බෙස්ට්මන්ට තියෙන බැඳීම නිසා ඔහුට එරෙහිව තියෙන පැමිණිලි විභාග නොකරන බවට හිතන්නට පුළුවන.
අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැන් සමාජයේ පෙනී හිටින්නේ කිරි කොකෙකු වාගේය. ඒත් මේ කිරි කොකාද සිය නීති අධ්‍යක්ෂවරිය ගේ "බෙස්ට්මෑන්ට" එරෙහිව ලැබී ඇති පැමිණිලි ගැන සිටින්නේ "හය හතර නොදන්නා බබා" ගානටය.
මේ වන විට දිවයිනේ හතර දිග් බාගයේම
පුරවැසියන් ගමනක් බිමනක් යාමට පාරට බහින්නේ ආපසු ගෙදර එන්නට හැකිවේද එසේත් නැති නම් රිමාන්ඩ් භාරයට යන්නට වේ දැයි සැකයෙනි.
පොලිස්කාරයන් ඉන්නේ පොලීසියේම මහ එවුන්ගේ පීඩනයට අහුවෙලාය. ඒ පීඩනය පිට වෙන්නේ පුරවැසියන් ගේ හිස මතටය. පොලීසියේ දැන් රාජකාරිය වී තියෙන්නේ නීතිය හා සාමය රැකීම නොව නඩු හෙවීමය. මිත්‍රශීලී පොලීසියක් වෙනුවට දැන් නිර්මාණය වී ඇත්තේ "මහසෝන් සමයම" නටන පොලීසියකි.
මේ වන විට පොලීසිය මහ එවුන් එකාට එකා ඇරියස් කවර කරන වටපිටාවක්ද මතු වී තිබේ. ඒ අතරේ පොලීසියේ පට්ට දූෂිතයන් නීති ගරුකව රාජකාරි කරන පොලිස් ලොක්කන්ට ෂොට් එක දෙමින් සිටී. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕළුගලගේ දේපොල වත්කම් සොයන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගෙන සිටින්නේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමරත්නය. මේ ප්‍රේමරත්න ගැන හොඳටම දන්නේ ඇඹිලපිටිය පැත්තේ පුරවැසියන්ය. ඔහු අත් අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරිගේ ගජයෙකි. ඒ කියන්නේ නෙවිල් වන්නිආරච්චිගේ ඔඩොක්කු කුක්කෙකි.
ඕළුගලට එරෙහිව පෙනී හිටින පොරගේ කෙරුවාව ගැන වැඩි විස්තර ලියන්නට අවශ්‍ය නැත්තේ ඔය සඳහන් කර ඇති තොරතුරු දැන ගත්තාම සතා මොකාදැයි හඳුනාගන්නට පුළුවන් නිසාය. මේ කුමන්ත්‍රණය පිටුපස කොස්තාපල් පොලිස්පති සිටී දැයි අපට සැකයක් පවතී. ඒ තමාට කොන්ට්‍රෝල් නැති පොලිස්කාරයන් දඩයම් කිරීමට මේ උන්දෑ කටයුතු කරමින් සිටින බවට නිකමට සිතෙන නිසාය.
කොස්තාපල් පොලිස්පති ආණ්ඩුවේ ගාලෙන් පිනට අත හැර දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ නිසාම උන්දෑ දැන් තමන්ට හිතවත් "පොලිස් කල්ලියක්" හදාගෙන තමන්ට ඕනෑ හැටියට හිතූ මනාපයට වැඩය. මේ හිතූ මතේ කෙරවාව නිසා පොලිස් පොඩ්ඩන් ආණ්ඩුවට එරෙහිව කරන දෙස් දෙවොල් ජනපතිවරයා වෙත වාර්තා වෙන්නේද නැත. ඒ ජාතික බුද්ධි සේවාවේ ලොක්කා කොස්තාපල් පොලිස්පතිගේ කල්ලියේ හාදයෙක් නිසාය. කොස්තාපල් පොලිස් පති වැඩ කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක උතුමානන්ට ඕනෑ විදියට බවද පැවසේ. ඒ සම්බන්ධතාවද මරුය.
කොස්තාපල් පොලිස්පති පොලීසියට බැඳුනේ අසූ නවය භීෂණ වටපිටාවෙන් නිර්මාණය වී පැවැති මිල්ටෙරි සාහසිකත්වයෙන් බේරීම පිණිස බව ඔහු විසින්ම මහජන හමුවකදී ප්‍රකාශ කෙරුවේය. කොස්තාපල් පොලිස්පති ගේ ගම් ප්‍රදේශයට ආසන්න වැලිපැන්න පොලීසියේ ඒ දිනවල මිනිස් වදකාගාරයක් තිබුණි. ජවිපෙ ක්‍රියාකාරිකයෙකු සිය ජිප් රථයේ පසු පස බැඳ ගෙන, ඒ පොලිස් බල ප්‍රදේශය පුරාම ඇදගෙන ගිය ඒ වදකාගාරයේ වදකයා සැබෑ මෙලේච්ඡයෙක් විය. වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා වන්නේ ඒ වදක පොලිස් උන්දෑ ය.
තමන් ගැටවර වයසේ බිය වැද්දූ "මිනිස් ඝාතකයාට"කොස්තාපල් පොලිස්පති තවමත් ඉන්නේ පරාණ බයෙන් බව අපට සිතේ.
මේ වන විට ආතක් පාතක් නැතුව රී ගෙන හත්පොලේ ගාගන්නා පොලීසියට, තව දුරටත් පිස්සු කෙලින්නේ නැතුව රාජකාරි කරන ලෙසට නියෝග කෙරෙන තීන්දුවක් ඊයේ (27) ගම්පහ මහේස්ත්‍රාත් වරයා ලබා දී තිබේ. එය බීබීසී වාර්තා කර තිබුණි.
ඒ මෙසේය.
"මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි මත නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේ ය."
එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු සංඛ්‍යාව වැඩි කර ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත ක්‍රියාත්මක වුවහොත් වසර 5ක කාලයක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ද ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, රට වැසියෙකුට පීඩාකාරී වන අන්දමට පොලිස් නිලධාරීන් නිස්සාරණ නඩු පැවරීමක් කර ඇතැයි තීන්දු කරමින් ඔහුට වන්දි ගෙවීමට මෙලෙස නියෝග කළේ ය.
ගම්පහ මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ, නඩු සංඛ්‍යාව වැඩි වීම යනු සැබවින් ම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව විදහා පෙන්වන්නක් බව ය.
එම නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට යොමු කරන ලෙස ද අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කළේ ය.
නිස්සාරණ නඩු පැවරීමකට යටත් කළ, දෙවලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය පවරා තිබූ නඩු දෙකෙන් ම ඔහු නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා නියම කළේ, ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව අදාළ වන්දිය ගෙවිය යුතු බව ය.
එක ම චෝදනාව යටතේ එක ම දිනයේ නඩු දෙකක්
2026 මැයි 06 වන දා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ අස්ගිරිය මංසන්ධියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා චාමර චතුරංග මාරසිංහ නමැත්තා ට එරෙහිව නඩුවක් පවරා තිබිණි.
එහි සාක්ෂිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසයේ පොලිස් සැරයෙන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු නම් කර තිබිණි.
විත්තිකාර චාමර චතුරංග නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අදාළ චෝදනාවලට වරද පිළිගැනීම නිසා දඩයක් නියම කෙරුණු අතර, තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව එම චෝදනාව යටතේ ම තවත් නඩුවක් කැඳවිණි.
පිස්සු ගෑණියෙක් පොලීසියේ ඔළුවට හුජ්ජ කර ඇති බව මෙයින් හොඳටම පැහැදිලිය.
දක්ෂිණ ලියනාරච්චි ✍️